දහම, දූපත් මානසිකත්වයකට ගොදුරු වූ කල

වර්තමාන ලෝකයේ බොහෝ රටවල මිනිසුන් තම බලය රැුකගැනීමේ ප‍්‍රධාන පවුර ලෙස භාවිතා කරන්නේ ආගමික දර්ශනයි. ආගමික දර්ශනවල මූලික ඉගැන්වීමට පටහැනිව යමින් පසු කාලීනව විවිධ පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල බලය තහවුරු කර ගැනීම පිණිස ගොඩනඟා ව්‍යාප්ත කරනු ලබන ආගමික අන්තවාදය නිසා බලවත් අසාධාරණයට හා පීඩනයට ගොදුරු වී සිටින්නේ ස්තී‍්‍රන්ය. ලෝකයට සාමයේ හා සමානාත්මතාවයේ පණිවුඩය රැගෙන ආ ආගමික දර්ශන පදනම් කර ගනිමින් විවිධ ජන කොටස් හිංසාවට හා අවතක්සේරුවට ලක් කිරීම අනුමත කළ නොහැක.

ආගමික අන්තවාදය කරපින්නා ගත් සමාජය තුළ ස්තී‍්‍රන්ට ස්වකීය ජීවිතය රිසි සේ ගෙවීමට ඉඩ හසරක් නොමැත. අධ්‍යාපනය ලැබීම, රැකියා කිරීම, විවාහය, ඇඳුම් ආයිත්තම් තෝරා ගැනීම හා ආගම ඇදහීම වැනි ජීවිතයේ බොහෝ අවස්ථා ආගමේ නාමයෙන් කැප කිරීමට හෝ සීමා කිරීමට ස්තී‍්‍රන්ට සිදුවී තිබේ. මූලධර්මවාදය විසින් පැලපදියම් කර ඇති මිත්‍යා අදහස් යථාර්ථවාදීව විමසීමකට ලක් නොකර ඒ හැටියට ම පිළිගැනීමට ද සමාජය හුරු වී සිටිති. ආගම අනුව ජීවත් වන්නට නොව ආගම වෙනුවෙන් යුද්ධ පෙරමුණට යන්නට ද බොහෝ උදවිය කැමැත්ත දක්වති. ශ‍්‍රද්ධාවෙන් මුලා වීම හැරුණු විට සැබෑ ධාර්මික අවබෝධයක් බොහෝ දෙනාට නොමැත.

ඉන්දීය චින්තන ඉතිහාසය තුළ නව පිටුවක් පෙරළමින් බිහිවූ චින්තන දහරාවන් රැුසක් අතරින් බුදු දහමට අද්විතීය ස්ථානයක් හිමි වෙයි. සදාතනික වටිනාකමක් සහ උසස් ම ආචාර ධර්ම විද්‍යාවක් සත්‍ය ලෙස ම බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇත. භාරතීය සමාජය තුළ පැවැති ගතානුගතික සම්ප‍්‍රදායයන් බිඳ හෙලමින් නව සම්ප‍්‍රදායයන් රැුසක් බිහි වීමට බුදු දහම උපයෝගී විය. විශේෂයෙන් ම බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ පැවැති ස්ත‍්‍රීන් කොන් කර තැබීමේ බ‍්‍රාහ්මණ චාරිත‍්‍රයට අභියෝග කරමින් බුදුන් වහන්සේ විසින් භික්ෂුණී ශාසනය පිහිටුවා බුද්ධ ශාසනයේ උසස් තනතුරු ස්තී‍්‍රන්ට ද පිරිනමන ලදී. ගැහැණු දරුවන්ගේ උපත අවාසනාවක් ලෙස සැලකූ යුගයක දියණියකගේ උපතින් කම්පාවට පත් වී සිටි කොසොල් රජු අමතා බුදුන් වහන්සේ දේශනා කළේ දියණියක් යනු එක් පවුලක් හෝ පරපුරක් පමණක් නොව ලෝකය ම සුවඳවත් කරන කුසුමක් බවයි. දියණියක් වූවත් පුත‍්‍රයෙකු වූවත් වඩා වැදගත් වන්නේ සදාචාරාත්මක හා බුද්ධිමත් දරුවෙකු වීම බව බුද්ධ දේශනාවයි.

බුදුන් වහන්සේ බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා ගත වුණු වසර 45 පුරා ම ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාවයකින් යුතුව කටයුතු කරනු ලැබීය. ස්තී‍්‍රන්ට සමාජයෙන් ලැබිය යුතු නිසි පිළිගැනීම හා ගෞරවය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ විශේෂයෙන් ම කි‍්‍රයා කරනු ලැබූ බව බුද්ධ චරිතය හා බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමේ දී මැනවින් පෙනී යයි. බුද්ධත්වය ලැබීමෙන් පසු ඥාතීන් හමු වීමට ගිය අවස්ථාවේ දී බුදුන් වහන්සේ තම ගිහි කල බිරිඳ යශෝධරා හමු වීමට ඇයගේ මාළිගයට වැඩම කළ බව සඳහන්ය. බුදුන් වහන්සේ ස්තී‍්‍රන් සම්බන්ධයෙන් කටයුතු කළ ගෞරවනීය ස්වභාවය ආදර්ශයෙන් ම පෙන්නුම් කළ එක් සුවිශේෂී සිදුවීමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

බුදුන් වහන්සේ වැඩ විසූ විහාරයක් ආසන්නයේ ම අම්බපාලී නම් නගර ශෝභිනියක් වාසය කළාය. බුදුන් වහන්සේ ඒ බව දැන සිටි අතර ඇයට කිසි ම අවස්ථාවක හිරිහැර කරන ලෙසට නියෝග නිකුත් කළේ නැත. කාම මිත්‍යාචාරය බරපතල වරදක් බවත් එහි නිරත වන්නන් අපාගත වන බවත් දේශනා කරන ලදී. එම බරපතල වරදට හා දඬුවමට අම්බපාලි පමණක් නොව ඇයව සොයා එන රජ සිටු මැතිවරු හා කුමාරවරු වැනි ප‍්‍රභූ පැළැන්තියේ පුරුෂයින් ද අයත් වූ බව කියැවේ. පසු කලෙක අම්බපාලී බුදුන් සරණ ගොස් ධර්මය අවබෝධ කරගත් බව සඳහන් වේ. මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ තුළ පැවැති සමානාත්මතාවයයි.

බුදු දහමට අනුව ස්ති‍්‍රය යනු දෙවැනි පංතියේ සත්ත්වයෙකු නොවේ. පුරුෂයින්ට හා සමාන වටිනාකම් ඇයට ද පවතී. නමුත් නිිර්මල බුදු දහම සුරක්ෂිතව පවතින බව කියන ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමික වැඩසටහන් බොහොමයක දී ස්ති‍්‍රය දෙවැනි පංතියේ පුරවැසියෙකු බවට නිතැතින්ම පත් වී ඇත. ධාතු කරඬුව වැඩමවීම වැනි විශේෂිත අවස්ථාවල දි ස්ති‍්‍රය දුරස් කිරීමක් දක්නට ඇත. එවැනි ගෞරවනීය අවස්ථාවලට ස්තී‍්‍රන් එක් වීම කිල්ලට හසු වීමක් බව බොහෝ බෞද්ධ සැදැහැවතුන්ගේ ද මතයකි. දරුවෙකු ලැබීම, වැඩිවියට පත් වීම හා ඔසප් සිදුවීම කිලි සහිත අවස්ථාවන් ලෙස නම් කර ඇත. ස්ති‍්‍රය ස්වභාවයෙන් කිලි සහිත සත්ත්වයෙකු බැවින් ගෞරවනීය කටයුතුවලින් ඈත් කර තැබීම බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදායකි. මෙවැනි මිත්‍යා අදහස් බෞද්ධ දර්ශනය අනුව සහ වෛද්‍ය විද්‍යාත්මකව ද පිළිගත නොහැක. ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ආගම ලෙස පිදුම් ලබන්නේත් රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන්නේත් බුදු දහමයි. නමුත් භික්ෂුණී ශාසනය දියුණු කිරීමට රාජ්‍ය අංශයේ උනන්දුවක් නොමැත. රට පුරා මෙහෙණිවරු සිව්පසය පිරිමසාගෙන අපහසුවෙන් දිවි ගෙවති.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ සේ සලකන ජය ශී‍්‍ර මහා බෝධියත්, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේත් ශී‍්‍ර ලංකාවට වැඩම කරවූයේ ස්තී‍්‍රන් දෙදෙනෙකුගේ ශී‍්‍ර හස්තයෙන් බව වර්තමානය වන විට බොහෝ දෙනාට අමතකය. දැනට වසර දහයකට පමණ පෙර කතරගම අෂ්ඨ ඵල බෝධි වන්දනාව පිණිස මම මගේ මිතුරියක් හා පවුලේ උදවිය සමග සහභාගි වීමි. එ් සඳහා උදව් කළ ස්වාමීන් වහන්සේ පැවසුවේ පූජා භාණ්ඩ රැුගෙන ආවේ ස්තී‍්‍රන් වූවත් බෝධි මළුවට යාමට ස්තී‍්‍රන්ට අවසර නැති බවය. බුදු දහම වැනි විද්‍යාත්මක හා යථාර්ථවාදී ධර්මයක් අදහන, රටට ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන උගත් විද්වත් යතිවරයන් වහන්සේ නමකගේ චින්තනය පවතින්නේ එතරම් පටු සීමාවක නම් උන්වහන්සේලාගෙන් බණ අසන සාමාන්‍ය මිනිසුන් සත්‍ය අවබෝධ කර ගන්නේ කවදාදැයි මට සිතුණි.

පිරිමින්ට කලිසම සංවර ඇඳුමකි. ගැහැණුන්ට කලිසම අසංවර ඇඳුමකි. මෙවැනි දූපත් මානසිකත්වයෙන් පෙළෙන භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිහියන් ද සිටිති. විහාරස්ථානවල ආගමික කටයුතුවල යෙදෙන කලිසම්කාර පිරිමින්ට නොමැති තහංචියක් බොහෝවිට කලිසම්කාර ගැහැණුන් කෙරෙහි බලපැවැත්වේ. භාවනා වැඩසටහනකට සල්වාර් ඇඳුමෙන් සැරසී ගිය මගේ මිතුරියකට එය මෙහෙයවූ ස්වාමීන් වහන්සේ පවසා තිබුණේ ඊළඟ දිනයේ සාරියකින් හෝ ඔසරියකින් සැරසී නොපැමිණියහොත් හතර මාඉමට නොගන්නා බවය. බුදුන් වහන්සේ කිසිම අවස්ථාවක අහවල් වර්ණය සහිත අහවල් ඇඳුම ඇඳගෙන එන ලෙස ගිහියන්ට පවසා නොමැත. පටාචාරව සිහි විකල් වී බුදුන් හමුවට පැමිණියේ නිරුවතින් බව සඳහන් වේ. එහෙත් ඇයට ධර්මය දේශනා කිරීමට බුදුන් වහන්සේ කාරුණික විය. කලිසම ඇන්දත් රෙද්ද ඇන්දත් ඇඳුම කුමක් වුවත් අවශ්‍ය වන්නේ ධාර්මික ජීවිතයක් ගත කිරීමයි.

ශරීරයේ බුදුරුවක් සහිත පච්චයක් කොටා ගෙන ශී‍්‍ර ලංකාවට පැමිණි විදේශීය ස්ති‍්‍රය මෙරටින් පිටුවහල් කිරීමක් පිළිබඳ ප‍්‍රවෘත්තියක් පසු ගිය දා ජනමාධ්‍ය මඟින් ප‍්‍රකාශ විය. පච්ච කොටා ගැනීම ලෝකයේ කිසිම රටක තහනම් කර නැත. බුදුන් වහන්සේ විසින් ද එවැනි තහනමක් පිළිබඳ දේශනා කර නොමැත. ‘අම්මා බුදු වේවා‘ හෝ ‘මරු සිරා‘ යනුවෙන් පච්ච කොටා ගැනීමට ශී‍්‍ර ලාංකිකයෙකුට තහනමක් නැතිනම් විදේශීය කාන්තාවක් බුදුරුවක් පච්ච කොටා ගැනීමේ පවතින වරද කුමක්ද? ඇය ඇතැම් විට එවැනි පච්චයක් කොටා ගෙන ඇත්තේ බුදුන් වහන්සේ පිළිබඳ පවතින ගරුත්වයෙන් විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් තුළින් ප‍්‍රකට වන්නේ ශී‍්‍ර ලාංකිකයන් සතු මෝඩ ශ‍්‍රද්ධාව හා මෙරට බලධරයන් සතු අනවබෝධයයි.

කල්පාන්තයකට කලින් මිය ගිය රාවණාගේ හයිය හිතට ගත්තු ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා සන්ධාන ගත වී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාර අත්හිටුවන ලෙස ඉල්ලමින් සංදේශ බාර දෙමින් ලෝකයට නව විහිළු සපයති. එහෙත් අපි උදේ හවා වැඳුම් පිඳුම් කරන්නේත් අදහන්නේත් අද්විතීය භාරතීය පුත‍්‍රයා වන බුදුන් වහන්සේට බව උන්වහන්සේලාට අමතක වී ඇත. පසුගිය කාලයේ බෞද්ධ භික්ෂුන් පිරිසක් මුස්ලිම් ස්තී‍්‍රන්ගේ සංස්කෘතික ඇඳුම ශී‍්‍ර ලංකාවේ තහනම් කරන ලෙස රජයට නියෝග කළහ. සැබෑ බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාගේ කාර්යභාරය විය යුත්තේ එකිනෙකා අතර වෛරයේ බිජු වැපිරීම හා ආගමික අන්තවාදය පතුරා ජනතාව මෝහයෙන් මුලා කිරීම නොව ජනතාවට ආගමික දර්ශන අනුව තම ජීවිත හැඩගසා ගැනීමට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීමයි. බුදු දහම තුළ අන්තර්ගත අවිහිංසාව, සහජීවනය හා සමානාත්මතාවය රැුකෙන පරිදි ආදර්ශයෙන් යුතුව වැඩ සිටීමයි.

සුනේත‍්‍රා සමන්ති ඇලපාත

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s