සුනිලා: දෙමළ මුස්ලිම් සහෝදරත්වයේ පිළිබිඹුව – මඩකලපුවේ සූර්යා ස්ත‍්‍රී සංවර්ධන කේන්‍ද්‍රයේ මතක ආවර්ජනය

මේ සුනිලා සිහිපත් කරනු සඳහා ගත් සාමූහික උත්සාහයකි. මෙම ලිපියට පදනම් වන්නේ 1991 සිට සූරියා සහ පූරණි ස්ත‍්‍රීන්ගේ කේන්ද්‍රයේ සාමාජිකාවන් සමග Sunila - Suriya 1පැවති නොවිධිමත් සාකච්ඡුාවක දී මතු වූ කරුණුය. අපි ඇය කළ මානව අයිතිවාසිකම්, සාමය හා ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම්, ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන්ගේ හැකියා සංවර්ධනය, ප‍්‍රදේශයේ ස්ත‍්‍රී කණ්ඩායම් සඳහා අරමුදල් සොයා ගැනීම සඳහා කළ වැඩ මෙන්ම ඇගේ ආදරය, ධෛර්ය හා සෙනෙහස ගැන කතා කෙළෙමු.

පූරණියේ ස්ත‍්‍රීන්ට අත දුන් හැටි

1980 මුල දී සුනිලා යාපනයට ආවාය. ඒ සිය පියා චාර්ල්ස් අබේසේකර සමගය. ඉන් පසු මර්ජ් සංවිධානයේ වැඩවලටත්, රාජිනී තිරාණගමගේ අවමගුල් උත්සවයටත් පැමිණියාය. 1989 දී ඇය සිය පුතා සංජය සමග යාපනයට ආවාය.

ඒ දිනවල පූරණි කේන්ද්‍රයේ වැඩ හා සම්බන්ධ වූ ස්ත‍්‍රීන් බොහෝ දෙනා සුනිලා ගැන දැන සිටියහ. පූරණි යුද්ධයෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් සඳහා රැුකවරණයක් මෙන්ම ඔවුන්ට පුහුණු මධ්‍යස්ථානයක් ද විය. 1991 දී එල්.ටී.ටී.ඊ.ය පූරණි අත්පත් කර ගත්තේය. එල්.ටී.ටී.ඊ. කාන්තාවෝ පූරණි අරමුදල් ඔවුන්ගේ වැඩවලට ඉල්ලා සිටියහ. එවිට පූරණි කාන්තාවෝ තමන් සතුව පැවති අරමුදල් ඒවා ප‍්‍රදානය කළ ආයතන වලට ම ආපසු යැවීමට තීරණය කළහ. මධ්‍යස්ථානය වසා දැමූ ඔවුහු කොළඹට පැමිණියහ.

2013 වසරේ දී කැනඩාවේ පැවති උත්සවයක දී සූරියා කේන්ද්‍රයේ හිටපු සාමාජිකාවක් මෙසේ කීවාය. තවත් අය ද එම කාලය සිහිපත් කළහ:
”ඒ දිනවල පූරණි සාමාජිකාවන් සිව් දෙනෙක් සහ ඔවුන්ගේ පවුලේ අය දෙහිවල පොලීසියෙන් අත් අඩංගුවට ගෙන සති තුනක් රඳවා ගනු ලැබිණ. ඔවුන්ට ආහාර සැපයීමට කණ්ඩායමක් සංවිධානය කිරීමට අපි උත්සාහ ගතිමු. අප සංවිධානය කෙළේ විදේශිකයන්, මුස්ලිම්, දෙමළ හා සිංහල ස්ත‍්‍රී පුරුෂ කණ්ඩායමකි. එමනිසා පොලීසිය මෙම පිරිස ගැන බොහෝ දෙනෙකු උනන්දු වන බවත් රැුඳවියන්ගේ තත්ත්වය ගැන සොයා බලන බවත් දැන ගත්තේය. සමහර පොලිස් ස්ථානවල දී ස්ත‍්‍රී දූෂණ ගැන ද තොරතුරු තිබූ බැවින් මෙම ගැහැණුන්ගේ ආරක්ෂාව ගැන අපි බෙහෙවින් උනන්දු වූයෙමු. සුනිලා මෙම ගැහැණු නිදහස් කර ගැනීමට බෙහෙවින් උනන්දු වූවාය. ඇය නිරතුරුව ම පාහේ පොලීසිවලට ගියාය.”

උතුරෙන් අවතැන් වූ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් පිළිබඳව සුනිලා වැනි කොළඹ ක‍්‍රියාකාරීන් සමග බොහෝ සාකච්ඡුා පැවැත්විණ. සූරියා සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් මෙසේ සිහිපත් කළාය:
අපි ත‍්‍රීරෝද රථයකින් උතුරෙන් හා නැගෙනහිරෙන් අවතැන් වූ අය නවතා ඇති කඳවුරු බැලීමට ගියෙමු. අපට කළ හැක්කේ කුමක් ද යන්න ගැන දීර්ඝ සාකච්ඡුා පැවැත් වූයෙමු. ඒ දිනවල කඳවුරු පැවතියේ ඊ.පී.ඞී.පී. පාලනය යටතේය. අපි ඔවුන් සමග ආහාර සලාකය ගැනත් ස්ත‍්‍රීන්ගේ වෙනත් මූලික අවශ්‍යතා ගැනත් සාකච්ඡුා කෙළෙමු. ඒ දිනවල අපට කොළඹ කාර්යාලයක් තිබුණේ නැත. අප වැඩ ආරම්භ කෙළේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ කාර්යාලයේ පිටුපස ලබා දුන් කුඩා ඉඩකඩ තුළය.”

ජනවර්ග අතර මිතුරිය

සුනිලා ජීවත් වූයේ ඇය පෙනීි සිටි ප‍්‍රතිපත්ති අනුවය. ඇගේ ජීවිතය ඇය අගය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිළිබිඹුවකි. ඇගේ ජීවිතය ඇගේ මෙහෙවරයි. මේ රටේ දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ඇය පිටස්තරයෙකු වූයේ නැත විවිධ ජනවර්ග අතර ඇයට බොහෝ මිතුරෝ සිටියහ. ගමන් බිමන් ඉතාමත් දුෂ්කර කාලයේ දී පවා ඇය නිතර උතුරට සහ නැගෙනහිරට ගියාය. යුද්ධයෙන් පීඩාවට පත් අයගේ කතා ඇසීමට ඉතා ඈත ගම්වලට පවා ගියාය. ඉන් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් වාර්තා කිරීමේ දී මානුෂික පැති මානයක් දැක්විණ. වාර්ගික ගැටුමට හේතුව එක් ජනවර්ගයකට සමාන අයීතීන් හා ගරුත්වය අහිමි කිරීමය යන අදහස ඇය දැරුවාය. ශ‍්‍රී ලංකාව සියලූ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගරු කරන හා ප‍්‍රජාතන්ත‍්‍රීය භාවිතාවන් අනුගමනය කරන රටක් වනු ඇතැයි ඇය සිහින මැවුවාය. ඇය වාර්ගික ගැටලූව දෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඇසකින් බැලූවාය. ඇය කිසි විටෙකත් බහුතරය සුළුතරය යන සංකල්ප පිළිගත්තේ නැත. ඇය දකින ආකාරයට සියලූ දෙනාට අයිතීන් සහ නිදහස තිබිය යුතුය. සුනිලාගේ දේශපාලනයේ දී ඇය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීති රෙගුලාසි යටතේ රජයෙන් සිදු කළ අයිතිවාසිකම් කඩ කිරීම් ඉස්මතු කර දැක් වූවාය. ඇය එල්.ටී.ටී.ඊ.ය ඇතුළත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් සිදු කළ අයිතිවාසිකම් කඩකිරීම් ද හෙළා දුටුවාය. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොසැලී ඉදිරිපත්වීම නිසා ඇයට වන්දි ගෙවීමට සිදු විය. ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසූ ඇයගේ ජීවිතයට තර්ජන එල්ල විය. වාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් තිබිය යුතුයැයි ඇය නිරන්තරයෙන් ම අවධාරණය කළාය. ඇය ප‍්‍රචණ්ඩත්වය සහ හමුදාකරණය හෙළා දුටුවාය. සාමය ගොඩ නැගීමේ දී ඇය ස්ත‍්‍රීවාදී දැක්මක් එකතු කළාය.

උතුරු-නැගෙනහිර මානව හිමිකම්වලට පිහිට වූ හැටි

ඇය 1987 සිට නැගෙනහිර පළාතේ සිදු වූ අතුරුදහන්වීම් ලේඛන ගත කිරීමට මුල් වූවාය. ඇය ගියේ නගරවලට පමණක් නොවේ. ඇය නැගෙනහිර පළාතේ ඈත කුඩා ගම්වලට පවා ගියාය. 2008 දී මාස ගණනක් අවතැන්ව සිටි ජනතාවට ආපසු සිය ගම්බිම්වලට යෑමට අවස්ථාවක් ලැබුණ විට තනිකඩ ගැහැණු දූෂණය කර ඇතැයි කටකතා පැතිරිණ. රාත‍්‍රී කාලයේ දී ගෙයක් ගෙයක් පාසා සෝදිසි කිරීම්වල දී සහ ගමේ මිනිසුන් එක තැනකට රැුස් කිරීමේ දී ලිංගික අතවර සිදු වන බවට කතා පැතිරෙමින් තිබිණ. එවැනි අවස්ථාවල දී ඇය එම ගම්වලට ගියාය. මඩකලපුවේ ඈත ගම් වලට යෑමට හමුදාවෙන් අවසර ලබා ගැනීමට සාකච්ඡ කිරීමට හැම විට ම ඉදිරිපත් වූයේ සුනිලා ය. ඇය ප‍්‍රදේශයේ ස්ත‍්‍රී ක‍්‍රියාකාරිනියන්ට රැකවරණයත් ආවරණයත් වූවාය.

Sunila - Suriya 2තවත් කි‍්‍රයාකාරිනියක් සුනිලා ගැන මෙසේ කීවාය:
”මට ඇය සුනාමියෙන් පසුව කළ වැඩ ගැන සිහිපත් කළ හැකිය. සුනාමියෙන් පසුව පත් කළ පුරවැසි කොමිටි ඉදිරියේ සාක්ෂි දීමට ජනතාව පෙළඹුවේ ඇයයි. සුනාමියෙන් පසුව කරන ලද යළි ඉදිකිරීම්වලට අයිතිවාසිකම් පැති මානයක් ලබා දීමට ඇය කටයුතු කළාය. මහජන විනිශ්චය සභා ඉදිරියේ මහජනතාව දුන් සාක්ෂිවලට ඇය දවස පුරා ම කිසිවෙකුගේ කතාවකට බාධා නොකර ඔවුන්ට කීමට ඇති සියල්ල කියා අවසන් කරන තෙක් සන්සුන්ව අසා සිටියාය.”

ඇය 2011 දී අවසන් වරට මඩකලපුවට පැමිණි අවස්ථාවේ දී අවතැන් වූවන් නතරවී සිටි හා 2006 දී ෂෙල් වෙඩිවලින් හානියට පත් කදිරවේලී පාසල බැලීමට ගියාය. ඇය ඒ දිනවල බෙහෙවින් අසනීප තත්වයක සිටියත් ඒ ගමන ගියාය.

සෙනෙහෙබර මවක් ලෙස දුක සැප බැලීම

කිසිවෙකු අසනීප වූ විට ඇය ඔවුන් තම නිවසට කැඳවා ගෙන ගොස් ආහාර පාන ලබා දී රැුක බලා ගත්තාය. එය ඇයට තවත් වැඩක් නොව තමා කී සහ ලියන ලද දේ ක‍්‍රියාවට නැගීමකි. ඇය ඒ තුළ ජීවත් වූවාය. ඇය ඔවුන් වෙනුවෙන් තම කාලය ගත කරමින් ඔවුන් සමග පුද්ගලික සම්බන්ධතා ඇති කර ගනිමින් රැුකවරණය ලබා දුන්නාය. සූරියා සංවිධානයේ සමහර ස්ත‍්‍රීන් ප‍්‍රථම වරට අන්තර්ජාතික සම්මන්ත‍්‍රණවලට ගිය විට ඇය ඔවුන් හැමවිටම රැුක බලා ගත්තාය. ඇය ඔවුන් රැුස්වීමට ඉදිරිපත් කරන වාර්තා පරික්ෂා කර බලා අවශ්‍ය තැන්වල දී උපදෙස් දුන්නාය. මතු කළ යුතු ගැටළු හා අවධානය යොමු කළ යුතු කරුණු පෙන්වා දුන්නාය. ගම්බද ගැහැණුන්ට අන්තර්ජාතික සමුළුවක දී කතා කිරීමට ධෛර්ය ලබා දුන්නාය. එපමණක් නොව ඔවුන් සාප්පුවලට කැඳවා ගොස් බඩු භාණ්ඩ මිල දී ගැනීමටත් බැලීමට අවශ්‍ය තැන්වලට කැටිව යෑමටත් ඇය සැම විට ම ඉදිරිපත් වූවාය.

අනාරක්‍ෂිත වූ හැම විට ම සිටි ආරක්‍ෂිකාව

වරක් සංස්කෘතික කණ්ඩායමක් කොළඹ පදනම් ආයතනයේ පැවති සන්දර්ශනයකට පැමිණියේය. එම කණ්ඩායමේ ගැහැණු ළමයි අවට සිරි නැරඹීමට ගොස් කොළඹ මහජන පුස්තකාලයේ ඡුායාරූප ගත්හ. ඒ 1997 දීය. පොලීසිය පැමිණ සංස්කෘතික කණ්ඩායමේ නායිකාව අත් අඩංගුවට ගත්තේය. සුනිලා වහා මැදිහත්ව පොලීසිය සමග සාකච්ඡුා කොට පළමු වරට සන්දර්ශනයකට කොළඹ පැමිණි කණ්ඩායමේ අනෙකුත් අය සන්සුන් කළාය.

තවත් ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියක් මෙසේ කීවාය:
මම වැඩිය ගමන් බිමන් ගිය කෙනෙක් නොවෙයි. මා 1996 දී පාලන මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස සූරියා ව්‍යාපාරයට එක් වූවා පමණි. මට ඉඳුරුවේ පැවැත්වෙන රැුස්වීමක දී ස්ත‍්‍රී සෞඛ්‍ය ගැන දේශනයක් කිරීමට ආරාධනයක් ලැබිණ. මා මඩකලපුවේ ජීවත් වුවත් ඉපදුණේ යාපනයේය. කොළඹට පැමිණීමට මුර කපොලූ 13 ක් පසු කළ යුතුය. මා කොළඹට පැමිණි විට මා කැඳවා යෑමට සුනිලා පැමිණෙන බව කීවාය. මා කොළඹ පිටකොටුවට පැමිණෙන විට රාත‍්‍රී 10.30 පමණ විය. සුනිලා පැමිණෙන තෙක් මම අසල තිබූ දෙමළ ජාතිකයෙකු සතු තේ කඩයට ඇතුළු වූයෙමි. වේලාව ගත වෙත්ම මට බියක් ඇති විය. හදිසියේ ම සුනිලා ස්ත‍්‍රීන් පිරි වෑන් රථයකින් එතැනට ආවාය. වෑන් රථයේ ජනේලයකින් හිස එළියට දැමූ ඇය ‘දෙමළ කාන්තාවක් සිටින්නේ ද’ කියා ඇසුවාය. ඇගේ කට හඬ ඇසීම පවා මට ධෛර්යක් විය. කඬේ සිටි මිනිස්සු මට පිරිමි කෙනෙක් නැතිව ගෑණු රංචුවක් සමග යෑමට ඉඩ දීමට මැලි වූහ. වාහනයෙන් බැස ආ ඇය කඬේ මිනිසුන් සමග කතා කළාය. ඇය මා තුළ අන්ධකාරය ගැන, එහා මෙහා යෑමට තිබූ බිය නැති කළාය.”Sunila - Suriya 3

නව ලෝක දැක්මක් සමඟ ස්ත‍්‍රීන් බලගැන්වීම

ඇයට හැම විට ම නව අදහස් තිබිණ. බරපතල ලෙස රෝගීව සිටින විට පවා ඇයට සූරියා වාර්ෂික මහා සභාවට තම අදහස් එවීමටත් ස්කයිප් මගින් සම්බන්ධ වීමටත් අවශ්‍ය විය. ඇයට හැකි ආකාරයකින් සම්බන්ධ වීමට අවශ්‍ය විය. අපගේ වැඩවලට අන්තර්ජාතික සිදුවීම් අනුව මගපෙන්වීම් සඳහා ඇය අපගේ සාකච්ඡුාවන්ට අන්තර්ජාතික විවාද සහ ස්ත‍්‍රීවාදී අදහස් ගෙන ආවාය. ඇය ස්ත‍්‍රීන්ට අන්තර්ජාතික සංවාද මණ්ඩපවලට සහභාගි වීමට හා එහි දී අදහස් දැක්වීමට උනන්දු කළාය. විවිධ අදහස් හා විවිධ පසුබිම්වලින් පැමිණි පුද්ගලයන් එකට එකතු කිරීමට ඇයට පුදුම හැකියාවක් තිබිණ. සුනිලා, සූරියා සහ නැගෙනහිර පළාතේ පරම්පරා ගණනාවක ස්ත‍්‍රීන් ‘සන්ගත්’ (දකුණු ආසියානු ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවී පුහුණු වැඩසටහන* යටතේ පුහුණු කළාය. අරමුදල් රැස්කිරීමෙන් සහ ව්‍යාපෘති යෝජනා අනුමත කිරීමෙන් ප‍්‍රදේශයේ ස්ත‍්‍රී කණ්ඩායම්වලට සහාය දුන්නාය. නිදසුනක් වශයෙන් මඩකලපුවේ ස්ත‍්‍රී මධ්‍යස්ථානය අරමුදල් නැති නිසා වසා දැමීමට ආසන්න වූ විට ඇය අන්තර්ජාතික සංවිධාන මෙම මධ්‍යස්ථානයට ආධාර කිරීමට එකඟ කර ගත්තාය.

මඩකලපුවේ සූරියා ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s