අපගේ පියාපත් අපගේමයි!

To lareena article 1ඉස්ලාම් යැයි ප‍්‍රකාශ වූ සැණින් බොහෝ පිරිසකගේ මතකයට නැගෙන්නේ ස්ත‍්‍රී වහල්භාවයයි. මේ සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම කාලාන්තරයක් පුරා ප‍්‍රබල විවේචනයන්ට හා චෝදනාවන්ට ලක්වෙමින් පවතින බව අපි දනිමු. විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ විවිධ ප‍්‍රදේශයන්හි මලාලා යූසුප් නැමැති මුස්ලිම් දැරිය පෙරදැරිකොට ගනිමින් මුස්ලිම් ස්ත‍්‍රීන්ට අධ්‍යාපනය ස`දහා ඇති අයිතිය අහිමි කෙරෙන බවට ඉදිරිපත් කෙරෙන චෝදනාවේ පසුපස ඇත්තේ ආගම ද නැතහොත් ආගමික මූලධර්මවාදය ද යන ප‍්‍රශ්නය සලකා බැලීම වැදගත් වේග එබැවින් මෙම රචනාව ඉස්ලාම් ආගම තුළ දක්නට ලැබෙන ස්ත‍්‍රීන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබ`ද ඉස්ලාම් ආගමේ දැක්ම, භාවිතයේ පවතින හිඩැස් හා ඒ ස`දහා හේතුවන කාරණා යනාදිය පිළිබ`ද කෙටි විමර්ශනයක් ලෙස සටහන් වේ.

ස්ත‍්‍රීන්ගේ අධ්‍යාපන අයිතිය

“අධ්‍යාපනය ලබා ගැනීම පිණිස වෑයම් කිරීම මුස්ලිම් ස්තී‍්‍ර-පුරුෂ දෙපාර්ශවයේ ම යුතුකමක්” බව ඉස්ලාම් ආගම ස`දහන් කරයිග ඉස්ලාමීය ඉතිහාසය පුරා මහා අධ්‍යාපනඥයින් වශයෙන් හා ගුරුභවතුන් වශයෙන් පත්වූ ස්ත‍්‍රී අධ්‍යාපනඥවරියන් ගණනාවක් සිට ඇතග මුහම්මදු නබි නායකතුමන්ගේ බිරිඳ හා එතුමියගේ කාලවකවානුවේ ජීවත් වූ අනෙකුත් ස්ත‍්‍රීන් යනාදී වශයෙන් මුස්ලිම් ස්ත‍්‍රීන් අධ්‍යාපන හා ආගමික කටයුතුවල ඉදිරියෙන් සිට ඇත. ප‍්‍රසිද්ධ ඉස්ලාම් විද්වතෙකු වූ ඉමාම් ෂාෆීඊගේ ගුරුවරුන් අතරේ ස්ත‍්‍රියක් ද සිට ඇතග එසේමල ආයිෂා අප්දුර් රහ්මාන් නැමැති ස්ත‍්‍රිය අල් කුරානය ස`දහා අර්ථ විවරණ ලියා ඇතග නවීන ඉස්ලාම් විද්වතුන් වූ ඉල්හාම් යූසුප් කර්දාවී, රාෂීත් අල් කන්නූෂී යන අයගේ දියණියන් පිළිවෙලින් විශ්ව විද්‍යාල මහාචාර්යවරියක් හා ආචාර්ය උපාධියක් ලබාගත් අයෙක් වශයෙන් සමාජයේ පුරෝගාමී මුස්ලිම් විද්වතියන් ලෙස තත්කාලයේ ජීවත් වෙතිග මෙවන් උදාහරණ දහස් ගණනක් ඉස්ලාමීය ඉතිහාසය සතුව පවතී.

අද අප රටේ සාපේක්ෂ වශයෙන් මුස්ලිම් පුරුෂයින්ට වඩා බහුලව මුස්ලිම් ස්ත‍්‍රීහු අධ්‍යාපනයේ නිරත වෙති. එසේම, ස්ත‍්‍රීන් අතුරින් තවත් සැලකිය යුතු ප‍්‍රමාණයක් උසස් අධ්‍යාපනය ඉදිරියට කරගෙන යාමේ හැකියාව තිබියදීත් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වී යාමේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවත් අප සැලකිල්ලට ගත යුතුය. ඒ සඳහා හේතුපාදක වූ කාරණා පහත සඳහන් පරිදි දැක්විය හැකිය.

උසස් අධ්‍යාපනයට බාධා

(අ) විවාහය ප‍්‍රමාද වීම, විවාහ වෙළඳපොල තුළ උසස් අධ්‍යාපනය ලැබූ ස්ත‍්‍රීන් සඳහා සුදුසු මනාලයෙකු සෙවීම දුෂ්කර බවට පවතින දෙමාපිය බිය
(ආ) අධ්‍යාපනය යන්න ගෝලීය අධ්‍යාපනය හා ආගමික අධ්‍යාපනය වශයෙන් කොටස් කර දක්වා අධ්‍යාපනය ලැබීම පිළිබඳ ඉස්ලාම් ආගමේ ප‍්‍රකාශය ඇතැම් ”මුල්ලාවරුන්” විසින් විකෘති කොට අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ ආගමික අධ්‍යාපනය ලැබීම පමණක් බවට ජනතාව අතරේ මත ව්‍යාප්ත කිරීම
(ඇ) පුරුෂාධිපත්‍යයෙන් යුත් සමාජ ව්‍යුහය තුළ උසස් අධ්‍යාපනය ලැබූ ස්ත‍්‍රීන් පිළිබඳව ගොඩනගා ඇති නිශේධාත්මක මතවාදය හා ආගමික මූලධර්මවාදීන්ගේ සිත්හි පවතින හීනමානය සහ නිවෙස් තුළ තමන් සඳහා වන සැප පහසුකම් හා සුඛෝපභෝගි තත්ත්වය අහිමි වනු ඇති බවට ඔවුන් තුළ පවතින බිය
(ඈ) ඇතැම් ස්ත‍්‍රීන් තුළ මේ පිළිබඳව දක්නට ඇති මන්දෝත්සාහය හා නොසැලකිලිමත් ආකල්ප
(ඉ) විවාහයෙන් පසු උසස් අධ්‍යාපනයට බාධා ඇතිවීම

මෙකී කාරණා තනිව හෝ ඒකාබද්ධව හෝ මුස්ලිම් ස්ත‍්‍රීන්ගේ උසස් අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම, විවාහ ජීවිතයට සම්බන්ධ වන ස්ත‍්‍රීන්ගෙන් බොහෝ පිරිසකට උසස් අධ්‍යාපනය සඳහා වන අවස්ථාවන් ප‍්‍රායෝගික වන්නේ නැත. අධික වැඩ, සැමියා හා බිරිඳ නිවසේ වගකීම් බෙදා හදා ගැනීම පිළිබඳ දැනුම්වත්භාවය නොමැතිවීම, පුරුෂයින් ගෙදරදොර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පාරම්පරිකව ගොඩනගා ඇති සමාජ විරෝධී මානසිකත්වය, ස්ත‍්‍රීන්ගේ උසස් අධ්‍යාපනයේ පදනමින් ඔවුන්ගේ සමාජ දායකත්වය දිරිමත් කිරීම පිළිබ`දව උනන්දුවක් හෝ කැමැත්තක් නොමැති වීම යනාදිය ප‍්‍රධාන කොටගත් බොහෝ සාධක මේ කෙරෙහි බලපෑම් ඇති කරයි. ස්ත‍්‍රීන් අතුරින් බොහෝ පිරිසකගේ මේ පිළිබඳ දැනුම්වත්භාවය අවම මට්ටමක පවතී.
”යහපත් මව්වරුන් බිහි කිරීම” යන පාඨය (මොටෝ) සමඟ පවත්වනු ලබන මුස්ලිම් ස්ත‍්‍රී මදරසාවන්හි ව්‍යංග දායකත්වය ද මේ සමඟ එකට ගොනු වී ඇත යන්න අප හට ප‍්‍රතික්ෂේප කළ නොහැක.

ස්ත‍්‍රීන් කළ යුතු දේ

මුස්ලිම් ස්ත‍්‍රීන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ මෙකී ගැටලූව විසඳීම සදහා පවතින මූලිකාංගය වනුයේ සමාජීය වශයෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීම වේ. මෙකී සමාජ ආකල්පය වෙනස් කිරීමේදී ස්ත‍්‍රීන්ට ඇති කාර්යභාරය ඉතා වැදගත්ය.

ඒ අනුව බැලීමේදී ”ඉස්ලාම් ආගමික දේශනයන් තුළ ස්ත‍්‍රීන්ගේ අධ්‍යාපන අයිතිය සඳහා පූර්ණ සහතිකයක් පැවතුණි. ඉස්ලාමීය ඉතිහාසය පුරාවට ස්ත‍්‍රියගේ අධ්‍යාපන මට්ටම ඉතා දියුණු තත්ත්වයක පැවති බවට වූ අදහස සමාජය තුළ ස්ථාපිත කිරීමට ස්වයං ගවේෂණය හා එය පාදක කරගත් දැනුම වැඩි වැඩියෙන් දියුණු කරගැනීම මගින් හා එය දැඩි අවධාරණයකින් යුතුව සමාජය තුළ ව්‍යාප්ත කර දැනුවත් කිරීම මගින් මුස්ලිම් ස්ත‍්‍රීන්ගේ මෙකී ගැටලූවට අති සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇත. මන්ද ආගමික මූලධර්මවාදීහු මේ පිළිබද කතිකාවතකට බොහෝ දුරට මූලිකත්වයක් ලබා නොදෙන අතර ඒවා හැකි තරම් වසන් කිරීමට දැඩි උත්සාහයකින් යුතුව කටයුතු කරමින් සිටිති. මුස්ලිම් ස්ත‍්‍රීන් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබදව මතුවන කතිකාවන් පැවැත්වීමේදී එය ඉස්ලාම් විරෝධී බටහිර බුද්ධිශෝධන චින්තනය” ලෙස හංවඩු ගසා නිශේධනීය ප‍්‍රතිබිම්බ ගොඩනැගීම මගින් එක්තරා ආකාරයක චින්තන යටපත් කිරීමක් ”මුල්ලාවරුන්” විසින් දිරිමත් කෙරේ.

මෙකී තත්්ත්වය වෙනස් විය යුතු නම් කටුවක් කටුවකින් ම ඉවත් කරන්නා සේ, ඉස්ලාම් ධර්මයේ මූලිකාංගයන් ද, ඉස්ලාමීය ඉතිහාසය ද, විශේෂයෙන් ම විවිධ ක්ෂේත‍්‍රයන්ට දායකත්වය ලබා දී වාර්තා පිහිටුවා ඇති මුස්ලිම් ස්තී‍්‍රන්ගේ පෞරුෂත්වයන් පිළිබඳව ද මුස්ලිම් ස්තී‍්‍රන් දැනුවත් විය යුතුයි. ඉස්ලාම් ධර්මයේ නාමයෙන් ස්තී‍්‍රන්ගේ අධ්‍යාපන අයිතිය ප‍්‍රමුඛ කොටගත් තවත් බොහෝ මූලික අයිතිවාසිකම් ප‍්‍රතික්ෂේප කරන ආගමික මූලධර්මවාදීන්ට ඉතා සාර්ථකව මුහුණදීමට හැකි වනු ඇත.

ඉස්ලාම් ධර්මය මුස්ලිම් ස්තී‍්‍රන්ට ද අදාළය. එය පුරුෂයින්ට පමණක් සීමා කොට ස්තී‍්‍රන් ද්විතියික මට්ටමකට තල්ලූ කර දැමීම හෝ පුරුෂයින්ට පක්ෂපාතී ලෙස ඒක පාර්ශ්වික අංගයන් පමණක් මතුවීම හෝ කිසිසේත් අනුමත කළ නොහැකිය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව මුස්ලිම් ස්ත‍්‍රීහු තමන්ව තමන්ගේ මට්ටමින් හා සමාජ ක්ෂේත‍්‍රයෙහි ස්ථිරව ස්ථාපිත කර ගැනීම පිණිස ඉදිරිපත් විය යුත්තාහ.

ලැරීනා අබ්දුල් හක්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s