අයිෂා හිනැහුනාය

ඈත සිතිජයෙන් ලසඳ පලූව ගිලී යන හැටි ඇයගේ නෙතට හසුවේ. මහා මන්දිරය පුරා නද දෙන ඝෝෂාව එන්න එන්නම දෝංකාර දේ.Aisha Hinehunaya

එහෙත් මේ මූසල තුන්යම කණ කොකුන්ගේ හඬක් බඳු ගමක, එක එල්ලේ ඇහෙන උස් හඬ තම සිත වල්මත් කරන්නේය. එහෙත් මරු කතරක එබදු පාලූ හඬක් ගැන ඇයට හිතා ගන්නත් බැරි තරම්. කවදා හෝ ඒ නිමේෂය පැමිණිය යුතුමය. පුලූල් ජනෙල් තිරයේ ඉහළ කැටයමකින් පහන් තාරකාවක දීප්තිය ගලා එන්නාක් මෙන් දැනේ.

බාබාත්, මමාත් ඔවුන්ගේ සිංහ හඬ වෙනුවට නුපුරුදු පහත් හඬකින් සැලකළ පුවතින් අයිෂා තිගැස්සුණේ නැත.

‘අයිෂා හෙට උදේ දහයට ෆ්ලයිට් එකට ලෑස්ති වෙයං’
අයිෂා ඊට ටිකක් සැලූනා. ඇය මුව අයාගෙන ඇස් උඩට පහළට යවමින් පුදුමයෙන් බලා හිටියා.
‘ඔව්, උඹේ මනුස්සයා නැතිවෙලා’
‘හා …………………..’
ඊළඟ ප‍්‍රශ්නය බාබාගෙන් අහන්න පෙර ඔවුන් සැඟවී ගිහිං. ඇය ඇඳට වැටුණේ කුමක්දෝ සැහැල්ලූවකින්.
‘එහෙනං සබීර් අන්තරා වෙලා’
මුහුණ පුරා ඝණව වැවුණු රැුවුල් කොට…. තැනින් තැන මතු වී ඇති නර කෙස්…. විශාල ලප කැළල් සහිත කම්මුල්….. නිතර රතු පැහැයට හැරුණු මළානික නෙත් ඇති සිහින් උසැති ‘සබීර් මොහොමඞ්’ ගේ මුහුණුවර සම්පූර්ණයෙන් ඇගේ මතකෙට නොඒ. හෙට උදෙන් ම ශී‍්‍ර ලංකාවට යන්න වෙයි. හදිස්සියේ ඈ අඳුම් කැඩුම් ලෑස්ති කරද්දි සෙල්ෆෝන් එකත් මර ලතෝනි දෙනවා.
‘හ ලෝ’
‘……………’
‘ඔව් මම අයිෂා’
‘මට බාබා කිව්වා හෙට ෆලයිට් එකෙන් එනවා………’
ඒ කතා කළේ සබීර්ගේ අක්කා…… අයිෂගේ ලොකු දෝනිත් කතා කළා…….’
‘තාත්තා මැරුණා අනේ අම්මා’ ඇගේ ලතෝනිය කාමරය පුරා ගලා යනවා. ෆෑන් එක විතරක් නෙවෙයි, බිත්ති ඇඳන් දිගට ම බ‍්‍රමණය වන හැටි !

අයිෂා රට ඇවිදිං මාස 08 ක් ගතවෙලා. ලැබෙන වැටුපෙන් වැඩි හිරියක් ඈ ගෙදරට යැව්වා. ඒ සබීර්ටත්, දරුවන්ටත්. උන්ගේ සාගින්න නිවා දැම්මේ ඒ විදියට. සබීර් ගැන ඇයට තිබුණේ කණගාටුවක්, කළකිරීමක් වගේ ම කෝපයක්.

‘කාලකන්නි’ …… ඈ ශාප කර කර හිටියේ හැමෝටම ද? නැත්තං තමාටම ද?

අයිෂාට තිබුණේ අහංකාර විය හැකි රූපකායක්. ඒත් තැඹිලි ගෙඩියට වැසූ කාකයෙකු ලෙස කිසිසේත් සමාන බවත් නැති සබීර් හා විවාහ වීමට සිදුවීම ගැන මුල් කාලයේ හැඟීමක් තිබුණේ නෑ. එවිට ඈ පහළොස් හැවිරිදි දැරියක්. විවාහයක් ගැන, සැමියෙක් ගැන ඇයට නිසි අවබෝධයකුත් තිබුණේ නෑ.

සබීර් කෘශ සිරුරක් හිමි නිතර සෙම් – සොටු ගලන නැහැයක් තිබුණු රෝගියෙක්. ජීවිත කාලේ පුරා ම ඇදුමෙන් ඔහු දුක් වින්ඳා. පහුවෙන කොට ඔහු කාශ රෝගයෙන් පෙලූණා. පොඩි පොඩි අත්වැඩ කරමින් පනම් හත අටක් ගෙනාවද. අයිෂා වසරින් වසර ගැබිණියක් වන්නේ ද. එක විදියකටය. ඒත් පවුල නම් දැවන්ත වෘක්ෂයේ මිහිරි පලාපල අත්විඳින්න අයිෂාටවත්, සබීර්ටවත් හැකියාවක් තිබුණේ නැත.

‘හෙන හතම ගහපන් සබීර්ගේ මහ උන්ට.

ඒ වගේම අම්ම අප්පට’

අයිෂා එලෙස හිතුවේ දුක් ගින්දර වැඩිවෙන කොට. ආණ්ඩුවෙන් තහනම් කළ ගිලා බසින බිම්කඩක පැල් කොටයක් අටවගෙන ඒ සෙවනේ ජීවත් වුණාට කඳුකරය මුරුගසන් වර්ෂාවෙන් හෙම්බත් වෙනකොට. පැටව් උස්සා ගෙන අයිෂා මෙන් සබීර් ද පාර පුරා ම දුව අත්විදින කොට.
ඔවුන්ගේ මුල් ම දරුවන් නිවුන්නුය. මද්දුමී ලස්සන කෙස් සහිත දියණියකි. ඊටපසු තවත් ………
කඩයප්පන් හදන්න උදේ රැුයින් අවදි වන අයිෂා සමඟ ම සබීර් ද මුුලූතැන්ගෙට ගොඩවෙන්නේ මහ හයියෙන් කිඹුහුම් අරගෙන. ඇගේ වැඩට ඔහු උදව් කරන්නේ අයිෂා නිතර දෙවේලේ දෙස්දෙවෙල් කියන හන්දා…. පස්සේ කාලෙක සබීර්ට හති කැක්කුම් වැඩිවෙන හන්දා අයිෂා ඊට විරෝධය පළ කරලා නවත්තා ගත්තා.

‘මේ ඔහේ ගිහිං ඇලවෙනවා මළ කරදරේ’

අයිෂා කෝප සහගතව කෑගහන හින්දා සබීර් ගෙට යන්නේ මොන මොනවා හරි කියාගෙන.

‘අනික් ගෑණු වගේ මටත් ඉන්න ආසයි’

‘අලූත් ඇඳුම් ඇඳලා ජේත්තුවට යන්න මාත් කැමතියි’

‘දැලි දූවිලි නැතුව ගෙට වෙලා ඉන්න කවුද අකමැති’

ඒත් කඩපොලේ හුඟාක් තැන්වලට කඩයප්පන් දාන පිරිස වැඩිවෙලා. හවසට ඉතුරුවෙලා ගෙනෙන කඩයප්පන් රාතී‍්‍ර යාමෙට ඔවුන්ගේ සාගින්න නිවා දමනවා.

බොහෝ දිනවලට අබ්දුල් අයියගේ තේ කඬේට දාන කඩයප්පන් කවදාවත් ඉතිරි වුණේ නෑ. අයිෂා පාන්දර පහ වෙන්න කලියෙන් කඩයප්පන් අරං අබ්දුල් මුදලාලිගේ කඬේට දුවනවා. එතන වෙළඳාමත් සරුයි.

‘බැරිද ටිකක් වැඩිපුර ගේන්න. උඹේ කෑම හරි රහයි’ ඔහු ඇයව, කොහේදෝ උස්තැනක තියෙනවා වගේ. හැඟීමකින් හිත වෙළී යනවා. අබ්දුල් අයියා තමාට වඩා තම සිරුරට වශී වී හිටින වග දැනෙන්න ඇයට වැඩි කලක් ගියේ නෑ. ඔහුගේ ඇඟලූම්කම් මතින් ඔවුන්ගේ දුක් කදුළු සැඟව හිගිං. ඉතිං ඇයව අවලං එකියක් කළේ අබ්දුල් නොවේද?

අන්තිමට බාල කෙලී කිපායාට උප්පැන්නේ ලියන්න සබීර් මුල් වුණා. ගමපුරා අයිෂා ගැන ලස්සන කතන්දර එක එක විදියට ගෙතිලා.

‘මට සලකන්න උඹ කොයිතරම් දුක් විඳිනවද .. මම බයවෙන්නේ ඇයි?
මොකෝ රට්ටු අපට කන්න දෙනව ද?

සබීර් එහෙම කියනකොට. අයිෂාගේ හිත දොට්ට පැන්නා. ලොකු අවකාශයක නැවතුණු හදවත. ආයෙත් ඒ විදියට නැවත ඈට හිමි වුණේ නෑ.

අබ්දුල් තම පවුල් බර ඉහලට ගත්තේ අයිෂා හන්දා.

‘උඹ කඩයප්පන්. ගේන්න කරදර වෙන්න එපා. මම එන්නම් ගෙදරට’

අබ්දුල් කිපායාව හුරතල් කරමින්, කතා කෙරුවා. කිපායා ඔහුගේ දියණිය වග අයිෂා ආඩම්බරයෙන් හිතුවා. ඒත් ඒ ඔක්කොම තමා නතර කරන්නේ නරකාදියක වුණත්… ඉඳහිට ඒ තුළින් සැහැල්ලූවක් දැනෙන වගක් ඇයට හිතෙනවා. ඒත් ඒ සියල්ල අබ්දුල්ගෙන් ලැබුණ දේ නොවෙයි. තම හිතින් හරි අඩක් ම සබීර් ගැන තැවෙන තරම්.

‘අයිෂා මම දරුවෝ බලාගන්නම් උඹ පාස්පෝට් හදා ගනිං’

‘ඒත් කිපායා පොඩි වැඩියි. දැන් ඉස්සර වගේ නෙමෙයි පාස්පෝට් දෙන්නේ නෑ පොඩි උන් ඉන්නකොට’‘ ඕවා ඉතිං අපට විතරයි’ සබීර් කහින්න ගත්තා.

‘එක අතකට රට ගියොත් ඔක්කොම ප‍්‍රශ්න ඉවර වෙයි’

කෝම හරි රට යවන වැඬේට සබීර් ගොඩක් උදව් කළා. ඇයට මතක් වෙනවා ඔහුගේ උත්සාහයත්, ඕනැකමත් හන්දම ඇයට රට යෑමේ අවස්ථාව ලැබුණා.

‘මම සල්ලි ඔක්කොම එව්වා’

‘අයිෂා, දැන් ජීවත් වෙන්න හරිම අමාරුයිනේ ….. හැමදාම බඩු ගණන් යනවා. බේත් හේත් ඔක්කොට ම කොයිතරම් වියදම් වෙනවද?’

ආයෙත් සබීර් කහින්න ගත්තා. ඔහුගේ බූරු ඇඳ ළඟ බීඩි කොට විසිරිලා.

‘බීඩි බීල බීල… පෙනහැල්ලත් දියවෙලා. හනේ මට වෙච්ච දෙයක්’

අබ්දුල් ඇයව බලන්න ආවේ සති දෙකකට පස්සේ. එයා යන්න ඉස්සර අතමාරුවට දුන් සල්ලි ගැන මතක් කළා.

‘දැං හෝටලේ වෙළදාමත් සවුත්තුයි. මගේ සල්ලි ටික ආපහු දුන්නොත් හොඳයි අයිෂා…….’

අබ්දුල් නොනවත්තා කියාගෙන ගියේ මොකක්දෝ ඉරිසියාවකින්. ඇගේ රූපය දැන් එන්න එන්න ම හරි හැඩයි.

‘රට ගියාට පස්සේ හරි ගිහිල්ලා වගේ’ අබ්දුල් ඉඟිමැරුවා. ඔහු හූල්ලන හඬට ඇගේ හිත පත්තු වුණා.

‘අපට නං හැමදාමත් මතක් වෙනවා ඒත් අපට ඉඳහිටවත් කෝල් කළේ නෑ…… නේද?

‘හා …….. නේ …. එහෙම නෑ…..’

අබ්දුල් ආයෙත් ඇගේ වසෙඟට මැදි වුණා. ඔහුගෙන් ණයට ගත් මුදල ගැන යළිත් මතක් කළේ නැහැ. ගමේ ආයෙත් කයි කතන්දර පටන් ගත්තා. පල්ලියෙන් තම පවුලට එරෙහිව නීති රීති ගෙනැවිත් ඒවා ඇවිලූවේ සබීර්ගේ අක්කන්ඩිත්, නංගිලාත්.

‘අපරාදේ දරුවෝ නාස්ති වෙනවා. අයිෂා එළිපිට නාඩගම් කරනවා. අපේ සනුහරේට උං ගාව ගන්නේ කෝමද?’

පල්ලියෙන් ආ අවියා, ඇගේ පැල්පත ඉස්සරහා පිපිිරී ගියා. ඔවුන් ඒ තර්ජනවලට ගැහි ගැහී හිටියා මිසක් කටක් අරින්න බැරුව ගියා.

‘උඹ ඔව්වා ගැන තැවෙන්න එපා’

සබීර් ඇගේ මුහුණට එබිකම් කර කියා සිටියේ වේදනාවකින්. බීඩිවල සැර ගඳට අයිෂා ඉවත බලා ගත්තා.

‘මාත් වැඩි කලක් ජීවත් වෙන එකක් නෑ. ඒත් උඹේ කල දවස ගැන හිතුවට මම අමනාප වෙන්නේ නෑ.’

‘මම ඉන්නේ හිත හදාගෙන……’

ඔහු තවදුරටත් ගොඩක් දේ කියා හිටියා. ඇයට සබීර් ගැන පුදුමයි. පපුවේ ගින්දර පුළුවං තරම් පිටට එන්න නොදී හිත අස්සේ හිරකරගෙන හිනාවෙන මේ වගේ මිනිහෙක්……

‘අපි ජීවත් වෙන හැටි; කන්න බොන්න; හිඟ පාඩුවේ ඉන්න එක ගැන කාටවත් අමාරු නෑ.

පල්ලියත්; නෑයනුත් සලකන්නේ අපි මහ අපරාධකාරයෝ හැටියටනේ……’

අයිෂා ඉකි බින්ඳා. සබීර් කෙසඟ ඇඟිලිවලින් නලල පිරිමැදලා – ඇගේ කඳුලූ පිස දැමූ හැටි.
සබීර් ඔත්පල වන දවස්වල ආයෙත් අයිෂා රට ගියා. මෙවර ඇගේ පාස්පෝට් එක බාරගත්තු ඒජන්සිය – අපූරු විදියෙ වෙනසක් කර තිබුණා. මෙවර ඇය ගියේ ජෝඩුවක් හැටියට. ඇගේ සහායකයා ‘ඉම්තියාස්’ නැමැත්තෙක්.

ඉම්තියාස් තමාට හැම පැත්තෙන් ම ගැලපෙන කෙනෙක්. මියුරු ගී වැල්, වැලි හුළඟට මුසු වෙමින්, පියාපත් නැතුව ම ඇය නිදහසේ ඉගිලූණා ඔහු හා ගත කරන හැම මිනිත්තුවක් ම බොහෝ සොම්සනකින් පිරී තිබුණ. ඒ වියළි කතරේ හැම වැලි කැටයක ම ඉම්තියාස්ගේ නාමය ලියා තබන්න තරම් ආනන්දයක් වූ තරම.

‘‘සබීර්ට අමාරුයි. මේ කතා කරන්නේ ඉස්පිරිතාලේ ඉඳලා’’

සබීර්ගේ ලොකු අක්කා තමාට දන්වද්දි ඇයට හුුස්ම ගන්නවත් අමතක වුණා. ඇය තව දුරටත් කියා හිටියේ ‘සල්ලි එවන්න’ කියලා විතරයි.

‘ඉම්තියාස් – අපේ සබීර්ට අමාරුලූ’

‘ඉතිං ?’

‘මට ආපසු එන්නලූ – නැත්තං සල්ලි එවන්නලූ’
‘කමක් නෑ සල්ලි යවන්න’
‘මං ළඟ නෑ ’
‘මාත් සල්ලි ඒජන්සියට යැවුවා මතකයිනේ’
ඔහුගේ වචන එකපාරට ම රලූ වෙලා … ඇය නිහඬව ම හැරිලා ආවා.

සබීර්ගේ මුහුණ හෝ ඔහුගේ මිනිය ඇයට දකින්න වුණේ නෑ. ඇය තම පැල්කොටයට යද්දී, මිනිස්සු උනන්දු වෙන හැඩක් පෙනී ගියා. තවමත් දරුවන්ගේ හඬා වැටීම් නතර වෙලා නෑ.

කිපායා පැන ගෙන ඇවිත් ඇෙඟ් එල්ලූනා. එවිට අයිෂා මහ හඬින් අඬා වැටුණා.

‘දැන් ඉතින් අඬලා වැඩක් නෑ..’ කවුදෝ උස ගෑණියෙක් මුමුණන හඬ ඇයටත් ඇසෙන්න ගත්තා.
‘අයිෂා දැන් ඔය ඇත්ති වැන්දඹුවක්. දරුවෝ ඉන්න අම්ම කෙනෙක්. අද පටන් ඉදිරි මාස හතරකුත් තව දවස් දහයකුත් ශෝක කාලය හැටියට ඉන්න වෙයි. ඒක ඔයා අනිවාර්යයෙන් කරන්න ඕනෑ. වන්දනා කරන්න – මළගිය ඇත්තට දුහා (ප‍්‍රාර්ථනා* කරන්න.. ගෙයින් එළියට බහින්න තහනම්’
තුන් දවසේ දානෙට ආ පල්ලියේ පූජකයා ඇතුලූ දායකයන් කියා හිටියා.

‘අන්‍ය පිරිමි දිහා බලන එක මහා පාපයක්’
ඔවුන් තවදුරටත් අණ කළා.
‘දෙයියනේ’
‘මාස හතරක්…. කෝමද අපි වියදම් පියවන්නේ බාබා දීපු සල්ලිත් ඔක්කොම දියවෙලා ගිහිං..’
සබීර්ගේ තුන් දවසේ දානෙන් පස්සේ හැමෝම යන්න ගිහිං. අයිෂාගේ අම්මා ඔවුන් සමඟ නැවතුණා. ඒත් උන්දෑ වයසට ගිහිං ‘තවත් බරක් විතරයි’ අයිෂාට තේරුණා.

මාසයක් ඉක්ම ගිහින්. සබීර්ගේ හතලිස් දවස ඔවුන් සැමරුවේ අඩුපාඩුකම් මැද්දේ. ඔහු සදාකාලෙට ම සමුගෙන ගිහින්…. ඒත්….. ඊළඟට මොනවද කරන්නේ. ගමේ කවුරුවත් ම අයිෂාගේ නිවසට පැමිණියේ නෑ. ඉඳහිට දවසක හාල් මාලූ රැුගෙන සබීර්ගේ සොයුරියන් ආව ගියා.

‘දැන් මොනවද කරන්න හිතන්නේ …..’

‘මොනවත් තේරුම් ගන්න බෑ…’

‘අපට උඹ ගැන බලන්න බෑ. ඉඳහිට හරි එන්න බලන්නම්’

සබීර්ගේ වැඩිමල් සොයුරිය කීවේ තැවිල්ලකින්.

‘මාස හතර ගෙට වෙලා ශෝක කාලය ගත කරන්න වෙනවා’

‘ඔව් ඒක ඇත්ත.’ ‘ඒත් මම කෝමද දරුවන් නඩත්තු කරන්නේ. කිපායාත්, මද්දුමිත් ඉස්කෝලේ යවන්න ඕනැ ’‘මේකයි නීතිය. උඹට ආදායම් නෑ… එහෙම වුණොත් උඹලට ජීවත්වෙන් බැරිවෙයි. ’
අයිෂා සුසුම් ලෑවා. ඇය නිහඬව හිටියා.

‘ආපහු රට යන්න එපා.. දරුවෝ බාරගන්න අපටත් බෑ. ඒත් උඹට උදේ වරුවේ වැඩකට යන්න පුලූවන්… හැබැයි හැන්දෑකරේ අවේලාවේ ගෙයින් පිට යන්න බෑ. මාස හතරක් ඔයාට දීලා තියෙන්නේ තාමත් තරුණ හංදා…’

‘ඔව්’

ඔවුන්ගේ වචන තුළ යම් සාධාරණත්වයක් තිබුණා. මුහුණ ආවරණය කරගෙන එළි බැස්සට කමක් නැති බව සබීර්ගේ නෑයන් කියූ දේ ඇයට නැවත නැවත මෙනෙහි වෙනවා.

එක පැත්තකින් ගහක්, කොලක් නැති කාන්තාරවල ඉදිවුණු මන්දිර – මිරිඟුවක්ව ඇසට පෙනෙන්න අරගෙන. වාලූකාවට පායන හඳ … ඉර… මේ සියල්ල පසුකර ගෙන තවත් ලොවක් හොයාගෙන යන්න වෙන බව පැහැදිලියි. ඉම්තියාස් වසර අවසානේ එන බවක් කීවත්, එයත් කාන්තාරයේ දියව යින පිනි කඳුලක්.

ඇය වෙහෙසෙන්නේ කුලියක් හොයා ගන්න.

ඉතිං බැරි වෙන එකක් නෑ. කාලයකට පසුව ඇය පසෙකට කර තිබූ ආම්පන්න සූදානම් කර ගත්තා.
සබීර්ගේ හඬ…. තමාට කතාකරන හඬ පරදා වෙනත් වෙනත් හඬ මතුව ඇහෙනවා. ඇය ඇඳ පැළැද ගෙන පාරට බැස්සේ, ජීවිතේ හොයා ගෙන……….

‘අයිෂා හිනැහුනාය’

අහමඞ් ශම්ශාද් බෙගම්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s