ඇය ඔබ හමුවේ තබන අභියෝගය

Anatomy of a Kidnappingමෙවර ‘ඇය’ සඟරාවේ තේමාව ‘ස්ත‍්‍රිය සහ ආගම’ බවට අප විසින් තීරණය කර අවසන් වනවාත් සමඟම නයිජීරියාවේ ඊසාන දිග ප‍්‍රදේශයේ වෙසෙන අන්තවාදී ආගමික සංවිධානයක් වන බොකෝ හරාම් සංවිධානය විසින් බොර්නෝ ප‍්‍රාන්තයේ රජයේ පාසලක ඉගෙනුම ලැබූ දැරියන් 276 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීම වාර්තා විය. බොකෝ හරාම් බටහිර අධ්‍යාපන ක‍්‍රමයට විරුද්ධ අතර විශේෂයෙන් ම ගැහැණු දැරියන්ගේ ඉස්ලාමීය නොවන අධ්‍යාපනයට විරුද්ධය. බොකෝ හරාම් කියා සිටිනුයේ නියිජීරියානු රජය සම්ප‍්‍රදායික ඉස්ලාමීය අධ්‍යාපනයට මැදිහත් වීම නවත්වන තෙක් ඔවුන් පැහැර ගැනීම් සහ මිනීමැරීම් ඇතුළු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල යෙදෙන බවය. ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලබා නොදිය යුතු අතර ඔවුන්ව විවාහ කර දීම හෝ ගෘහස්ථ හෝ ලිංගික වහලූන් ලෙස තබාගත යුතු බව බොකෝ හරාම් සංවිධානයේ මතයයි. මෙම සිදුවීම පැහැදිලිව ම ස්ත‍්‍රීන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අත් විඳීමට ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමට ආගම සහ සංස්කෘතිය යොදාගත් අවස්ථාවකි. මෙවැනි බාධක ලොව පුරාම විවිධ මට්ටමින් සහ විවිධ අයුරින් දක්නට ලැබේ.

සංස්කෘතිය සහ ආගම අප බොහෝවිට කොටස් දෙකක් ලෙසට සැලකුව ද පුළුල් ලෙසට ගත් විට ආගම යනු සංස්කෘතියෙහි ම කොටසකි. එය සංස්කෘතියෙහි එක් සංඝටකයක් ලෙසට ද හැඳින්වීමට පුළුවන. ස්ත‍්‍රීන්ගේ නිදහස සහ මානව අයිතීන්වලට තහංචි දැමීම සඳහාත් පුරුෂාධිපත්‍යයික සංස්ථා සවිමත් කිරීමට සහ පවත්වාගෙන යෑම සඳහාත් සංස්කෘතිය මෙන්ම ආගම උපයෝගී කරගනී. එමෙන්ම විවිධ භාවිතයන් නීති බවට පත් කිරීම සඳහා ද ආගම උපයෝගී කර ගනු ලැබේ. බොහෝ රටවල්වල මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ද විවාහය, දික්කසාදය සහ දේපොළ අයිතිය සම්බන්‍ධයෙන් පවතින නීති ආගමික හරයන් මත පදනම් වී තිබේ. එමඟින් පුරුෂ මූලික සම්මතයන් සහ භාවිතයන් ස්ත‍්‍රීන්් මතට ආරෝපණය වීම පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප දැනුමකි.

බොහෝ ආගමික ආයතන ආගමික මතවාද සහ භාවිතයන් තුළින් ස්ත‍්‍රියක් සෑම විට ම මවක් සහ ගෘහණියක් යන භූමිකාවලට කොටු කරනු ලබන්නේ එය ඔවුන්ගේ මූලික කාර්යභාරය ලෙසට හුවා දක්වමිනි. සමාජ සහ ආර්ථික දියුණුවත් සමඟ වර්තමානයේ ස්ත‍්‍රීන් දේශපාලනික සහ ආර්ථික ක්‍ෂේත‍්‍රයන්හි විශාල වැඩකොටසක නියැලෙමින් සිටී. එනමුත් ස්ත‍්‍රීන්ව විවාහය සහ පවුල යන සංස්ථා තුළ ඇති රාජකාරීවලට සීමා කිරීමට සහ ලිංගික ස්වායත්තතාවය භුක්ති විඳීමට ඉඩ නොදීම සඳහා ආගම සහ සංස්කෘතිය යොදා ගනු ලැබේ. බොහෝවිට ආගමික පූජකයන් ඔවුන්ගේ දේශනාවලදී ස්ත‍්‍රිය නරක බිරිඳක් ලෙසට නම් කරමින් හෝ ඔවුන්ගේ ඇඳුම් පිළිබඳ විවේචනය කරමින් බැන වදිනු ලබන්නේ ද මේ ආකල්ප තුළ පිහිටාගෙනය. එ් නිසාම මෙමගින් ස්ත‍්‍රීන්ට සාර්ථක අන්දමින් දේශපාලනය හෝ ආර්ථික වශයෙන් සමාජය නියෝජනය කිරීමට ඇති අවස්ථාවන්ට බාධා ඇතිවේ.

ආගම හෝ සංස්කෘතිය මුවාවෙන් කෙරෙන බොහෝ කි‍්‍රයාකාරකම් මගින් ස්ත‍්‍රීන්ගේ මානව අයිතිවාසිකම්වලට සීමා පමුණුවනු ලබන අතර එමගින් පුරුෂාධිපත්‍යයික සංකල්ප සමාජගත කරනු ද ලැබේ. පුතුන්ට මුල්තැන දීම, විවාහය සඳහා ¥වරු විකිණීම, ළමා මනමාලියන් ලෙසට ඔවුන්ව බලහත්කාරයෙන් විවාහ කරදීම, දෑවැදි දීම අනිවාර්ය කිරීමටත්, ¥වරුන්ට පුතුන්ට වඩා අඩු උරුමයක් ලබාදීම, ස්වාමියාට ඉඩම් සහ මුදල්වල බලය පවරන විවාහ, විවාහය තුළ සිදුවන ලිංගික ¥ෂණය සහ ඇඳුම්-පැළඳුම් පිළිබඳව පනවන නීති ආදිය මෙයට අයත් වේ. මෙම කි‍්‍රයාවන් මගින් ස්ත‍්‍රියකට තමා පිළිබඳව තීරණයක් ගැනීමට ඇති අයිතිය සහ මානවයෙකු ලෙස ස්වාධීනව ජීවත් වීමට ඇති අයිතියට බාධක පමුණුවනු ලැබේ.

‘ඇය’ සඟරාව, ආගමට හෝ ආගම ඇදහීමට විරුද්ධ නැත. නමුදු ආගමේ නාමයෙන් ස්ත‍්‍රීන්ට එරෙහිව බොහෝ වෙනස්කොට සැලකීම් සිදුවන බව අපි අවධාරණය කරන්නෙමු. ස්ත‍්‍රීන්ට මානව හිමිකම් භුක්ති විඳීමට නොහැකි වන ආකාරයට, ආගම මුවාවෙන් ඔවුන්ට එරෙහිව සිදු කරන වෙනස්කොට සැලකීම් අනුමත කිරීමට හෝ අනුබල දීමට විරෝධය පළ කර එය අභියෝගයට ලක් කළ යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15(1) වගන්තිය මගින් සෑම තැනැත්තෙකුට ම මත දැරීමේ සහ තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම ඇත්තේය.

කෙසේ නමුත් අද වන විට ශ‍්‍රී ලංකාවේ ජීවත් වන අපට බොදු බල සේනා වැනි කණ්ඩායම් මගින් පතුරුවන ප‍්‍රචණ්ඩත්වය සහ ආගමික නිදහස සීමා කිරීම අත්විඳීමට සිදු වී ඇත. බොදු බල සේනා සංවිධානය තමන්ව ‘ජාතිවාදී’ සහ ‘ආගම්වාදී’ යනුවෙන් හඳුන්වන භික්‍ෂුවකගේ නායකත්වයෙන් යුක්තය. මුස්ලිම් සහ කි‍්‍රස්තියානි භක්තිකයන්ට ඔවුන්ගේ ආගම නිදහසේ ඇදහීමට, මෙම සංවිධාන බාධා පමුණුවමින් සිටී. ජුනි 14-16 යන දින තුළ දී අලූත්ගම සහ බේරුවලදී සංවිධානාත්මක කණ්ඩායම් විසින් ඇති කරන ලද ප‍්‍රචණ්ඩත්වය මෙහි ප‍්‍රතිඵලයකි. මෙය අත්විඳීමට සිදුවූ මුස්ලිම් ජනතාව විසින් එය 1983 දෙමළ ජනයාට එරෙහිව දියත් කරන ලද ප‍්‍රචණ්ඩත්වයට සමාන කරමින් එය ‘කළු ජුනිය’ යනුවෙන් නම්කර ඇත. පැවති අසහනකාරී තත්ත්වය යටතේ, ඇඳිරි නීතිය මධ්‍යයේ බොදු බලසේනා සංවිධානයට අළුත්ගම දී සංවිධානාත්මක ලෙස එ්කරාශී වීමට ඉඩදීම සහ නීතිය කි‍්‍රයාත්මක කරන බලධාරීන්ට ද ඇතිවුණු ප‍්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට නොහැකි වීම ඉතාමත් ම භයානක ප‍්‍රවණතාවයක් බව අපගේ විශ්වාසයයි.

පෞද්ගලික සහ පොදු ආගමික උත්සවවල දී, පන්සල්වල දී, නිවෙස් තුළ සිදුකරන ආගමික දේශනවලදී සහ අන්තර්ජාල මාධ්‍ය මගින් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වගකීම් රහිතව කෙරෙන ද්වේශ සහගත ප‍්‍රකාශ, ආගමික නිදහස මුවාවෙන් දිගින් දිගට ම වැඩිවන ආකාරය අද යථාර්ථයයි.
මෙම නැඹුරුතාවය රජය විසින් පාලනය නොකිරීම ඉතාම භයානක වගකීම් රහිත තත්ත්වයක් වන අතර එය මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව සිදුවන මහා විනාශයක් දක්වා යාමට හැකියාවක් ඇත. ආගම තව තවත් දේශපාලනීකරණය වීම සහ දේශපාලන ලාභ ප‍්‍රයෝජන සඳහා ආගමික නායකයින් යොදා ගැනීම අද තවත් භයානක යථාර්ථයකි. මෙය පසුගිය මස පැවැත්වුණු ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද අපට දැක ගත හැකි විය. 2002 ගුජරාටයේ සිදුවූ මුස්ලිම් ඝාතනවලට වගකිව යුතු නරේන්ද්‍ර මෝදිගේ සහ භාරත ජනතා පක්‍ෂයේ ජයග‍්‍රහණය මෙය බොහෝ දුරට පිළිබිඹු කරයි. පටු දේශපාලනික අරමුණු ළඟා කර ගැනීම සඳහා ආගම මුවාවෙන් සිදුකරන ප‍්‍රචණ්ඩකාරී දේශපාලන කි‍්‍රයා වළක්වන්නේ කෙසේද යන්න අද ලංකාවේ අපට ඇති ප‍්‍රධාන අභියෝගයයි. යුද්ධයකට පසු ජාතික සමගිය ගොඩනැගීමට නම් ලාංකික අපට උරුම වුණු බහු-ආගමික, බහු-වාර්ගික සහ බහු-විධ සමාජය විනාශ නොකොට ආරක්‍ෂා කර ගත යුතුව ඇත.
කුමුදිනී සැමුවෙල්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s