සුනිලා

කටහෙඬ් සොඳුරු පියපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැුඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද

කැවුඩියන් කරව් නඟනා පිළිරාව
යුග සවන් පෙලයි, පවසන්නද කාට
ඔය හඬින් ගලන් එනකොට අනුරාග
ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව

දෑස් හීන් කර කොපුළත සුලි එක්කා
රහස් ලිහන මනුසත්කම අපි දැක්කා
රාත‍්‍රිය දිගයි, එළඹෙද උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැුක්කා

නෙතු පියන් වැසී නෑ, ඔය තවම ඇරී
යන ගමන් මඳක් බලනට හැකිද හැරී
කඳුළකින් හුස්ම ගන්නට මොකද බැරී
පෙනහලූත් බෙදා දුන් විට සහෝදරී

‘මරා’ ගන්න කොට ගණඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරනකොට සටනට නිරන්තරේ
පියා විදා ගෙන එනවද හෙමින් සැරේ

නිදන් නැති නදිය නිදි අපි ගං තීරේ
පැතුම් දරා හිටියද හදවත පෑරේ
ඉතින් කොහේ යන්නෙද දැන් නොම තේරේ
උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ

මංජුල වෙඩිවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s