About us

ස්ත‍්‍රීත්වයේ කැඩපත – ‘ඇය‘

ස්ත‍්‍රීවාදී දෘෂ්ටියකින් යුතුව, පවතින ලාංකීය සමාජ-ආර්ථික, දේශපාලන තත්ත්වයන් විග‍්‍රහ කර ගැනීමට වෙර දරන සඟරාවකි ‘ඇය’. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ පුළුල් කතිකාවතක් ගෙන එ්මේ අරමුණින් ප‍්‍රථමයෙන්ම 1994 වසරේදී ඉංග‍්‍රීසි බසින් පළ කළේ ‘ඔප්ෂන්ස්’ නම් සඟරාව පළ කරන ලදී. අනතුරුව 1996 වසරේ දී ‘ඇය’ සඟරාව ද 2004 වසරේ දී දෙමළ භාෂාවෙන් ‘සොල්’ නම් වූ සඟරාව ද ආරම්භ කොට, මේ දක්වා නොකඩවා එම සඟරා පළ කරගෙන එනු ලබයි.

ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික සමාජයක් ලෙසින් තේරුම් ගනිමින්, ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවයට සංවේදී වන ආකාරයෙන් විග‍්‍රහ කරගනිමින් ස්ත‍්‍රී අයිතීන් පිළිබඳ ලිපි රාශියක් මුද්‍රණයෙන්ම පළ වූ ‘ඇය’ ස්ත‍්‍රීවාදී ලේඛක පිරිසක් බිහිකිරීමේ මාවතකට ද අතපෙවීය. මෙතෙක් මුද්‍රණයෙන් හා අන්තර්ජාලය හරහා කියවිය හැකි නමුත් ප‍්‍රතිචාර දැක්විය නොහැකි ලියවිල්ලක් ලෙසින් පළ වූ ‘ඇය’ සඟරාවේ ලිපි හා බැඳි පුළුල් සාකච්ඡුාවක් හා ස්ත‍්‍රීවාදී කතිකාවක් නව මාධ්‍ය හරහා ගෙන එ්මේ බලාපොරොත්තුවෙන් ඊකදට අඩවියක් ලෙස මෙලෙස එළිදැක්වීමට අපි අපේක්‍ෂා කරමු.

ලාංකීය වැසියන් වන අපි, වර්තමානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳ නැවත විග‍්‍රහ කර ගත යුතු තත්ත්වයකට පත්ව සිටිමු. නව මාධ්‍ය ධනාත්මක ලෙස භාවිතා කරමින් එ් හරහා සමාජයේ යහපත් වෙනසක් තුළින් ස්ත‍්‍රී අයිතීන් සුරැුකෙනු දැකීමත් අරමුණු කරගනිමින් ඔබේ අදහස් හා නිර්මාණ සඳහා ආරාධනා කරමු.

ඇය සඟරාව
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය
56/1, සරසවි මාවත, කාසල් වීදිය. කොළඹ – 8
වැඩි විස්තර සඳහා : + 94-11-5632045/2690201/5635900
ෆැක්ස්: +94-11-2690192/ 2690201

Email : wmcsrilanka@gmail.com සහ

පිටපතක් siithroo.jayachithra@gmial.com වෙත එවන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s