සුනිලා: ක‍්‍රියාකාරිනියක් සහ යෙහෙළියක් ලෙස…

සුනිලා ගැන කොතනින් කතා කරන්න පටන් ගන්නද, කොතනින් කෙළවර කරන්නද කියලා සිතන්න අපහසුයි. මට මුලින්මSunila-Sepali 1 සුනිලා මුණගැසෙන්නෙ මර්ජ් ආයතනයේ දී. (ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා වන ව්‍යාපාරය 1979 අපි යාපනයේ සිදුවුණු පළමු වන අතුරුදහන් වීම් ගැන දත්ත ගොනු කරන්න ගත් විට. ඒත් එක්කම අපි, යාපනයට පැණ වූ හදිසි නීතියටත්, යාපනයට පමණක් මුලින් ක‍්‍රියාත්මක කළ ත‍්‍රස්තවාදී විරෝධී පනතටත් එරෙහිව වැඩ කරන්න පටන් ගත්තම. 1981 වන විට සුනිලා මර්ජ් ආයතනය කහවත්තේ වතුකරයේ දෙමළ විරෝධී ඝානතයන් සහ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම ගැන ඉංග‍්‍රීසියෙන් පළ කළ වාර්තා සිංහලට පරිවර්තනය කළා. සංජය ඉපදිලා මාසයක් පමණ ඇති. එදා සිට සුනිලාට ලොකු වුවමනාවක් තිබුණා, අපි ඉංගී‍්‍රසියෙන් ලියන වාර්තා සිංහලට හා දෙමළට පරිවර්තනය කරන්න.

ඒත් එක්කම අපේ වැඩ, විශේෂයෙන් ම කාන්තාවන්/ස්තී‍්‍රවාදීන් කරන වැඩ ලේඛනගත කරන්න ඕනැ කියලා ඇය විශ්වාස කළා. මානව හිමිකම් උල්ලංඝනය වීම් ‘ඩොකියුමන්ට්’ කළ යුතුය කියලා තරයේ විශ්වාස කළා. ඒ නිසා ම තමයි ඇය පසු කාලයක ඉන්ෆෝම් ආයතනය හරහා මානව හිමිකම් උල්ලංඝනය කිරීම වාර්තා කරන්න පටන් ගත්තේ.

අපි 1980 ගණන්වල සිට කරපු වැඩවල, නිකුත් කළ ලියවිලිවල, ලීෆ්ලට්, පෝස්ටර්වල පිටපත් එකතු කරන්න පටන් ගත්ත. පසු කාලයක සුනිලා තමන් අතේ තිබුණු, අපි හිතපු ආකාරයට ප‍්‍රකාශ වුණු පළමුවෙනි ස්තී‍්‍රවාදී අත් පති‍්‍රකාව සොයා ගත්තා. ඒ තමයි 1975 ඇය සහ කුමාරි ජයවර්ධන සහෝදරිය වාම මැයි දින රැුස්වීම්වල බෙදපු ‘මැයි දින කළඹ’. ස්තී‍්‍ර ප‍්‍රතිරූපය ගැන, ස්තී‍්‍රන් ගැන තිබුණු මිත්‍යා මත, සාමාන්‍ය ජීවිතයේ ස්තී‍්‍රන්ගේ සැබෑ භූමිකා, වැඩ කරන ස්ති‍්‍රය, ස්ති‍්‍රයගේ වටිනාකම එම ප‍්‍රකාශයෙන් සාකච්ඡුා වුණා. මේ ආකාරයෙන් හැමදාමත් සුනිලා ඇයගේ දේශපාලන කි‍්‍රයාකාරිත්වයට ස්තී‍්‍රවාදී දෘෂ්ටියක් මුසු කළා.

සුනිලත් සමඟ මම නැවත දේශපාලන කි‍්‍රයාකාරිත්වයට යොමුවන්නේ 1982 නිදහස් වෙළද කලාපය අවට මතු වුණු පොලිටෙක්ස් අරගලයේ දීයි. මම ඒ වෙන කොට සමන්මලී, කුමුදුනී රෝසා සහ ෆිලොමිනා සහෝදරියන් සමග ඒකල ස්ත‍්‍රී මධ්‍යස්ථානයේ දී නිදහස් වෙළද කලාප කම්කරු ස්තී‍්‍රන් සංවිධානය කරමින් සිටියා. (පොලිටෙක්ස් අරගලයට ජාතික මට්ටමෙන් සහයෝගය දැක්වීමට)

සුනිලා තව සහෝදරියන් කිහිපදෙනෙක් සමඟ කාSunila-Kumi 1න්තා කි‍්‍රයාකාරී කමිටුව සාදා ගත්තා. ස්තී‍්‍රවාදී නැඹුරුවක් තිබුණු කාන්තා සංවිධාන කාන්තා කි‍්‍රයාකාරී කමිටුව සමඟ සංවිධානගත වුණා. පොදු අරගලයන් සංවිධානගතව දියත් කළයුතු යයි සුනිලා තරයේ විශ්වාස කළා. ඇයගේ මානව හිමිකම් කි‍්‍රයාකාරිත්වයේත්්, ස්තී‍්‍රවාදී කි‍්‍රයාකාරිත්වයේත් ඇය නිරතුරුව ම සංවිධානගතව කි‍්‍රයාත්මක වෙන්නත්, සංවිධානගත වීමේ ශක්තියත් තදින් ම විශ්වාස කළා. පසු කාලයක කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය ගොඩනගන්නත්, ලක්බිමේ මව්වරු සහ දියණියෝ ශක්තිමත් කරන්නත්, වයලා සහෝදරිය ප‍්‍රමුඛ මායිම් ගම්මානවල පොලොන්නරු දිස්ති‍්‍රක් කමිටුව සාදන්නත්, මානව හිමිකම් සංවිධාන එකමුතු කරන්නත් තදින් ම වෑයම් කළා. ජාත්‍යන්තර මට්ටමෙන් ස්ත‍්‍රී මානව හිමිකම් සුරකින්නන්ගේ සන්ධානය ගොඩනගන්න එහි නිර්මාතෘ හැටියට 2005 දී ඇය කි‍්‍රයාත්මක වුණේ ඒ දැඩි විශ්වාසයෙන්. සුනිලාගේ අනිත් ප‍්‍රබල ම දායකත්වය වුණේ මතවාදී තලයේ ඇය දියත් කළ සාකච්ඡුාවන්. මාර්ග ආයතනය හරහා ඇය ස්තී‍්‍රවාදී පරිවර්තන පෙළක් විශේෂයෙන් ම ස්තී‍්‍ර කි‍්‍රයාකාරිනියන් වෙත යොමු කළා. මේරි වොල්ස්ටෝන්ක‍්‍රාෆ්ට් ගේ සිට වර්ජිනියා වුල්ෆ් ගේ ස්ත‍්‍රීවාදී ලියවිලිත්, ලෙනින්, ට්‍රොස්ට්කි සිට ක්ලේරා සෙට්කින්, අලෙක්සැන්ඩ‍්‍රා කොලන්ටායි ස්ත‍්‍රී ප‍්‍රශ්නය ගැන ලියූ දේ ඈ පොතට ගොනු කළා. එය එවක ස්ත‍්‍රී ව්‍යාපාරයට ආ අයගේ අත් පොත බවට පත් විය.

1985 දී අප කිහිපදෙනෙක් සමග ස්තී‍්‍රවාදය නිර්වචනය කළා. රාවයේ පළවුණු මේ සාකච්ඡුා ඇය සඟරාව හරහා ඇති පුරුෂාධිපත්‍යය, ස්තී‍්‍ර දූෂණය වෙනුවට ස්තී‍්‍රන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය වැනි සංකල්ප පොදු සාකච්ජාවට එකතු කළා.

සුනිලාගේ ස්තී‍්‍රවාදී දේශපාලනයත්, මානව හිමිකම් සුරක්‍ෂිතයත් එක්වුණු ප‍්‍රමුඛ අවස්ථාවක් වුණේ ඇය දකුණේ මව් පෙරමුණත් සමඟ 1990 සිට කරපු වැඩ කොටසයි. එවකට විපක්‍ෂ මන්තී‍්‍රන් මංගල සමරවීර හා මහින්ද රාජපක්‍ෂ සමඟ ඇය අතුරුදහන් වීම් වලට එරෙහිව කි‍්‍රයාත්මක වුණා. අතුරුදහන් වීම් වලට එරෙහිව උපායශීලීව කි‍්‍රයාත්මක විය හැක්කේ කෙසේද යන්න ඇය නොයෙකුත් අවස්ථාවල ඉන්ෆෝම් ආයතනයට පැමිණි මන්තී‍්‍ර මහින්ද රාජපක්‍ෂ සමඟ සාකච්ජා කළා. මව් පෙරමුණේ සමාරම්භක රැස්වීමේ දී නව නගර ශාලාවේ වේදිකාවට, රජය විසින් ඝාතනයට ලක් වුණු ඇයගේ මිත‍්‍ර රිචඞ් ද සොයිසාගේ මව මනෝරානී සරවනමුත්තු, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්‍ෂ යන අය සමඟ එක්වුණා. මව් පෙරමුණේ පා ගමන්වල ගියා. අම්මලා සමඟ කෝවිල්, පන්සල්වලට ගියා අතුරුදහන් වූ අය සොයන්න පොලීසි ගානේ ඇවිද්දා. ගොනු කර ගත් දත්ත, වාර්තා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට, වාසුදේව නානායක්කාර සහ මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරුන් අවසානයේ රැුගෙන ගියා. සර්ව පිළිගැනීමක් ඇති මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුව රජයක් කි‍්‍රයාත්මක විය යුතුයි, වගකිව යුතුයි, වග විය යුතුයි කියා ඇය තරයේ විශ්වාස කළා.Sunila Semaruma 3

මේ සැමට ම වඩා සුනිලාගේ මනුෂ්‍යත්වය සහ මානව දයාව ඇයගේ හැම කි‍්‍රයාවක් තුළ ම පිළිරැව් දුන්නා. මගෙත්, ඇය සමඟ වැඩ කළ ඔබ සැමගෙත් දුක සැප ගැන ඇය හැමදාමත් කාරුණික, සෙනෙහෙබර අවධානයක් යොමු කළා. දුර බැහැර ගම්වල හමුවුණු සහෝදර සහෝදරියන්ගෙ සැප දුක් විමසුවා. කොපමණ කාර්ය බහුල වුණත් ඒ අය බලන්න ගියා. විලච්චියේ ද, පොලොන්නරුව-බෝඅත්තෙ ද, පුත්තලම ද, මඩකලපුව ද, යාපනය ද වෙනසක් නැතිව ඇය හමුවුණු කෙනෙක් අමතක කළේ නැහැ. අලූතෙන් හමුවුණු කි‍්‍රයාකාරීන්, කි‍්‍රයාකාරිනියන් පොදු අරගලයට සම්බන්ධ කර ගත්තා. හඳුනා දෙන්න හැමදාමත් වෑයම් කළා. නිරන්තරයෙන් ඒ අයව උනන්දු කළා. අප‍්‍රමාණ ධෛර්යයකින් ඒ අයගේ ප‍්‍රශ්නවලට මැදිහත් වුණා. හැමදාමත් ඇයට වැරදුණු තැන් හරිගස්සගන්න වෑයම් කළා. ඇයට විරුද්ධවාදීව සිටි අය සමඟ සාකච්ජා කරන්න උනන්දු වුණා. පොදු දේශපාලන අරගලය ප‍්‍රමුඛ කර ගත්තා. වෙනස් මතයන්ට ඉඩ කඩ දුන්නා. භාෂණයේ නිදහස රැුක්කා. තේනුත්, මගෙ දරුවත්, මවත්, පියත් එයාගේ ම පවුලේ අයසේ සැලකුවා. කෝච්චියක, බස් එකක නැග ගමන් යන්න පසුබට නොවුණා. කඬේකින් ඉදිආප්ප ටිකක් කා, තේ කහට බිව්වා. පාරෙ පෝස්ටර් ඇලෙව්වා. ලීෆ්ලට් බෙදුවා. කල් කිරි බෝතලේට උණු තේ වක්කරලා සුභාටත්, සංජයටත් ගමන් බිමන්වල දී පෙව්වා. මගේ පුතා චාරුට අසනීප වුණාම අපිත් එක්ක ඉස්පිරිතාලේ ? දවල් ගත කළා. මගෙ අම්මට පාලූවට එයත් එක්ක ගමන් ගියා. ජීවිතේ සුන්දරත්වය වින්දා. හැමදාමත් සිනාමුසු මුහුණෙන්, දයාබර වචනයකින් හැමෝම ඇමතුවා. අප හැමෝට ම ඇගේ කාලයෙන් බිඳක් දුන්නා. විනෝද වුණා. ඇගේ අමරණීය සුන්දර කට හඬෙන් අපව මන්මත් කළා. ජීවිතේ සුන්දරත්වය උපරිමයෙන් අත්වින්දා. මට දයාබර යෙහෙළියක්, සොහොයුරියක්, සහෝදරියක් වුණා.

ඔබ මිය ගොස් නැත – ඔබ මිය ගොස් නැත
ඔබ මිය ගොස් නැත – විරු දියණියනේ…

කුමුදිනී සැමුවෙල්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s