‘ද ලොස්ට් බෝයි’, ඔබ කොහෙද?

SanJරැකියාවක් සොයමින් සිටි මට හදිසි වාර්තාවක් සිංහලෙන් ටයිප් කරගැනීමට අවශ්‍ය බව දන්වා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වයලා සහෝදරිය හමුවන මෙන් මාගේ මිතුරියක් මට පණිවිඩයක් එවා තිබුණි. උදේ 6.30 ට පමණ පැමිණෙන ලෙස මට දන්වා තිබූ අතර ඇස්කොට් ඇවනි්‍යුවල දෙමහල් නිවසක් වූ එහි කාර්යාලය පිහිටා තිබුණේ උඩුමහලේ. දොර වසා තිබුණු හෙයින් සීනුව නාද කර තත්පර කිහිපයකට පසු කෙනෙකු දොර ඇර, ‘හලෝ’ යනුවෙන් මට ඇමතුවේය. එ් සංජය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් එ් වනවිට පළකරමින් තිබූ ‘ස්ත‍්‍රී අයිතීන් විමසුම’ නම් ත්‍රෛමාසික වාර්තාවට අවශ්‍ය පුවත්පත්වල දත්ත පරිඝණකයට අතුළත් කිරීම සඳහා ඔහු උදෑසනම වැඩට ඇවිත්.

එදා පටන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ආයතනයේ ස්ථිර සේවය ආරම්භ කළ මා නිතිපතා දුටුවේ පාසලින් අනතුරුව එම කාර්යාලය වෙත එන සංජය, පාසැල් බෑගය පසෙකින් තබා, තම කන්දෙකට වෝක්මනය සවිකර, ගීතයකට සවන් දෙමින් දත්ත පරිඝණකයට ඇතුළත් කිරීමේ කාර්යයෙහි නියැලෙන අයුරුයි. කාලයක් අප සමඟ ඉතා සාමකාමීව සහ සහෝදරත්වයෙන් වැඩ කළ ඔහු එකල 16 වැනි වියේ පසුවූ අතර ඔහුගේ මව වූ සුනිලා අබේසේකර සහෝදරිය ද කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ සම්බන්‍ධීකාරිකාවක්ව සිටියාය. පරිඝණක තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් ඔහු සතුවිය. දිනකට පැය කීපයකට සීමා වූ ඔහුගේ සේවා කාලය තුළ දී බොහෝවිට අපට ද ගුරුහරුකම් ලබාදෙමින්, සංජය ඔහුගේ දෛනික කටයුතු කාර්යක්‍ෂමව නොපිරිහෙළා ඉටු කිරීමට තරම් ඉවසිලිවන්ත විය. එ් වන විට පරිඝණක දෙකක් පමණක් ආයතනය සතුව තිබුණු අතර කාර්යාලයේ දස දෙනෙකු පමණ සේවය කළ බැවින් අපි හැමෝම කාල සටහනකට මෙන් වැඩ බෙදාගෙන පරිඝණක භාවිතා කළා. පාසල් නිම වී එන සංජයට අපි හවස් කාලය වෙන් කර තිබුණා. එ් 1998 වසරේ දී.

නමින් සංජය කමල් සේනානායක වුණත් අප ඔහුව ඇමතුවේ ‘සංජ්’ යන කෙටි නමිනි. ලාබාල වියේ පසුවුවත් ස්තී‍්‍රවාදී සංවිධානයක් සමඟ එක්ව වැඩ කරන්නට තරම් මනා අවබෝධයක්, විවෘත මනසක් ඔහු සතු විය. ඔහුගේ මව සුනිලාගෙන් ලැබූ අභාෂය නිසාදෝ ස්ත‍්‍රීවාදී දැක්ම හා මානවවාදී ගුණය ඔහු තුළත් එලෙස ම පැවතුණි. එය ඔහු සතු වූ සුවිශේෂී ගුණය විය.

සුනාමියෙන් ලංකාවේ වෙරළබඩ පළාත් බොහෝමයක් බලපෑමට ලක්වූ බව සැලවූ සැනින් සංජය තම පවුලේ උදවිය සහ මිතුරන් සොයා ගිය අවස්ථාවේ ඔහුට රට පුරා දුරකථන ජාල විසන්ධි වූ බව තේරුම් ගියේය. තම අත් දුරකථනයෙන් එස්.එම්.එස්. පණිවිඩ තවදුරටත් යැවීමට හැකි බව දැනගත් ඔහු විපතට පත් ස්ථානවලට යමින් එම ස්ථාන හා පුද්ගලයින්ගේ තත්ත්වය, අවශ්‍ය කරන උදවු මොනවාද සහ කාටදැයි එස්.එම්.එස්. පණිවිඩ හරහා ඉන්දියාවේ තම සඟයින් වෙත දන්වා ඇත. ‘ඩෝග්ස් විතවුට් බෝඩර්ස්’ වෙබ් අඩවිය සංජයගේ මෙම එස්.එම්.එස්. පණිවිඩ පළ කිරීමට පටන් ගත්තේය. දින කිහිපයක් තුළ එස්.එම්.එස්. පණිවිඩ 4000 ක් පමණ මෙසේ යවමින් ලංකාවේ තත්ත්වය නොකඩවා වාර්තා කළ මුල්ම පුද්ගලයා සංජය බව ද එම බ්ලොග් අඩවියේ හිමිකරු සඳහන් කළේය.

කාලයාගේ ඇවෑමෙන් අප ආයතනයට පමණක් සීමානොවී, ජනමාධ්‍යවේදියෙකු ලෙසින් වෘත්තීය නිපුණත්වය වැඩි දියුණු කරගැනීමේ මංපෙත් විවර කරගත් ඔහු, යං එ්ෂියා ටෙලිවිෂන් ආයතනය (යාටීවී) වෙත වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පිය නැගීය. වාර්තා චිත‍්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළ ඔහු පිටපත් රචනය, අධ්‍යක්‍ෂණය පමණක් නොව කැමරා ශිල්පියෙකු වශයෙනුත් කටයුතු කළේය. එ් අතරතුර යාටීවී නිෂ්පාදනයෙන් සහ අශෝක හඳගමගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ

‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ ටෙලි වෘතාන්තයේ මිනිස් ගැටුම්, ප‍්‍රචණ්ඩත්වයට සහ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින අපක්‍ෂපාතී රැඩිකල් භික්‍ෂුවකගේ චරිතය රඟපෑවේය. ඔහු රංගනයෙන් ද පරිපූර්ණ බව මා දැනගත්තේ එම ටෙලිනාට්‍ය නරඹන අවස්ථාවේදීයි. ඔහු එ් චරිතයට මනාව ගැලපුණු බව මගේ හැඟීමයි. දැනටත් යාටීවී ආයතනයේ මිතුරෙකු යම් තැනෙක මුණ ගැසෙන විට සංජය ගැන පවසන්නේ ‘ඔහු ඉතා දක්‍ෂ කලාකාරයෙකු-අවංක සහෘදයෙකු බවයි.

ජනමාධ්‍යවේදය පිළිබඳ චෙන්නායිහි ආසියානු ජනමාධ්‍යවේදී විද්‍යාලයේ විකාශන ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව 2004 වසරේ දී නිම කළ සංජය කලක් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂල් ආයතනයේ ද මාධ්‍ය හා සංනිවේදන අංශයේ ප‍්‍රධානියා ලෙස සේවයක කර ඇත. ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ දේශකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු දක්ෂ ගුරුවරයෙකු මාධ්‍යවේදියෙකු පමණක් නොව සමාජ-දේශපාලන ප‍්‍රශ්න පිළිබඳ තීක්‍ෂණ විචාර බුද්ධියකින් තම අදහස් නොබියව ප‍්‍රකාශ කළ අයෙකි. සමාජ අසාධාරණය, අවපාලනය දුටුවිට තම අදහස් නොබියව සමාජ මාධ්‍ය හරහා ලිවීමෙන් අන් සඟයන් අන්තර්ජාලය හරහා දැනුවත් කිරීම සහ එ් පිළිබඳ කතිකාවක් ගොඩනැගීම නිසා ඔහුට නිරතුරුව ම විරුද්ධ මතධාරීන්ගේ විවේචනයට ලක් වන්නට සිදු විය.

යුද්ධය අවසන් වීමත් සමඟ ම මෙරට ආගමික අන්තවාදය හිස එසවූ මුල් අවධියේ සිට ම එ් ගැන දැඩි කණස්සලට පත්වූ ඔහු, උද්ගත වූ ප‍්‍රශ්න-සිදුවීම් ගැනත් රටේ අනාගතය ගැනත් අදහස් අප සමඟ බෙදාගත්තේ මානව හිතවාදියෙකු වශයෙනි. මෙරට දේශපාලන වාතාවරණය පිළිබඳව සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය භාවිතා ගැන පුළුල් නැඹුරුවකින් කටයුතු කළ ඔහුට එ් පිළිබඳ විශේෂඥ දැනුම් සම්භාරයක් ද විය. 2005 වසරේ සිට අවසන් ගමන් යන තුරුම ඔහු ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා සමඟ එක්ව ති‍්‍රකෝණී සංස්කෘතික පදනමේ වාර්තා චිත‍්‍රපට එ්කකයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර එම කාලය තුළ වාර්තා චිත‍්‍රපටි ගණනාවක්ම නිර්මාණය කර ඇත.

අප ආයතනයේ සහෘදයෙකු වීමට අමතරව නන් අයුරින් සම්පත් දායකයෙකු හා උපදේශකවරයෙකු වශයෙන් ද කාලයක් ඔහු කටයුතු කළේය. කෙටි චිත‍්‍රපට තරඟයේ පිටපත් හා චිත‍්‍රපට තේරීම් විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වූ ඔහුගේ තීරණ බොහෝ අවස්ථාවල දී විකල්ප සාකච්ඡුාවන්ට මුලපුරණ ලදී. මෙම කාර්යයට සෑම වසරක ම ඉතා කැමැත්තෙන් සම්බන්‍ධ වූ සංජය කෙටි චිත‍්‍රපට තේරීමේ දී සිනාමුසු මුහුණින් එ්වා උපරිමව රසවිඳි ආකාරය මා පමණක් නොව අප ආයතනයේ සියලූ දෙනා ම දුටුවා. අවසන් වරට ඔහු අප සමඟ වෘත්තීය සමිතිවල ස්ත‍්‍රීන්ගේ නායකත්වය වර්ධනය කිරීම සඳහා වූ මාධ්‍ය භාවිතාව පිළිබඳ පැවති වැඩමුළුවේ පුහුණුකරුවකු ලෙස සහභාගි විය. 2014 මැයි 21 දින උදෑසන ඔහු අප අතරින් සදහට ම සමුගත්තේ පෙනහළු පිළිකාවකට ගොදුරුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදීය.

සමාජ කි‍්‍රයාධරයෙකු ලෙස මෙරට මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සහ සාමයට එරෙහි ගැටුම්කාරී තත්ත්වයන්, විශේෂයෙන් ම කලක පටන් මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව නැගුණු ප‍්‍රචණ්ඩකාරී හඬ හමුවේ ඔහු ඉතා සෝදිසියෙන් සිටි අයෙක්. එ් අවංක සහ ජනවාර්ගික වශයෙන් සංවේදී ජනමාධ්‍යවේදී ගුණාංගයන් ඔහු තුළ තිබුණු නිසා ම මිස කිසිවෙකුගේ අතකොළුවක් වූ නිසා නොවේ.

අප සමඟ බෙදාහදාගත් ඔහුගේ මනුෂ්‍යත්වයට, සහෝදරත්වයට, දැනුම් සම්භාරයට නැවතීමේ තිත තබා යන්නට ගියත් මේ සමාජයට අවැසිම මොහොතක හදිසියේ අහිමි වූ සඟයා ද ‘ලොස්ට් බෝයි’ ඔහුමයි.

‘‘මම අවබෝධ කරගත්තේ මට වයස අවුරුදු 13 පුංචි කොල්ලෙක් හැටියට දිගට ම ජීවත් වීමට හැකි බවයි… හරියට ජේ.එම් බැරීස්ගේ ‘ද ලොස්ට් බෝයි’ සුරංගනා කතාවේ එන පීටර් පෑන් චරිතය වගේ. නමුත් මා පරිණත විය යුතුයැයි යම් අවස්ථාවක දී තේරුම් ගත් විට එය අතහැර මම ‘මෝර්කන්ඩි’ යන ආරූඨ නාමය තෝරාගත්තා’’ – සංජය සේනානායක

මේ 2004 වසරේ වර්ල්ඩ් චේන්ජ් වෙබ් අඩවියට සංජය විසින් තමන් බ්ලොගර් කෙනෙක් ලෙස හඳුන්වා දීමට යොදාගත් ආරූඨ නාමය ගැන සංජය විසින් ම ලබාදුන් හැඳින්වීමක්. මොර්ක්වෙන්ඩි යනු ඕනෑම අසාරධාරණයක් වෙනුවෙන් නැගී සිටින සුරංගනා කතාවක එන අමරණීය අසුර බලයක් හිමි චරිතයකි. ඔහු එම නම තෝරාගන්නට ඇත්තේ සිදුවන සමාජ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීම සඳහා මෝර්කන්ඩිගේ අනුපමේය ශක්තිය හා අසීමිත බලයක් අවශ්‍ය බව වටහා ගත් නිසාය. ඔහු එවැනි ශක්තියකින් බලයකින්, කැපවීමකින් වැඩ කළ අසමාන තරුණයෙකි.

වේලායුදන් ජයචිත‍්‍රා

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s