සුනිලා සමග ස්ත‍්‍රීවාදය සොයා යෑම

Sunila Sepali 1

මා 1970 මැද භාගයේ දැන් කැළණිය විශ්ව විද්‍යාලය නමින් හැඳින්වෙන විද්‍යාලංකාරයේ උපාධි අපේක්ෂිකාවක් ලෙස ඉංග‍්‍රීසි දෙපාර්තමේන්තුවට ඇතුළු වූ වහාම සමාජ ව්‍යාපාර, දේශපාලනය හා නව ‘ක‍්‍රියාකාරකම්’ ගණනාවක් ගැන වාද විවාදවලට පිවිසුණෙමි. මට සුනිලා මුණ ගැසුණේ තිස්ස බාලසූරිය පියතුමාගේ මූලිකත්වයෙන් පැවති සමාජය සහ සාමයික කේන්ද්‍රයේ නිතිපතා පැවති රැුස්වීම්වලට සහභාගි වූ මිතුරන්ගේ කුඩා කණ්ඩායමට සුනිලා ද ඇතුළත් වීමෙනි. සාමයික කේන්ද්‍රය එවකට පැවති රජයේ ප‍්‍රතිපත්ති විවේචනයට ලක් කළ දේශපාලන සංවාද මණ්ඩපයේ නාභියයි. මා ඇය ගැන අසා තිබුණේ එවකට පොප් සංගීත ක්ෂේත‍්‍රයේ නමක් දිනා සිටි ප‍්‍රසන්න අබේසේකරගේ සොහොයුරිය ලෙසනි. ඇය ඒ වනවිටත් කිසි විටෙක පසු නොබාන, සිරිත් විරිත් නොතකන, එඩිතර, සම්ප‍්‍රදායික නොවූ ගැහැණියක් ලෙස කැපී පෙනෙන තත්වයක සිටියාය. ඇය මුණ ගැසුණ පළමු අවස්ථාවේ ම ඇගේ ලෙන්ගතු භාවයෙන් වශී වූ මම ඇයගේ මිතුරියක් වූවෙමි. දශක තුනකටත් අධික කාලයක් පැවති අපගේ මිත‍්‍රත්වය ආරම්භ වූයේ එසේය.

ස්ත‍්‍රීවාදය 1970 ගණන්වල මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ බොහෝ දේශපාලන සාකච්ඡුාවල ඉස්මතු වූ මාතෘකාවක් නොවේ. වමේ දේශපාලන සංවාදය යොමු වූයේ පංති දේශපාලනය, නිර්ධන පංතිය, පංති අරගලය හා ජාතිකත්වය අවබෝධ කර ගැනීම, විග‍්‍රහ කිරීම හා විවාද කිරීම පිළිබඳවය. ස්ත‍්‍රී පුරුෂභාවීය සම්බන්ධතා, දේශපාලන වෙනසක් සඳහා වූ සංවිධානයේ අවධානයෙන් බැහැර වූවක් සේ සැලකිණ. අපගේ කුඩා කණ්ඩායමේ වැඩි ම කාලයක් ගත වූයේ මාක්ස්ගේ පැරණි සංකල්පයක් වූ ආසියානු නිෂ්පාදන ආකාරය, ස්වයං තීරණ අයිතිය, ගොවි ව්‍යාපාර, චිත‍්‍රපට හා ශ‍්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය වැනි කරුණු ගැන වාද විවාද කිරීමටය.

ස්ත‍්‍රීවාදයට මගේ පිවිසුම් ලක්ෂය වූයේ අලූතින් කාර්මික වූ නැගෙනහිර ආසියානු රටවල් කෙරේ අවධානය යොමු වීමත් සමගය. මේ රටවල් කෙරේ අපගේ උනන්දුව වූයේ විශේෂයෙන් ම දකුණු කොරියාව, හොංකොං, තායිවාන්, වැනි රටවල නිදහස් වෙළඳ කලාප තුළ දහස් ගණන් තරුණ ගැහැණුන් කාර්මික වූ ඇඟලූම් කර්මාන්ත ව්‍යාපාරයේ සේවයේ යෙදවීම ගැනය. 1977 න් පසුව ප‍්‍රකාශයට පත් කරන ලද ශ‍්‍රී ලංකාවේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ද මෙවැනි කර්මාන්ත ශාලා පිහිටුවන ලදී. ප‍්‍රථම වරට අපගේ ම දහස් ගණන් තරුණියන් මෙම කම්හල් සේවයට බඳවා ගැනිණ.Sunila-Sepali 2

මෙම උද්වේගකර සමයේ දී ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරය ගොනු වෙමින් පැවති අතර රට පුරා පැතිර යමින් තිබුණ සමාජ ආර්ථික හා දේශපාලන වෙනස්කම් අවබෝධ කර ගැනීමට වෙර දැරු අප වෙත ස්ත‍්‍රීවාදී සංකල්ප ගෙන ආවේ සුනිලා ය. ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳ කුමාරි ජයවර්ධනගේ කෘති පදනම්ව ඇය තම අත්දැකීම් හා ආර්ථික හා දේශපාලන අයිතිවාසිකම් තම වැඩ සමග බද්ධ කළාය. ඇය වතු අංශයේ ගැහැණු කම්කරුවන්ට සමාන වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය මතු කළාය. නිදහස් වෙළඳ කලාපයේ ගැහැණු කම්කරුවන් ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඔවුන් බලවේගයක් ලෙස සංවිධානය කළාය. මෙම වැඩවල දී අප මිතුරු කුමී සැමුවෙල් ද බෙහෙවින් දායක වූවාය. සුනිලා සමග පැවති වාද විවාද මට වැදගත් වූයේ වැටුප් කම්කරුවන් ලෙස ස්ත‍්‍රීන්ගේ දෙවන රැුල්ල ආර්ථිකය තුළත්, පවුල තුළත්, දේශපාලන භූමියේත් ස්ත‍්‍රීන්ගේ ආස්ථානය සන්දර්භ ගත කිරීමේ විවේචනයක් ලෙසිනි. මට ස්ත‍්‍රීන්ගේ ජීවිත දෙස බැලූ විට ‘ද්විත්ව දිනයක්’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න අවබෝධ විය. ස්ත‍්‍රීන් ශ‍්‍රම වෙළඳ පොළ හෝ නිවස තුළ වැඩ කරන නමුත් ගෙදර කරන වැඩ වටිනාකම් එකතු කරන ආර්ථිකයෙන් බැහැරව පවතී. සුනිලා කාන්තාව හා මාධ්‍යයේ ‘ද්විත්ව දිනය’ පිළිබඳ පළමු ස්ලයිඞ් දර්ශනය සකස් කිරීමට ශ‍්‍රීයානි පෙරේරා උනන්දු කළාය. අපි පීතෘ මූලික සමාජයේ ලිංගිකත්වය ගවේෂණය හා අවබෝධ කර ගැනීම ආරම්භ කෙළෙමු. මේ ප‍්‍රයත්නයේ දී අප තනි වූයේ නැත. මේ ගමනේ දී අප හා ඉන්දියාවේ කමලා භාසින්, පාකිස්ථානයේ නිගට් සයිඞ් ඛාන්, එක්සත් ජනපදයේ චාලට් බන්ච් සහ එක්සත් රාජධානියේ කේට් යන්ග් ස්ත‍්‍රීවාදය පිළිබඳ ගවේෂණය, න්‍යාය ගොඩනැගීම මෙන්ම ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමේ මූලික ක්ෂේත‍්‍ර ගොඩ නැගීමට එක් වූහ.

Sunila Sepali 3ගත වූ වසර 37 ක කාලය දෙස ආපසු හැරී බැලීමේ දී ඇය මගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවල කෙතරම් සමීපව සිටියේද යන්න දැකිය හැකිය. 1984 දී කාන්තාව සහ මාධ්‍යය සාමුහිකය ගොඩ නැගීමෙන් පසුව අපට මේ රටේත් දකුණු ආසියාවේත් ස්ත‍්‍රී ව්‍යාපාරය තුළ ස්ථාන ගතවීමට හැකි විය. ස්ත‍්‍රී පුරුෂ සමානත්වය, ස්ත‍්‍රී අයිතිවාසිකම් සහ ස්ත‍්‍රීවාදී කතිකාවට අපගේ මැදිහත්වීමට වඩාත් ව්‍යුහාත්මක වූ ක‍්‍රියාවලියක් ගොඩ නැගීමට පටන් ගතිමු.

ඇය තම කුළුඳුල් දරුවා, සන්ජය ගැබ් ගෙන සිටි ඒ දවස්වල මගේ ශාස්ත‍්‍රවේදී නිබන්ධනය යතුරු ලියනය කිරීමට මගේ නිවසට පැමිණි ආකාරය සිහි පත්වේ. මා සසෙක්ස් හි අයි.ඞී.එස්. ආයතනයේ පී.එච්.ඞී.උපාධි අධ්‍යයන කටයුතුවල යෙදෙමින් සිටිය දී වැඩි කාලයක් විනෝදවීමට ගත කරන බව දැන ගත් ඇය අධ්‍යයන කටයුතු වලට උනන්දුවක් නැති නම් ශ‍්‍රී ලංංකාවට පැමිණ කළ යුතු වැඩ රාශියක් මට ඇති බව පෙන්වා දුන් ආකාරය සිහිපත් කළ හැකිය. ඒ දිනවල මා වික්ෂිප්ත වුව ද ඇය අදහස් කෙළේ කුමක්ද යන්න දැන් පැහැදිලිය. අධ්‍යයන කටයුතු ගැන අවධානය යොමු කළ මම මගේ පාඨ මාලාවේ කටයුතු ඉක්මණින් නිම කොට ආපසු ශ‍්‍රී ලංකාවට පැමැණියෙමි. ඇයගේ දියණිය සුභාගේ සිව් වැනි උපන් දිනයේ දී ඇයට රතු පාට රයිඩින්හුඞ් කේක් එකක් සහ ඇඳුමක් අවශ්‍ය බව සුනිලා අපට කි විට එය ඉටු කරන්නේ කෙසේදැයි කුමී සහ මම දස අතේ කල්පනා කෙළෙමු. මම රතු පාට රයිඩින්හුඞ් කේක් එකක් අපහසුවෙන් සෑදු අතර කුමි රතු පාට රයිඩින් හුඞ් ඇඳුමක් සොයා ගත්තාය. පුංචි සුභාගේ සිහිනය සැබෑ විය.

මම සහ අපේ මිතුරන් කණ්ඩායමක් සුනිලා, ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ විමුක්ති ගී ගයා එනතුරු ඞී ඇස් ජයසිංහ ශාලාව ඉදිරිපිටත් තවත් බොහෝ තැන් වලත් රැුඳී සිටියෙමු. ඉන් පසු අපි කණ්ඩායම තේ බොමින් දේශපාලනය, පොත් සහ චිත‍්‍රපටි ගැන කතා කිරීමට ග‍්‍රීන්ලන්ඞ් කැෆේ හෝ වෙනත් තැනකට ගියෙමු.Sunila-Sepali 4

අප පළමුවෙන් ම හමු වූ දිනවල අපට ‘සම්බන්ධතා’ තිබුණේ නැත. අප බොහෝ දෙනකුට දරුවන්ගේ බරක් තිබුණේ නැත. අප ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිත්වට පිවිසියේ තනිකඩ ගැහැණු ලෙසය. අපගේ ම සම්බන්ධතා සොයා යෑම ආරම්භ වූ පසු අපේ සමහරු වෙනත් අයගේ දරුවන් හදා ගත්හ. නැතිනම් අපේ ම සහෝදරියන්ගේ දරුවන් හදා වඩා ගත්හ. වෙනත් අය තමන්ගේ ම දරුවන් හදා ගැනීමට තීරණය කළහ. අපි අපේ ම ලිංගිකත්වය සොයා ගියෙමු. එහි දී අපට කතා කරමින් සිටි සෑම අභියෝගයකට ම මුහුණ දෙන්නට සිදු විය. ස්ත‍්‍රීන්, ස්ත‍්‍රීන් ලෙස සමාජයීය හා මතවාදී වශයෙන් පෙළ ගැස්වීම, අප තනිකඩ ද, නැතිනම් සමලිංගික ද, විෂම ලිංගිකතාවය ද, අප වැටුප් ලබන රක්ෂාවක් කරන්නේ ද, නැතිනම් ගෙවීමක් නැති ගෘහණියන් ද අප විවාහයක්, නැති මවුවරුන් ද යන ප‍්‍රශ්න මතු විය. සුනිලා, ඇය හැම විට ම කළ ආකාරයට කුමන දෙසකින් අභියෝගයක් පැමිණිය ද ඊට නොබියව මුහුණ දීමට ශක්තියත් ධෛර්යත් ලබා දෙමින් මා වැළඳ ගෙන මා අසළින් ම සිටී.

සුභාගේ බ්ලොග් පිටුවෙන්: 2013 දෙසැම්බර් 10

ලෝකයේ අවසානයේ කිසිත් නැත.’ඇය මට කියනු ඇත. ‘ලෝකයේ අවසානය හැර’ මම කියමි. ඇය හැම විට ම පර්යායලෝකයේ යෙදුනාය. ඉන් ඇය හැඟීම් ඉවත දැමූ බවක් අදහස් වන්නේ නැත. ඇය හැඟීම්වල සෑම ස්ථරයක් ම, දැනවීමක් ම විඳීමට පුරුදුව සිටියාය. මම ද එය ඇගෙන් ඉගෙන ගතිමි. ඇය අපහසු ප‍්‍රශ්න ඇසුවාය. අපහසු පිළිතුරු පරික්ෂා කළාය. එහෙත් අවසානයේ ඇය සැබැවින් ම තම ජීවිතයට වැදගත් කුමක්දැයි තෝරා ගත්තාය. ඇයගේ අසනීපයේ දී සහ මරණයේ දී පවා සෑම විස්තරයක් ම, සෑම ලක්ෂණයක් ම ඇගේ පර්යායලෝකයෙන් මට දැක් වූවාය.

ඔබට ඔබගේ ජීවිතයේ ඕනෑම දෙයක් වෙනස් කළ හැකි බව ඇය මට ඉගැන්වූවාය. එමෙන්ම ඔබට ඕනෑම දෙයකට පුරුදු වන්නට ද පුළුවන. මම කුඩා කාලයේ සිට ම ජීවිතය දුෂ්කර බව දැන සිටියෙමි. එහෙත් ඔබට පී‍්‍රතිමත්ව සිටීමට අවශ්‍යනම් එසේ ද කළ හැකි බව දැන සිටියෙමි. මම එය ඉගෙන ගත්තේ ද අම්මා ගෙනි. වෙනත් කිසිවෙකු තුළ මා නොදුටු ආකාරයට ඇයට තමා සමග, තම ජීවිතය සමග, තමා තෝරා ගන්නා සෑම දෙයක් ගැන ම සැබැවින් ම තෘප්තිමත්ව, සතුටින් සිටීමේ හැකියාව මම ඇය තුළ දුටුවෙමි. එවැනි ගුණයක් ඇති වෙනත් කෙනෙකු මා දුටුවේ නැති තරම්ය. සුළු දෙයක පවා විනෝදයක් තිබිය හැකි බව මම ඇගෙන් ඉගෙන ගතිමි. විනෝදය තුළින් ගරුත්වය හඳුනා ගත හැකිය.

වඩාත් වැදගත්ව අනතුරට ලක්විය හැකි බව, සැලෙන සුළුබව පමණක් නොව හඬා වැටිය හැකි බව එහෙත් කිසි විටෙක දුර්වල නොවීමට මම ඇගෙන් ඉගෙන ගතිමි. ඔබ වටා සිටින පුද්ගලයන් පවා ඔබගේ තේරීම බවත් ඔබ නිවැරදි තේරීමක් කරන්නේ නම් දුකෙහිත් සැපෙහිත් ඔබට තනිවීමට හේතුවක් නැති බව ද මම ඇගෙන් ඉගෙන ගතිමි……

මම අද ඇයගේ දුර්වලතාවය-මගේ ද දුර්වලතාවය-සිහිපත් කොට සතුටුවෙමි. අනෙක් අයගෙන් ශක්තිය ලබා ගන්නා ආකාරය, අනෙක් අයගෙන් ඉගෙන ගැනීමට, සහ මුළු සිතින්ම ආදරය කිරීමට, ඇලී ගැලී සිටීමට ඇති හැකියාව අපි බෙදා හදා ගතිමු. අද මම ඇය, ඇය බවට පත් කිරීමට දායක වූ අයත් මම මා බවට පත් කිරීමට දායක වූ අයත් සිහිපත් කරන්නෙමි.

ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ

සුනිලා තෙමස් සමරු උත්සවය වෙනුවෙන් පැවැත් වූ දේශනය ඇසුරිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s