ශාස්තෘවරුන් වැඩි හින්දුවාදය තුළ පීතෘමූලික ලෝක දැක්ම

Seetha Photographs Dec 26 2004 060විශ්වාස පද්ධතීන්, දර්ශනවාද, වත්පිළිවෙත් හා භාවිතාවන් සමුදායක් සහිත හින්දුවාදය එක් ඓතිිහාසික යුගයකට අයත් බවක් හෝ මූලික චින්තනමය එකඟතාවක් පළ නොකරන අතර, ශී‍්‍ර ලාංකික පසුබිම තුළ එකිනෙකට වෙනස්කම් සහිත හින්දු භාවිතාවන් තුනක් කි‍්‍රයාත්මක වේ. ශිව දෙවියන් ප‍්‍රමුඛ ශෛවසිද්ධාන්ත දර්ශනවාදයකට ශී‍්‍ර ලංකාවේ උතුරුකරයේ හින්දූන්ගේ දායකත්වය ලැබේ. චූල සම්ප‍්‍රදායට අයත් දෙවිවරුන් හා දේවතාවියන් රැසකට වන්දනාමාන කිරීම මඩකලපු ප‍්‍රදේශය ප‍්‍රමුඛ නැෙඟනහිර පළාතේ හින්දූන් අතර පවතී. භාවිතාවෙන් මඩකලපු සම්ප‍්‍රදායට වෙනස් ග‍්‍රාමීය දෙවිවරුන් රැසක් වතුකරයේ දෙමළ ජනයාගේ වන්දනාමානවලට පාත‍්‍ර වේ. හින්දුවාදය තුළ පෙනෙන කැපී පෙනෙන වෙනස නම් බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, අල්ලා දෙවියන් වහන්සේ වැනි තනි ශාස්තෘවරයෙකු හෝ දේශකයෙකු නොමැති වීමයි. හින්දු ඇදහිලි තුළ දේවතාවියන් ද වන්දනාමානවලට ලක් වුවත්, සමස්ත වතාවත් කි‍්‍රයාවලිය තුළ ස්තී‍්‍රන්ට වෙනස් කොට සැලකීම කැපී පෙනේ.

ඉන්දියාවෙන් ලද බ‍්‍රාහ්මීය හින්දුවාදය තුළ ස්තී‍්‍රන්ට විෂම කොට සැලකීම් මෙන්ම පීඩාකාරී හැසිරීම් රටාවන් හා භාවිතාවන් ඇතුළත්ව ඇති අතර, සියලූ ආකාරයේ හින්දුවාදයන්ට යුක්ති සහගත බවක් සහ අධිකාරිත්වයක් නිර්මාණය කිරීමේ කාර්යය සාහිත්‍ය නිර්මාණ විසින් ද ඉටු කර ඇත. අනෙක් අතට දෙමළ සාහිත්‍ය කෙරේ ප‍්‍රබල බලපෑමක් ආගමික සාහිත්‍ය විසින් කර ඇත. ස්තී‍්‍රන්ට වෙනස් කොට සැලකීමේ බ‍්‍රාහ්මීය හින්දුවාදී භාවිතාවන් දෙමළ සාහිත්‍යය තුළට ද කාන්දු වී ඇත.

ඉහත පූර්විකාව අප විසින් සපයන ලද්දේ සෙල්වි තිරුචන්ද්‍රන්ගේ පර්යේෂණ ග‍්‍රන්ථයක් වන ‘‘ශී‍්‍ර ලංකාවේ හින්දුවාදය තුළ පීතෘ මූලික ලෝක දැක්ම’’ නම් කෘතිය පිළිබඳ හැඳින්වීමට ප‍්‍රවිශ්ඨයක් වශයෙනි. කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය විසින් ප‍්‍රකාශයට පත් කොට ඇති මෙම කෘතියෙන්, ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයාගේ හින්දුවාදය හා ඇදහිල්ලේ වෙනස්කම් හා පොදුවේ ඒ තුළ ස්තී‍්‍රන්ට විෂම කොට සලකන ආකාරය මැනවින් විමර්ශනයට ලක් කොට ඇත. ශී‍්‍ර ලංකාවේ හින්දු දෘෂ්ටිවාදය තුළ ඇති ස්තී‍්‍ර පුරුෂ සමාජභාවීමය විෂම සැලකීම් සහිත වූ ද, සූරා කන සුලූ වූ ද භාවිතාවන් හා වත්පිළිවෙත් හඳුනා ගැනීම, ඒවා සම්බන්ධයෙන් සංවේදිත්වයක් පොදුවේ හින්දු ප‍්‍රජාව හා අධ්‍යාපනඥයන්, ගුරුවරුන්, නීතිඥවරුන්, රජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ආදීන් තුළ ඇති කිරීම අරමුණු කොට ගෙන මෙම සංවේදී පර්යේෂණය ග‍්‍රන්ථය සකස් කොට ඇත.

බ‍්‍රාහ්මණ වුණත් ස්තී‍්‍රන් තහනම් සියලූ ම පොදු ආගමික කටයුතුවල දී හා වතාවත්වල දී හින්දු ස්තී‍්‍රන් බැහැර කෙරෙන බව මෙයින් පැහැදිලි වේ. කෝවිල් උත්සව හා අවමඟුල් උත්සවවල දී පවත්වන චාරිත‍්‍රවල ස්තී‍්‍රන්ට කිසිදු තැනක් හිමි නොවේ. ස්තී‍්‍රන්ට ඔසප් වීම සිදු වන බැවින් ඔවුන් කිළිටිය යන මතයට ගැතිව එය සිදුවේ. කෝවිල තුළ සිදු කරන සියලූ වත්පිළිවෙත් බ‍්‍රාහ්මණ වංශික පිරිමින් විසිනු සිදු කරනු ලබන අතර ස්තී‍්‍රන් බ‍්‍රාහ්මණ වංශික වූවාට ඔවුනට ඒ සඳහා කිසිදු අයිතියMy picture 010ක් නැත. හින්දුවාදය තුළ කුල ධූරාවලියට අමතරව ස්තී‍්‍ර පුරුෂ වශයෙන් ද ධූරාවලියක් පවතින බව එයින් පෙන්නුම් කෙරේ. හින්දු මංගල උත්සවවල දී ද සියලූ වතාවත් පවත්වන්නේ බ‍්‍රාහ්මණ පූජකවරුන් විසිනි. වතාවත්වල ස්වභාවයෙන් ම ස්ති‍්‍රය පුරුෂයාට වඩා පහත් බව ඉස්මතු කිරීමක් සිදු වේ. මල් මාලා පැළඳවීමේ දී මනාලිය සිටගෙන මනාලයාට මල් මාලය පළඳන අතර මනාලය ඉඳගෙන පළඳවයි. ස්තී‍්‍රන් පතිව‍්‍රතාව රැුක ගෙන යටහත්ව සිටිය යුතු බව ගම්‍ය කෙරෙන තවත් චාරිත‍්‍ර කිහිපයක් මංගල උත්සවවල දී සිදු වෙයි. ආගමික ආයතන තුළ හෝ වතාවත් තුළ ස්ති‍්‍රයට පිළිගැනීමක් නොමැති වුවත්, පවුලේ යහපත වෙනුවෙන් දුෂ්කර උපවාසවල යෙදීම ස්ති‍්‍රයගෙන් බලාපොරොත්තු වේ. පිළිගැනීමට ලක්වන සියලූ කටයුතු පිරිමින් අයත් කර ගෙන ඇති අතර දුෂ්කර කි‍්‍රයා සියල්ල ස්තී‍්‍රන්ට වෙන්කර දී ඇත.

හින්දු ආගමික චාරිත‍්‍ර අනුව ගැහැණු දරුවකු ප‍්‍රසූත කරන ස්ති‍්‍රයක් කිලි යැවීම සඳහා දින 40ක් නිවසේ සිටිය යුතුය. එම නිවසෙන් පිටස්තර අය කෑම බීම ගන්නේ නැත. නමුත් පිරිමි දරුවකු ප‍්‍රසූත කළ විට කිලි යැවීමේ දින ගණන 30කි. ඔසප් වීම, දරුවකු ලැබීම කිලි ලෙස සලකන හින්දු ආගමික සංස්කෘතිය තුළ පිරිමි දරුවකු උපන් විට කිලි අඩු වන්නේ කෙසේදැයි ප‍්‍රශ්නයකි.

ස්තී‍්‍රන්ට වෙනස් සැලකිලි ලැබෙන එම පැරණි ඉගැන්වීම් හෝ පිළිගැනීම් එලෙස ම පවත්වා ගෙන යා යුතු බව හින්දු ආගමික ආයතනවල බලධාරීන්ගේ පිළිගැනීම වූ බව පර්යේෂණයෙන් පෙන්වා දේ. ඒවායේ යුක්තිභාවය ගැන ඔවුනට කිසිදු අදහසක් නැත. පුද පූජාවලට සහභාගී වීමට ස්තී‍්‍රන් පැමිණිය ද වතාවත්වලට දායක වන්නේ නැත. කෝවිල තුළ ස්තී‍්‍රන් කටයුතු කරන්නේ පිරිසිදු කරන්නියන් ලෙසය. කෝවිල් පරිශ‍්‍රය අතුගාන වයෝවෘද්ධ ස්තී‍්‍රන්ට එම වතාවතින් සෑහීමට පත් වන්නට සිදුවේ. ආයතන පරිපාලනයට කිසිදු ස්ති‍්‍රයක් ඇතුළත් නොවේ. ශී‍්‍ර ලංකාවේ කෝවිල් පරිපාලන ඉතිහාසයේ සිටි එක ම කෝවිල් කළමණාකාරිනිය වූයේ තංගම්මා අප්පාකුට්ටිය.

දේවතාවියකට අයත් කෝවිලක් වූ එය යාපනයේ ප‍්‍රසිද්ධ දුර්ගා අම්මාන් කෝවිලය. දේවතාවියන්ට අයත් කෝවිල් තවත් ඕනෑතරම් ඇතත් ස්ති‍්‍රයක් ප‍්‍රධානියා වූයේ නැත. මෙහිදී විශේෂත්වය ඇය දීර්ඝ කාලයක් තිස්සේ පෞද්ගලික ධනය පවා වියදම් කරමින් කෝවිල නඟා සිටුවීමට පෙරමුණ ගැනීමය. එමෙන්ම එම කෝවිල හරහා සමාජ සේවා කිහිපයක් ද කි‍්‍රයාත්මක වන අතර ඒ සඳහා දානපතියන් සොයා ගැනීමට වෙහෙස වී ඇත්තේ ඇයයි. එහෙයින් ඇය විසින් කෝවිල පාලනය කළ අතර අනෙක් සියලූ තනතුරු දරන ලද්දේ පිරිමින් විසිනි. ඇය සිටි කාලය තුළ වේල් කරත්තය ඇද ගෙන යෑමට ස්තී‍්‍රන්ට අවස්ථාව ලබා දී ඇත. ඇය 2006 දී මිය ගිය නමුත් ඇය විසින් ඇති කළ සම්ප‍්‍රදාය අනුව දුර්ගා අම්මාන් කෝවිලේ වේල් පෙරහැරේ දී පිරිමින් එක පසෙකත් ස්තී‍්‍රන් අනෙක් පසෙනුත් වේල් කරත්තය ඇද ගෙන යෑම පවතින බව වාර්තා වේ. නමුත් ඉතිහාසයේ එක ම ස්තී‍්‍ර කෝවිල් නායිකාව වූ ඇගේ මරණින් පසුව තනතුර පිරිමින් අතට මාරු වී ඇත.

දේවතාවියන්ටත් ලබා දිය නොහැකි ස්තී‍්‍ර විමුක්තිය

Seetha Photographs Dec 26 2004 072දේවතාවියන්ට වැදගත් තැනක් හිමි වී ඇති නැගෙනහිර පළාතේ හින්දූන් අතර ස්තී‍්‍රන්ට, යාපනය හෝ අනෙක් පළාත්වලට වඩා වැඩි විමුක්තියක් සිය ආගම් ඇදහිල්ල තුළ ලැබී නැති බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි. යාපනයට වෙනස් බහු ජාතික, බහු ආගමික, බහු සංස්කෘතික සමාජයක් වන නැගෙනහිර පළාතේ දෙමළ ජනයා අතර පැරණි සහ නව ආගමික කල්ලිවලට නැඹුරුවීමක් ද දක්නට ඇත. දේවතාවියන්ගේ කෝවිල්වල පවා පාලක මණ්ඩලවල ස්තී‍්‍රන්ට ඉඩක් නැත. ස්තී‍්‍ර ලිංගිකත්වය පදනම් කරගත් ඔසප් වීම නිසා ඔවුන් කිලි වන හෙයින් ශුද්ධ ස්ථාන, ශුද්ධ උපාංග (පහන්, දේව ප‍්‍රතිමා) සහ මන්ත‍්‍ර ගායනය තහනම්ය. යාපනයේ දී මෙන් ඔවුන්ට කළ හැක්කේ බිම අතුගෑම, පර මල් ඉවත් කිරීම, මල්මාලා ගෙතීම වැනි දේ පමණි. දරුවන්ගේ විවාහ මංගල්‍යයන්, ගෙවැදීමේ උත්සව, නව අවුරුදු උදාව වැනි ජීවිතයේ සුබ අවස්ථාවන් අහිමි කිරීම, කැමැති ඇඳුමක් ඇඳීම අනුමත නොකිරීම ආදී ආගම නාමයෙන් වැන්දඹුවන් හුදකලා කරන ආකල්ප, ස්තී‍්‍රන්ට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් ලෙස පිළිගැනීමට ආගමික නායකයින් හෝ ස්තී‍්‍රන් හෝ සූදානම් නොවූ බව ද මෙම අධ්‍යයන්යෙන් අනාවරණය වේ.

ව්‍යසනයන් හෝ අගහිඟකම් හෝ නිසාවෙන් ස්තී‍්‍රන්ට ඇතිවන මානසික අවපීඩනයන් සඳහා වෛද්‍ය උපදෙස් ලබා නොදී ඔවුන් කොන් කිරීමකට ලක් කරන තත්ත්වයක් ඇති බව ද, ආගමික නොවන කෝවිල්වල දී පේ‍්‍රතයන් එළවීමේ යාතුකර්ම වැනි දේ ඔවුන් වෙන්වෙන් කරන බව ද, පූජකවරයා විසින් පේ‍්‍රතයා එළවීමට ස්ත‍්‍රීන්ට පහර දෙන බව ද හෙළිදරව් වේ. සමහර විශේෂිත කෝවිල්වල සිදු කරන සූනියම් සහ මන්තී‍්‍රකම් ලෙස හැඳින්වෙන මෙම යාතුකර්මවලින් දෙවියන්ගේ පිහිට ලැබීමක් අපේක්‍ෂා කරන බැවින් ඒවා ආගමට සම්බන්ධ කරගෙන ඇත. මෙම ඇදහිලි කල්ලිමය කි‍්‍රයාකාරකම් අතර ස්තී‍්‍රන් කේන්ද්‍ර කරගත් විවිධ වතාවත් හා උපවාසයන් පවතින බව ද ඒවා ස්තී‍්‍රන් ආගමික වශයෙන් වෙනස්කම්වලට හා පීඩාවට ලක් කරන ඒවා බව ද මෙහි දී අනාවරණය වේ.

වතුකරයේ වතාවත් අතර වැන්දඹුව

නැගෙනහිර පළාතේ මෙන් මිත්‍යාමතික ඇදහිලි කල්ලිවලට සම්බන්ධ වී සිටීම, ආවේශවීම, හින්දු ආගමික සම්ප‍්‍රදායන් තුළ පවතින උපවාස කිරීම වැනි කර්කශ වතාවත්වල නියැලීම, වතුකරයේ හින්දු ස්තී‍්‍රන් තුළ ද දක්නට ලැබේ. චූල සම්ප‍්‍රදායට අයත් ගැමි දෙවියන් හා දේවතාවියන් වන්දනාමාන කරන ඔවුන් හින්දුවාදයේ ශී‍්‍ර ලාංකික ආකාරයන් වෙත ගොනු නොවීමට හේතුව දුෂ්කර ජීවන ශෛලීන් නිසා අවකාශයක් නොලැබුණු නිසා යැයි කෘතියේ සඳහන් කරයි. කෙසේ වෙතත් දැරියකගේ ප‍්‍රථම ඔසප් වීම (වැඩි වියට පත්වීම) උත්සවාකාරයෙන් සමරනා ඔවුන් එයින් පසු අනෙකුත් උත්සව අවස්ථාවන්ට එය කිල්ලක් සේ සලකා බැහැර කරයි. අනෙක් පළාත්වලට තරමක් වෙනස්ව දේවතාවියන්ට සම්බන්ධ කෝවිල්වල දී ස්තී‍්‍රන් යම් වතාවත්වල යෙදෙන බවක් ද අනාවරණය වේ.

ආගමික නැඹුරුවක් ගන්නා, ස්තී‍්‍රන් ද සම්බන්ධ වන, ස්තී‍්‍රන්ට එරෙහි සාහසික වතාවතක් වතුකරයේ කි‍්‍රයාත්මක වේ. එනම්, ස්ති‍්‍රයක් වැන්දඹු වීම නිවේදනය කිරීමේ වතාවතයි. ඉන්දියාවේ කි‍්‍රයාත්මක වන එම වතාවත කඳුකරයේ ද කි‍්‍රයාත්මක වීමට හේතුව, වතු වගාව සඳහා ඉන්දියාවෙන් පැමිණි ආදි පරම්පරාවන් සමඟ ඔවුන්ගේ ආගමික විශ්වාස හා ඇදහිලි ද පැමිණීමයි. කෙසේ වුවත් මනාලියක් ලෙස සැරසී කෝවිලට එන වැන්දඹුව ඉදිරියට එන ඇගේ මිය ගිය සැමියාගේ සොයුරියක් ඇගේ තැල්ල, මල් ආදී සැරසිලි ඉවත් කොට, පොට්ටුව මකා දමයි. දැත්වල වීදුරු වළලූ බිඳ දමයි. උත්සවාකාරයෙන් සුදු සාරියක් ලබා දෙයි. මෙම අවස්ථාවට සහභාගී වන ස්තී‍්‍රන් සියලූ දෙනා වැන්දඹුව සමඟ එක්ව හඬා වැටී වැන්දඹු බව නිල වශයෙන් දැනුම් දේ. එයින් පසු සියලූ උත්සව සහ වතාවත්වලින් ඇයව ඉවත් කිරීම සිදු වේ. ආගමික චාරිත‍්‍රයක් ආකාරයෙන් මේ කටයුතු සිදු කොට වැන්දඹුව කිසිදු සුබ කටයුත්තකට නුසුදුසු කාලකන්නියක බවට පත් කිරීම හා ඇයගේ ලිංගිකත්වය පාලනය කිරීම සිදු කරයි. නමුත් මෙයට පරස්පර විරෝධීව එම සංස්කෘතිය තුළ වැන්දඹුවන් නැවත විවාහ වීම සාමාන්‍ය දෙයක් බවට පත් වීමෙන් පෙනෙන්නේ ආගමික සංස්කෘතිය තුළ ස්ති‍්‍රය අවතක්සේරු කිරීමේ වතාවත් අභියෝගයට ලක් වී ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පරාස තුනක දෙමළ ජනතාව හින්දුවාදය තුළ කි‍්‍රයාත්මක වන ආකාරය සහ එහි අන්තර්ගත පීතෘ මූලික ලෝක දැක්ම තුළ ස්තී‍්‍රන්ට වෙනස් සැලකීම් දක්වන ආකාරය සම්බන්ධයෙන් කෙටි අධ්‍යයනයක් වුවත් ඉහත කී තොරතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තර මෙම කෘතියට ඇතුළත්ය. සුලූ සාධනීය දිනා ගැනීම් සහ සිදුවන වෙනස්කමට එරෙහි සාධනීය දැනුවත් සමාජයක් ද සිටින බව එයින් අනාවරණය වේ. ඊට අමතරව වර්තමාන දුගීබව, ජීවිතයේ දුක් කම්කටොලූ හා වේදනාවලට සහනයක් පතා මිත්‍යාමතික ආගමික ඇදහිලි කල්ලි හා නිකායන් වෙත වැඩි වැඩියෙන් ඇදී යන ස්ත‍්‍රීන්ගේ අත්දැකීම් ද විස්තර කෙරෙන මෙම කෘතිය නිර්භය ඉදිරිපත් කිරීමක් වශයෙන් දැක්විය හැකිය.

සටහන සහ ඡායාරූප
පූජා දිසානායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s