උස් පහත් නැති දේව රාජ්‍යයක ස්තී‍්‍ර භූමිකා ජයග‍්‍රහණ සහ අභියෝග

ස්ති‍්‍රය රටේ ඇස මෙනි’’ යනුවෙන් දෙමළ කියමනක් ඇත. එමෙන්ම මාතෘත්වය අර්ථ ගන්වන මව් රට සහ ලක් මෑණියන් යනුවෙන් අපගේ භූමිය හඳුන්වනු ලබයි. ආසියාවේ බිහිවූ ආගම් ස්තී‍්‍ර විමුක්තිය ඇතුළත්ව බිහිවී ඇත. උදාහරණයක් ලෙස හින්දු බ‍්‍රාහ්මණ ආගම තුළ තිබුණා වූ ස්තී‍්‍ර වහල්භාවයෙන් ඔවුන් මුදවා ගැනීම පිණිස, බෞද්ධ ධර්මය බිහිවී ඇත. යුදෙව් ආගම තුළ තිබුණා වූ ස්තී‍්‍ර වහල්භාවයෙන් ඔවුන් මුදවා ගන්නට කි‍්‍රස්තුස් වහන්සේගේ පැමිණීම සිදු වී, කිතුණු ආගම බිහිවූ බව මහාචාර්ය චන්ක් පවසයි. මේ ආකාරයෙන් බලන විට ජනතාවට වහල් කමින් මිදීම සඳහා ආගම ඔවුන්ගේ ජීවිතවලට බොහෝ ආකාරයෙන් බලපා ඇත.

ජේසුස් වහන්සේට පෙර

දෙවියන් වහන්සේ ස්ත‍්‍රිය සහ පුරුෂයා තමන්ගේ ස්වරූපයෙන් මැවූ බව ශුද්ධ වූ බයිබලයේ, උප්පත්ති පොතේ 1:25-26 දක්වා පදයන්හී සඳහන් වේ. දෙවියන් වහන්සේ ස්ත‍්‍රිය සහ පුරුෂයා එක ම සමානත්වයෙන් සහ නිදහස්භාවයෙන් යුතුව මවන ලදී. එසේම ජේසුස් වහන්සේගේ උප්පත්තියේ දී ස්ති‍්‍රයගේ වැදගත්කම සහ මැදිහත්කාරකම ශුද්ධ වූ මතෙව්තුමාගේ සුවිශේෂයේ 1:18-25 දක්වා ඇති කොටසින් අපට ඉස්මතු කර ගත හැකිය. එලෙසින් ම ජේසුස් වහන්සේගේ සේවයේ දී සිය සම්පත් කැප කර, උන්වහන්සේට උපස්ථාන කළ බොහෝ ස්තී‍්‍රන් සිටි බව ශුද්ධ වූ බයිබලයේ ලූක්තුමාගේ සුවිශේෂයේ 8:1-3 දක්වා සදහන් වේ. එකල යුදෙව් සමාජයේ ස්ති‍්‍රයට තිබුණේ ඉතාමත් පහත් තත්ත්වයකි. විශේෂයෙන් යුදෙව් ආගම ගෙනහැර බැලීමේ දී යුදෙව් රබ්බීවරු දිනපතා උදෑසන, ‘‘ස්වාමිනී ඔබ මාව ස්ති‍්‍රයක් සහ සුනඛයෙක් නොකර මැවීම ගැන ස්තුතියි’’ යනුවෙන් යාච්ඤා කර ඇත. මෙනයින් යුදෙව් ආගම තුළ ස්ති‍්‍රයට හිමි කර දී තිබූ තත්ත්වය පිළිබදව අපට මනාව අවබෝධ වේ. එලෙසින් ම ගී‍්‍රක ආගම දෙස බැලීමේ දී පිරිමින්් තමන්ට දරුවන් හදා ගැනීම හා තම සතුට සදහා, භාර්යාවන් සහ උප භාර්යාවන් තබාගෙන ඇති බව කියැවේ. රෝම සංස්කෘතිය දෙස බැලූ කල ද එකල ගැහැණු දරුවකු මෙලොව එළිය දුටු විට, තම පියා ඇය වඩා ගතහොත් පමණක් ඇයට ජීවත් වීමේ වරප‍්‍රසාදය හිමිවේ. මේ තත්ත්වයන් පිළිබදව සැලකීමේ දී ස්ති‍්‍රයට එකල හිමිවූ ස්ථානය පිළිබදව මනා අවබෝධයක් අපට ලබාගත හැකිය.

ස්තී‍්‍රන්ට වටිනාකමක් දුන් ජේසුතුමා

ඉහත අප සදහන් කළ සමාජ ව්‍යුහයන් පැවැති සමයේ දී කිතුණු දහමේ මුල් බීජය වූ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ ස්ති‍්‍රයගේ විමුක්තිය උදෙසා පෙනී සිටින්නට විය. එම යුගය වන විට පියෙකු තම දියණියට ව්‍යවස්ථාව (බයිබලයේ පරණ ගිවිසුමේ නීති රීති* ඉගැන්වීම යනු, ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම හා සමාන කර තිබුණි. මෙම මතවාදය හේතුවෙන් ස්ති‍්‍රයට ව්‍යවස්ථාව ඉගෙනීමට නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබිණි. එවන් සමයක ජේසුස් වහන්සේ එම මතවාදයන් බිඳ හෙළමින් මරියා වැනි ස්ත‍්‍රීන්ට ව්‍යවස්ථාව ඉගැන්වූ බව ශුද්ධ වූ ලූක් තුමාගේ සුවිශේෂයේ 10:38-42 දක්වා කොටසෙහි සඳහන් වේ. එලෙසින්ම ජේසුස් වහන්සේ ප‍්‍රසිද්ධියේ සාමාරිය ස්ත‍්‍රීන් සමග සාකච්ඡුාවේ යෙදුණ බව ශුද්ධ වූ ජොහාන්තුමාගේ සුවිශේෂයේ 4:1-42 දක්වා කොටසෙහි සඳහන් වේ. මේ උදාහරණ තුළින් ස්තී‍්‍ර වහල්කමට එරෙහිව ජේසුස් වහන්සේගේ කි‍්‍රයා කර ඇති බව අපට මනාව පිළිබිඹු වේ.

එමෙන්ම පිරිමින්ට පමණක් දික්කසාදය ලබා ගැනීමට අයිතියක්ව තිබුණු ඒ යුගයේ, ඊට ප‍්‍රතිවාදී වෙමින් ස්තී‍්‍රන් සඳහාත් එසේ ම සිදු කළ හැකි බව ජේසුස් වහන්සේ පෙන්වාදුන් අතර, යුවලක් දික්කසාද නොවී ජීවත් වීම දේව කැමැත්ත බව ද අවධාරණය කළහ. එනම් ශුද්ධ වූ මාක් සුවිශේෂයේ 10:2-10 දක්වා මෙය පැහැදිලිව සදහන් කරන අතර, ”එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා විසින් වෙන් නොකෙරේවා” යනුවෙන් වදාළ බව සඳහන්ය. එපමණක් ද නොව එකල නමස්කාරයේ දී ස්තී‍්‍රන්ගේ පඬුරු පිළිනොගන්නා ලදී. ඊට හේතුව ස්ති‍්‍රය එදා සමාජයේ තුට්ටුවකට මායිම් නොකිරීම හා ඔවුන් දෙවන පන්තියේ ලා සැලකීමයි. මෙවැනි වාතාවරණයක් තුළ ජේසුස් වහන්සේ දුප්පත් ස්ති‍්‍රයකගේ පඬුර ඉතා ම ශ්‍රේෂ්ඨ පඬුරක් ලෙස ජනතාවට පෙන්වා දෙන ලදී (ලූක් තුමාගේ සුවිශේෂයේ 21 වන පරිච්ෙඡ්දය). මෙලෙස ස්ත‍්‍රිය කොන්කර තිබූ තත්ත්වයක දී, මරණයෙන් උත්ථාන වූ ජේසුස් වහන්සේ ප‍්‍රථම වතාවට මග්දලායේ මරියා වන ස්ති‍්‍රයට දර්ශනය වීමෙන් ස්ති‍්‍රයගේ තත්ත්වය වඩා උසස් හා වටිනාකමින් යුත් බව පෙන්වා දෙන ලදී.

දහම ආරම්භ වන විට ස්ති‍්‍රය අතුරුදහන් වීම

Rev. Seetha Marasinghe

Rev. Seetha Marasinghe’s

ජේසුස් වහන්සේ ස්තී‍්‍ර හිංසනයට විරුද්ධව බොහෝ කටයුතු කර තිබුණත්, කිතුණූ ආගම ආරම්භ වූ මුල් සමයේ, එනම් කි‍්‍ර:පූ 50 වෙනි වකවානුවේ, මුල් සභා ඉතිහාසයේ සභාවේ ස්තී‍්‍රන්ට කතා කිරීමට තහනම් කර, ඔවුන් දුර්වලයැයි පවසමින් ඔවුන්ගේ පෞරුෂත්වයට විරුද්ධව කි‍්‍රියා කිරීමට කටයුතු කරන ලදී. එලෙසින්ම 1 කොරෙන්ති 15:1-9 දක්වා සඳහන් වන්නා වූ කොටසේ ශුද්ධ වූ පාවුල්තුමා ජේසුස් වහන්සේගේ උත්ථාන වීම පිළිබදව කතා කරයි. එම උත්ථාන වීමේ දී ජේසුස් වහන්සේ මනුෂ්‍යයාට දර්ශනය වූ ආකාරය ගැන සහ දර්ශනය වූ අය පිළිබදව ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. නමුත් මෙම ලයිස්තුවේ මග්දලාය මරියා පිළිබදව සඳහන් වී නැත. මේ තුළින් ස්ත‍්‍රිය වෙත වෙනස්කම් කිරීමේ එක් පැතිකඩක් අපට දකින්නට ලැබේ. කෙසේ වෙතත් මෙලෙස මුල් වකවානුවේ පාවුල්තුමා ස්ත‍්‍රීන් ගැන වැරදි සිතුවිල්ලක් තබාගෙන තිබුණත් පසු කාලීනව එතුමාගේ ඇතුලාන්තය තුළ ද යම් ආකාරයේ සිත්හැරීමක් අපට දකින්නට හැකිවේ. එබැවින් අරම්භයේ විවාහයට විරුද්ධව කථා කළ පාවුල්තුමා පසු කාලීනව සැමියා සහ බිරිඳගේ සම්බන්ධතාවය, කි‍්‍රස්තුස් වහන්සේටත් සභාවටත් සම්බන්ධ කරමින් අදහස් දක්වයි. එපමණක් නොව කි‍්‍රස්තුස් වහන්සේ තුළ පිරිමි ගැහැණු භේදයක් නැති බව ගෙනහැර දක්වයි. (ගලාති 3:28)

Rev Mihiri de Silva

Rev Mihiri de Silva

මුල් සභාවේ 2 වෙනි සහ 3 වෙනි ශත වර්ෂවලට පැමිණෙන විට මොන්ටේනියස් යන සභා සේවකයකුට, මක්සිල්ලා සහ පි‍්‍රසිලා යන අය සිටි බව සඳහන් වන අතර, ඔවුන් එක්ව සේවය කළ බව කියවේ. එමෙන්ම කි‍්‍ර:පූ 1 වෙනි ශත වර්ෂයේ සිට 4 වන ශත වර්ෂය දක්වා පැවති පීඩා සමයේ දී, පිරිමින් පමණක් නොව ස්තී‍්‍රන් ද වේද සාක්ෂිකයින් ලෙස මරණයට පත් වූ බව සදහන් වේ.

වර්තමාන ජයග‍්‍රහණ හා අභියෝග

20 වන ශත වර්ෂය ආරම්භයේ දී ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න පටන්ගත් කාලයක්

Rev malini Devanande

Rev malini Devanande

වේ. එනම් සමාජ, ආර්ථික, දේශපාලන, සහ සංස්කෘතික හේතූන් කරණකොට ගෙන හිංසනයට පත්වූ ස්තී‍්‍රහු තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬනගන්නට පටන් ගත්හ. විශේෂයෙන් සභාවත් මෙම අරගලයන් හා එක්විය. එමෙන්ම ස්තී‍්‍රන් දේව ධර්ම අධ්‍යාපනය සදහා යොමුවිය යුතුයි යන චින්තනය 1981 දී ඉස්මතු විය. පළමුව ස්තී‍්‍ර දේවධර්ම ශිෂ්‍යාවක් හැටියට ගරු මිහිරි ද සිල්වා පූජකතුමිය ලංකා දේව ධර්ම ශාස්ත‍්‍රාලයට ඇතුළත් වූ අතර, එතුමිය මෙතෝදිස්ත සභාවේ පළමු ස්තී‍්‍ර පූජකත්වය ලැබු තැනැත්තිය බවට පත්විය. ඉන්පසු මෙතෝදිස්ත සභාවේ එදා මෙදා තුර බොහෝ ස්තී‍්‍රන් දේව ධර්ම ශාස්ත‍්‍රාලයේ, දේව ධර්ම අධ්‍යාපනය හදාරා පූජකතුමියන් ලෙස සේවය කරනු ලබයි. මෙතෝදිස්ත සභාවේ ස්තී‍්‍රන් උදෙසා පූජකත්වය ලබා දිය යුතුයැයි යෝජනාව 1979 දී ගරු වෙස්ලි අරියරාජා පියතුමන් විසින් සභාවට ඉදිරිපත් කරන ලදී. පූජකතුමියන් ලෙස අලේපය ලබා දැනට අවු 30 කට අධික කාලයක් ගෙවී ඇත. ආරම්භයේදී ස්තී‍්‍රන්ට පූජකවරය දීමට එරෙහිව බොහෝ විරුද්ධතා පැන නැගුණත් පසු කාලීනව මෙම තත්ත්වයන් තරමක් දුරට සමහන් වී ඇත.

ලංකා සභාව දෙස බලන කල, කොළඹ දියෝකීසියේ 1992 දී ස්තී‍්‍රන් පූජකත්වයට පත්කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර තිබුණත් එය යථාර්ථයක් වූයේ 2006 වසරේ දීය. එනම් පළමු පූජකතුමිය ලෙස ගරු මාලනී දේවානන්ද පූජකතුමිය එම වසරේ දී පූජක පදවියට පත්වන ලදී. කුරුණෑගල දියෝකීසියේ ද දීර්ඝ සංවාදයකට පසුව 2011 වසරේ ස්තී‍්‍ර පූජකත්වයට ඉඩ ප‍්‍රස්ථාව හිමි විය. විශේෂයෙන් ගරු සීතා මාරසිංහ පූජකතුමිය එම දියෝකීසියේ පළමු ස්තී‍්‍ර පූජකත්වය ලබා ගන්නා ලදී. බැප්ටිස් සභාවේ පළමු ස්තී‍්‍ර පූජකවරිය ලෙස ගරු රංජනී ලියනාරචිචි පූජකතුමිය පූජකත්වය ලබාගන්නා 2001 වසරේ දීය. කතෝලික සභාවේ ද ස්තී‍්‍ර පූජකත්වය පිළිබදව කතාබහට ලක්වෙමින් පවතී.

Rev Ranjanee Liyanarachchi

Rev Ranjanee Liyanarachchi

20 වන ශත වර්ෂයේ ස්තී‍්‍රන් ආලේපය ලබා ගත්තත් තවමත් උසස් තනතුරු කරා යාමේ දී පුරුෂාධිපත්‍යයට බර වන සභාව තුළ මහත් අපහසුතාවයන්ට මුහුණ දේ. සමහර සභාවන් තුළ පූජකවරියන් දේශනා කිරීම පිළිබදව පවා අඩු කැමත්තක් පවතින අතර, පල්ලියේ අල්තාරයට ඇතුල්වීමට, සුභාරංචිය කියවීමට පූජකවරියන්ට තවමත් ඉඩ කඩ ඇහිරී ඇති තත්ත්වයක් පවතී.

අද සභාවල මානව අයිතිවාසිකම් ගැන කතා කරන නමුත්, සභා තුළ තිබෙන ස්තී‍්‍ර අයිතීන් උල්ලංඝනයන් ගැන කතා කිරීම අඩු තත්ත්වයක් පවතී. සභාව තුළ තිබෙන්නට අවශ්‍ය විශේෂ ගුණාංග වලින් එකක් නම් කතෝලික යන සංකල්පයයි. මෙහි අර්ථය සභාව කුමන රටකට, කුමන ජාතියකට, කුමන භාෂාවකට, කුමන සංස්කෘතියකට, කුමන ස්තී‍්‍ර-පුරුෂභාවයකට පමණක් අයිති දෙයක් නොවේ යන්නය. ඒ සියලූ දෙනාට ම අයිති දෙයක් වන බවය. මෙවැනි ගුණාංගයක් සභාව තුළ ඉස්මතුවෙයි ද යන්න තවමත් ප‍්‍රශ්නයක්ව පවතී. මතෙව් තුමාගේ සුවිශේෂයේ 8:11 හි ”පෙර අපර දෙදිගින් අවුත් දේව රාජ්‍යයයේ අසුන් ගන්නෝ”ය යනුවෙන් සඳහන් වේ. එනිසා දේව රාජ්‍යය සදහට ම, සැමට ම අයිති රාජ්‍යයක් වේ. එහි කිසිඳු උස් පහත් භේදයක් නැත. මෙවැනි අලූත් යුගයක් කිතුණු සභාව තුළ ස්තී‍්‍රන්ට කවදා උදාවේ ද?

ගරු වත්සලා සෙනෙවිරත්න පූජකතුමිය
ලංකා සභාව, කුරුණෑගල දියෝකීසිය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s