මිත්‍යාකරණය වූ බෞද්ධයන් අතර සාධුකාර දෙන ස්තී‍්‍රන්

Sadukaraමිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප‍්‍රචාරය ශී‍්‍ර ලංකාවේ වඩාත් සාර්ථක වූ බැවින් දේවානම් පියතිස්ස රජුගේ සහෝදරයාගේ (මහානාග) බිරිඳ වූ අනුලා දේවියට භික්ෂුණී ශාසනයට ඇතුල්වීමේ අවශ්‍යතාව මත දේවානම්පියතිස්ස රජු විසින් අශෝක අධිරාජ්‍යයාගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස සංඝමිත්තා තෙරණිය ජයසිරි මහා බෝධීන්වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ද රැුගෙන ලංකාවට වැඩම කළාය. අනතුරුව සංඝමිත්තා තෙරණිිය විසින් අනුලා දේවිය ඇතුළු රාජකීය ස්ත‍්‍රීන් 500කට පමණ පැවිදි උපසම්පදාව දී භික්‍ෂුණී සසුන මෙරට ඇති කිරීමට පසුබිම සකස් කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

බුදු සසුන ශී‍්‍ර ලංකාව තුළ එලෙස ස්ථාපනය වූ අතර බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් දෙකක් බවට පත්වී තිබෙන බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේත්, ශී‍්‍ර මහා බෝධීන් වහන්සේත් මෙරටට රැගෙන පැමිණියේ ස්තී‍්‍රන් දෙදෙනෙකු වීම සුවිශේෂය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ මෙරට ගමන සිහි කරනු වස් දෙසැම්බර් මස පෝය දිනය සංඝමිත්තා දිනය ලෙස වෙන්කර පිංකම් පැවැත්වුව ද එතුමිය විසින් අපේක්‍ෂා කළ, රාජ්‍ය අනුග‍්‍රහය ලැබූ භික්‍ෂුණී ශාසනය වෙනුවෙන් අද කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම කණගාටුදායකය. එතුමිය විසින් ගෙන ආ ජය ශී‍්‍ර මහා බෝධි මලූවට යෑම ස්තී‍්‍රන්ට තහනම් වීම හාස්‍යජනකය.

පන්සලකට යන ස්ත‍්‍රියකට පිරිමියෙකුට නැති තහංචි තිබේ. දළදා මාලිගාවට යන බෞද්ධ ස්ත‍්‍රීන්ට පුරුෂයන්ට වඩා තහංචි තිබේ. හේමමාලා කුමරිය විසින් රැුගෙන ආ බව කියැවෙන දළදා වහන්සේට වතාවත් කිරීමට සහ පූජාවන් කිරීමට ස්ති‍්‍රයට තහංචි පනවා තිබේ.

තහනම් කලිසමෙන් බෝධිය වැඳීම මේ සත්‍ය සිදුවීමකි. මෙය සිදුවූයේ වසර 2000දීය. කලා ක්‍ෂේත‍්‍රයේ ජනපි‍්‍රය යෙහෙළියකට ලැබුණු විශේෂ අනුග‍්‍රහයක් නිසා ජයසිරි මහ බෝධීන් වහන්නේ වෙත සිවුරක් පූජා කිරීමට අප ගියේ රාත‍්‍රියකය. නා පිරිසිදුව සුදු වස්ත‍්‍රයෙන් සැරසී අප සියලූ දෙනා ම එකත්පස්ව සිටියේ එහි භාරකාර නායක ස්වාමීන් වහන්සේ වැඩම කිරීමෙන් පසු එහි යාමටය. ස්වාමීන් වහන්සේ පැමිණ අප හඳුනා ගැනීමෙන් අනතුරුව මා දෙස බලා ”මේ ළමයට යන්න දෙන්න බැහැ ඉහළ මළුවට” යැයි වදාළේ සාධාරණ හේතුවකින් තොරවය. මා වහා ඒ ඇයිදැයි විමසා සිටි විට ”සුද ඇන්දා වුණත් කලිසම සංවර ඇඳුමක් නොවන බැවින් ජයසිරි මහ බෝධීන් වහන්සේ අභියසට යාමට ඉඩදිය නොහැකි බව” වදාළේය. මම කලිසමක් සහ දණහිස් දෙකින් පහළ දක්වා සුදු කුර්තාවක් හැද සිටියෙමි. අසංවර කුමක්දැයි මට නොතේරුණ බැවින් කලිසම අසංවර වන්නේ කෙසේදැයි මම පෙරළා විමසුුවෙමි. හාමුදුරුවන් සහ මා අතර කෙටි සංවාදයක්් ඇතිවුණි. අවසන මා එහි කැටුව ගිය ජනප‍්‍රිය සිනමා නිෂ්පාදිකාවගේ හිතවතියක නිසා යන්නට දෙන්නම් යැයි කිවූ විට මම එය ප‍්‍රතික්ෂේප කොට මට ස්වාධීන අයෙකු හැටියට ජයසිරි මහ බෝධීන් වහන්සේ අභියසට ගොස් සිවුර පූජා කරන්නට අවස්ථාවක් දෙනවානම් පමණක් මම යන බව පැවසුවෙමි. අවසන මම ඉහළ මළුවට ගොස් ජයසිරි මහ බෝධීන් වහන්සේ වහන්සේට සිවුර පූජා කළෙමි. වාදයකින් පසුව කළ පූජාවට කලිසම නිසා සිදුවූ නිග‍්‍රහය හෝ අවැඩ කුමක්ද?

මෙවැනි ආකල්ප ගොඩ නැගුනේ කෙසේද? මෙවන් ආකල්ප තුළින් බෞද්ධ ස්ති‍්‍රයකට ඇතිවන මානසික පීඩනය කෙබඳුද? ජයිසිරි මහ බෝධීන් වහන්සේට එදා සිවුර පූජා කරන්නට බැරි වූවානම් මම කම්පා නොවෙමි. මම බෞද්ධයකු වුවත් ඇදහිලි කරන්නකු නොවන නිසාය. එහෙත් එතැන ඇඳුම පිළිබඳ ව ඇතිවූ විරෝධය නිසා ම ඒ බොරු මිත්‍යාව බිඳ දැමීම ම මගේ අරමුණ විය.
සංඝමිත්තා තෙරණියට රැගෙන එන්නට හැකි ජයසිරි මහ බෝධීන් වහන්සේ සමීපයට ගොස් වන්දනා මාන කරන්නට ස්ත‍්‍රියකට අද වනවිට නොහැකිව ඇත්තේ බෞද්ධ දර්ශනය ආගමක් බවටත්, ඇදහිල්ලක් බවටත්, මිත්‍යාවක් බවටත් පත්ව ඇති නිසාය.

බුදුන් වහන්සේ විසින් පැහැදිලිව පෙන්වා වදාරන ලද සමාජ විද්‍යාත්මක සත්‍යය අද වනවිට, වසර දහස් ගණනකට කලින් පැවැති අතිශය සම්ප‍්‍රදායික නොදියුණු බමුණු සමාජයේ ගතානුගතික අඳුරු මති මතාන්තරවල එල්ඹ ගත් ගුප්ත මිත්‍යාවෙන් පිරි, අධික භක්තියෙන් පිරි ආගමක් බවට පත්ව තිබේ. එහෙයින් වර්තමාන බෞද්ධ ආගමික ජන සමාජයේ ස්ත‍්‍රියට ඇත්තේ බුදුන් දවසට සාපේක්‍ෂව ඉතාමත් පහළ ස්ථානයකි.

බුදුන් වහන්සේ විසින් ස්ත‍්‍රීන් වෙත එදා ලබාදුන් ස්ථානය අද වනවිට අහෝසිව ඇත. අද වනවිට ලංකාවේ බෞද්ධ ස්ති‍්‍රය ද හතර පෝයට සිල් ගන්නා, ශීලය පිළිබඳ, නිවන පිළිබඳ භක්තියක් ආශාවක් ඇති කරගන්නා ලද බෞද්ධ දර්ශනය නොව, ආගම භක්තියක් කරගත් ඇදහිලි කරන පිරිසකි. ටෙලිවිෂන්වලින් බණ අහන, ජනප‍්‍රිය ධර්ම දේශකයන්ගේ බණට සාධු කාර දෙන අර්ථයට වඩා හැ`ගීම්වලින් මෙහෙයවනු ලබන පිරිසක් බවට පත්ව සිටින්නේ ඔවුන්ගේ වරදින් නොවේ. ඔවුන්ට ආගමක් ලෙස මෙය අර්ථකථනය කොට ඉදිරිපත් කර ඇති නිසාය.

නිවනට බාධා නොවූ ඔසප් වීම බෞද්ධ දර්ශනය අභිබවා ඉන්දියානු දේවවාදී සංකල්ප පිරි ආගමක් අද නිර්මාණය වී ඇත. දෙවියන් අබියස ස්තී‍්‍රන් කිළිටිය, කිල්ලට අහුවෙනවාය ආදී පැරණි දුර්මත අද බෞද්ධ ආගමික සමාජය පුරා තදින් තිබේ. ස්ත‍්‍රියකගේ මාසික ඔසප් දිනයේ පන්සලකට යාමට නොදී ඇයව වළකන තරමට බුදුන් වහන්සේගේ ධර්මය මිත්‍යාකරණය වී තිබේ.

මාසිකව ඔසප් වන ස්ත‍්‍රියකට නිවන් දකින්නට නොහැකියැයි බදුන්වහන්සේ වදාළේ නැත. උන් වහන්සේ ප‍්‍රජාපතී ගෝතමිය මහන වන්නට අවසර ඉල්ලූ විට ස්ත‍්‍රියකට මහනකමේ දී ඇතිවිය හැකි පීඩාවන් සහ දුෂ්කරතා අවබෝධ කර දුන්නේ එය දුෂ්කර ක‍්‍රියාවක් බැවිනි. සුව පහසු නැති ගල්ගුහාවල, ගස්යට සිටිමින් භාවනා කිරීමට සැප විහරණ ලද ස්ත‍්‍රියකට අසීරු බව පහදා දුනි. එහෙත් ප‍්‍රජාපතී ගෝතමිය සියලූ සුඛ විහරණ ඉවත දමා තමන්ට ඒ සියලූ දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි බව ක‍්‍රියාවෙන් ඔප්පු කර සිටියා පමණක් නොව නිවන් ම`ග සලසා ගන්නට තරම් ස්ත‍්‍රියකගේ සිත ශක්තිමත් බව ද ඔප්පු කර සිටියාය. එමග ගත් තවත් බොහෝ ස්තී‍්‍රහු සිටියහ. නිවට ඔසප් වීම බාධාවක් වූයේ නැත.

වර්තමානය වන විට භික්‍ෂුණී සාසනය මෙන්ම බෞද්ධ ස්තී‍්‍රන්ගේ තත්ත්වය ද පුරුෂයන් විසින් අරක් ගත් ඇදහිල්ල තුළ ගොදුරු බවට පත්ව ඇත. භෞතික කාරණාවලින් ගහන ආගමක්, ව්‍යාපාරයක් බවට පත්ව ඇති තත්ත්වයක් තුළ අර්ථ පූර්ණ බෞද්ධ ස්තී‍්‍රන් මෙන්ම බෞද්ධ ජනතාවක් ද අද දකින්නට නොමැත. මෙයට මූලික වශයෙන් ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික බලපෑම් හේතුවී තිබේ. වර්තමානයේ ජනප‍්‍රිය ධාරාවේ කටයුතුවලට ඉමහත් ඇල්මක් දක්වන, අධ්‍යාත්මික කාරණා වෙනුවට භෞතික කාරණා සඳහා ප‍්‍රමුඛත්වයක් දෙන තැනට බෞද්ධ විකාශය වී ඇත. නූතන ලෝකය තුළ සමාජය යන ආකෘතිය සහ එහි සන්දර්භය පුද්ගල ඒකක බවට පත්වෙමින් යන මොහොතක බෞද්ධ සමාජය, බෞද්ධ ස්ත‍්‍රිය යනු සංකල්පීය ප‍්‍රපංචයක් බවට පත්වීමේ අභියෝගයක් ද පවතී.

ලෝකයේ භෞතික දියුණුවත්, කාර්මික දියුණුවත් ඇති ධනවාදී රටවල ජනතාව මේ වනවිට පෙරදිග ජනතාවට වඩා බෞද්ධ දර්ශනය සොයා ලංකාවටත් වඩා තායිලන්තය වැනි රටවල් කෙරෙහි යොමු වෙමින් භාවනා කරමින්, ධර්මය, දර්ශනය හදාරමින් එය ලොව පුරා ප‍්‍රචලිත කරමින් සිටී. එසේ තිබියදී ලාංකීය සමාජය තුළ ස්ත‍්‍රි‍්‍රී ලිංගිකත්වය බෞද්ධ සමාජය තුළ පමණක් නොව සමස්ත සමාජ කාරණා තුළ දී බාධාවක් කොට ගෙන සිටින්නේ ආගම ද, සමාජය ද, සංස්කෘතිය ද සියල්ල පුරුෂ මූලිකව ඇති නිසාය.

බෞද්්ධ භික්‍ෂුණියක් බණකට ආරාධනා ලබන්නේ නැත. ධර්ම දේශනාවන් සඳහා මාධ්‍ය ආයතන තුළිින් හෝ කැඳවීමක් කරන්නේ නැත. බෞද්ධ භික්‍ෂුණීන්ට පන්සල් නැත. ඇත්තේ ආරාම පමණි. බෞද්ධ භික්‍ෂූන් ලබන වරප‍්‍රසාද දසසිල් මෑණිවරුන්ට මෙන්ම භික්ක්‍ෂුණීන්ට ද අහිමිය. බෞද්ධ ජනතාව පංච ශීලයෙහි පිහිටුවීමට භික්‍ෂුණියකට ලැබෙන ඉඩ අල්පය. භික්‍ෂුණී ශාසනය පිහිටුවා ඇතත් පිළිගැනීමක් නැත.

මෙවන් පසුබිමක බෞද්ධ සමාජය තුළ ස්ත‍්‍රියගේ භූමිකාව වන්නේ සිල් ගැනීම, උවැටන් කිරීම, ආහාර පිසීම, දාන මානාදිය සැකසීම සාධුකාර දීම ආදී දේය.

සාධුකාර දී සෑහීමට පත්වීම

සාමාන්‍ය බෞද්ධ සමාජය තුළ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය එසේ වනවිට ධනවත් බලවත්, ජනපි‍්‍රය ස්තී‍්‍රන්ට තහංචි බලපාන්නේ නැත. එවැනි ව්‍යාපාරික ස්තී‍්‍රන්ගේ කළු සල්ලි සුදු කිරීමේ උපක‍්‍රමයක් ලෙස බෞද්ධ ආගම භාවිතා කරන අයුරු දැක ගත හැකිය. ඔවුනට දළදාව දකින්නට, ශී‍්‍ර මහා බෝ සමිදු දකින්නට බෞද්ධාගම රකින අයගෙන් තහනමක් නැත.

වර්තමානයේ බෞද්ධයන් මෙන්ම බොහෝ ආගම් භක්තිකයන් සිය ආගමික ශාස්තෘන් සිහි කරමින් වන්දනාමාන කරමින් ඉල්ලා සිටින්නේ තමාගේ අපල උපද්‍රව දුරුකොට භෞතික සැප විහරණ මෙන්ම දරුවන්ගේ විභාග සමත් කරවීම, ක‍්‍රීඩා ජය ලබාදීම ආදී වශයෙන් වූ අතිශය පෞද්ගලික දේවල්ය. බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් මංගල්ලය අද වෙසක් කානිවල් එකක් බවට පත් කර ඇත. මාධ්‍ය ආයතන මගින් විවිධ ධාතූන් වහන්සේලා වඩම්මා වෙසක් කලාප පිහිටුවා බෞද්ධ ජනතාව තව තවත් අඳුරට මිත්‍යවට ඇද දමමින් තිබේ.

මේ සමස්ත කාරණා සැළකිල්ලට ගත්විට පිරිසිදු බෞද්ධ සමාජය අද වියැකී ගොස් වාණිජකරණයේ ගොදුරක් බවට පත් මිත්‍යා ඇදහිලිවලින් ගහන ආගමක් ස්ථාපිතව තිබේ. මේ වාණිජකරණය වූ බෞද්ධ සමාජය තුළ බෞද්ධ ස්ත‍්‍රිය පත්ව ඇත්තේ බෝධියක් අසලට ගොස් දරුවන්ගේ, සැමියන්ගේ, පවුලේ සුඛ විහරණ වෙනුවෙන් පූජාවන් පවත්වන, තම දුක් අඳෝනාවන් පවසා සිත සැහැල්ලූ කරගන්නා තත්ත්වයකටය. ජයසිරි මහ බෝධිය පිහිටි උඩ මළුවට යන්නට, අයිතියක් දන්ත ධාතූන් වහන්සේ දැක ගන්නට පූජා පවත්වන්නට ඉඩක් නැති ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රහු බෞද්ධ නාමයෙන් ධාතු පෙන්වන පෝලිම්වල, පුද පූජා පිංකම්වල සාධුකාර දෙමින් සෑහීමට පත්වෙති.
ධනවාදී ආර්ථික ක‍්‍රමය තුළ දේශපාලනීකරණය වෙමින් ආගම හුදු සංදර්ශනීය වාණිජ්‍යමය ස්වරූපයක් උසුලනවිට අධ්‍යාත්මික හරයන් විනාශ වී එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා වෙනුවෙන් ලඝු වූ එකක් බවට පත් වී ඇත. වර්තමාන බෞද්ධ සමාජය යනු නාමකරණයක් පමණි. ඒ තුළ බෞද්ධ ස්ත‍්‍රිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පන්සල් යන බෝධිය වඳින පිරිසක් පමණය. එහෙයින් බෞද්ධ ජනතාව නිවනින් බොහෝ ඈතය.

මනෝහාරී හේවාවසම්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s