සුනිලා අබේසේකර සහෝදරියගේ මා දැන සිටි දේශපාලනය


‘‘ගත වෙන සෑම දිනයක් ම වඩාත් බරපතල වන බව මම විශ්වාස කරමි. වර්ග වාදය, නව ෆැසිස්ට් වාදයේ බිහිවීම, සංක‍්‍රමණිකයන්ට සලකන Sunila-Lional 1ආකාරයෙන් සහ සංක‍්‍රමණ විරෝධී ව්‍යාපාරවල නැගීමෙන් එය සිදුවන ආකාරය අපට දැක ගත හැකිය. අද පවතින සන්දර්භයේ දී පරික‍්‍රමණය අප මීට වසර දහයකට පෙර පළමුවෙන් ම මෙම අදහස ගැන ක‍්‍රියා කිරීමට පටන්ගත් දිනවලට වඩා වැදගත්ය. අතීතයේ දී ඊශ‍්‍රායෙල් හා පලස්තීන ගැහැණුන් හෝ ශ‍්‍රී ලංකාවේ සිංහල ගැහැණුන් සහ දෙමළ ගැහැණුන් එකට වැඩ කිරීමට ගත් උත්සාහයන් හෝ එකිනෙකාට උදව් කිරීමට, අනුකම්පා කිරීමට, ඔබගේ නාමයෙන් කරන ලද දේවල සුවිශාලත්වයෙන් නිහතමානීව සිටීමට ඇති හැකියාව හා තීක්ෂණභාවය ගැටුම් උත්සන්න වෙත්ම වඩාත් දුරස්ථ වේ. මම සිංහලයෙක් වෙමි. ශ‍්‍රී ලංකාණ්ඩුව මෙම යුද්ධය ගෙන යන්නේ සිංහලයන් ආරක්ෂා කිරීමේ නාමයෙනි. එවැනි වාතාවරණයක් තුළ ස්ත‍්‍රීවාදීන් ලෙස අපට මෙම අදහස කිසිසේත් පිළිගත නොහැකි වුවත් අවස්ථාවන් විසින් මෙම විශ්වාසයේ එල්බ සිටීමට
බල කෙරේ.’’

– සුනිලා අබේසේකර

මෙම උද්ධෘතයෙන් සුනිලා අබේසේකර සහෝදරියගේ දේශපාලන දැක්ම කදිමට කැටි කොට දක්වයි. ඇගේ ජීවිත කාලයෙන් වසර 40 කට වඩා වරක් සෘජු දේශපාලන ක‍්‍රියාකාරිත්වයේත් තවත් වරක එතරම් සෘජු නොවන දේශපාලන කටයුතුවලත් යෙදුණාය. ඇයගේ දේශපාලන භූමිකාවේ විවිධ හැඩ තල තිබිණ. එහෙත් එය කීර්තිමත්, කරුණාබර, කැපවීමෙන් යුත් එකක් ලෙස දැකිය හැකිය. ඇයගේ ජීවිත කාලය තුළ දී ඇය දේශපාලන ක‍්‍රියාකාරිනියක්, මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරිනියක් සහ ප‍්‍රසංග ශිල්පිනියක් ලෙස විවිධ වූ භූමිකා ඉටු කළාය. ඇය ශ‍්‍රී ලංකාවේත් ගෝලීය වශයෙනුත් මානව අයිතිවාසිකම්වලට සහ ස්ත‍්‍රී අයිතිවාසිකම්වලට දැඩිව කැප වී සිටියාය. ඇයගේ මූලික දේශපාලන දර්ශනය හට ගත්තේ සෑම පුද්ගලයෙකුට ම ඔහුගේ / ඇයගේ සමාජ ආර්ථික හා දේශපාලන පසුබිම කුමක් වුව ද ජීවිතයට, නිදහසට හා පුද්ගල ආරක්ෂාවට අයිතියක් ඇත්තේය යන දැක්මෙනි. ඇය මරණය තෙක්ම ඇය විශ්වාස කළ දේශපාලන මූලධර්ම මත නොසෙල්වී සිටි අතර ශ‍්‍රී ලංකාවේ පවතින නීතිය හා සාමයේ දුක්ඛිත තත්ත්වය ප‍්‍රශ්න කළාය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කිරීම ශ‍්‍රී ලංකාවේ බොහෝ ගැටුම්වලට හා අනතුරුව හට ගත් ජීවිත හානිවලට ප‍්‍රධාන හේතුව බව දේශපාලන වශයෙන් විග‍්‍රහ කොට හැඳින ගැනීමට සුනිලාට හැකි විය. සහභාගිත්වයේ සහ සමානයන් ලෙස මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ ගරුත්වය අහිමි කිරීම පවතින විට අනන්‍යතාවය පදනම් කර ගත් දේශපාලනය මතු විය හැකි වන අතර එය දීර්ඝ කාලීනව බරපතළ ප‍්‍රතිඵල ඇති වන ඉතාමත් බෙදුම්කාරී තත්වයන්ට තුඩු දිය හැකිය. දකුණේ සහ උතුරේ හටගත් කැරලිකාර තත්ත්වය යටත් විජිතවාදීන් බහුතරයේ පාලනය නමින් පටවන ලද යටත් විජිතවාදීන්ට හිතවත් සුපිරි පාලනයේ ප‍්‍රතිඵලයකි. එවැනි ගැටුම් හට ගැනීමෙන් වැළකීමටනම් බලය බෙදා හැරීමට හා වෙන් කිරීමට යොමු වන නව ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යුහයන් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍යයැයි ඇය විශ්වාස කළාය. එවැනි වැඩ පිළිවෙලක් තුළින් මෙම රටේ ප‍්‍රජාවන් අතර සම්බන්ධතාවය නිර්වචනය කෙරෙන සාධකයක්ව ඇති සුළුතර/බහුතර බෙදීමෙන් සමාජය මුදවා ගත හැකිය.

හැත්තෑ ගණන්වල සිට ශ‍්‍රී ලංකාවේ සෑම රජයක් ම දකුණේ සහ උතුරේ තරුණ සටන්කාමීත්වයට ප‍්‍රතිචාර දැක්වූයේ මර්දනකාරී නීති, හිතුවක්කාර අත් අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්, වධ හිංසා කිරීම් සහ වාරණය ඇතුළත් ප‍්‍රකාශනයේ නිදහස සීමා කිරීමෙනි. සුනිලාගේ ජීවිතයේ කැපී පෙනෙන අවස්ථාවක් වන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ලයි. එය මෙම තරුණ ගැහැණිය තුළ සමාජ අසාධාරණත්වය ගැන දැඩි හැඟීමක් සහ ගම්බද ජන කොටස්වල දුප්පත් තරුණයන් ඇතුළත් අසාධාරණයට ලක් වූ ජනතාව ගැන තියුණු දැක්මක් ඇති කරවීය. ඇය පැවසූ ආකාරයට කැරැුල්ලට සහභාගි වූ තරුණයෝ පවතින ක‍්‍රමයට අභියෝග කිරීමට නිර්භය වූහ. එම නිසා ඇය තම තරුණ සගයන් සමග රඳවා ගෙන සිටි මෙම තරුණයන් බැලීමට ගොස් ක‍්‍රම ක‍්‍රමයෙන් ඔවුන්ට නීති ආධාර ලබා දීමට හා ඔවුන්ගේ දේශපාලනයට සම්බන්ධ වීමට පටන් ගත්තාය.

ඇයගේ මරණය තෙක් ම ඇය බොහෝ ප‍්‍රාදේශීය ගැටලූවලට මැදිහත්වීමෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධව සිටියාය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අප‍්‍රතිහතව වැඩ කළ ඇය ජාතික ප‍්‍රශ්නයට සාකච්ඡුාමය දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටිමින් මානව වර්ගයාගේ මූලික අයිතිවාසිකම් පිළිගැනීමෙන් හා ඊට ඇති කැපවීමෙන් නොසෙල්වුණාය. මේ ආකාරයට මානව අයිතිවාසිකම් කඩ කිරීම් සිදු කළ කුමන පාර්ශ්වයකට හෝ එරෙහිව ස්වාධීන එහෙත් ප‍්‍රගතිශීලී පියවරක් ගැනීමට හැකි විය. සුපිරි පැලැන්තියේ හාන්සි පුටු දේශපාලනයට සීමා නොවූ ඇයට, මිනිසුන් අතරට ගොස් ඔවුන් සමග සිටිමින් ඔවුන්ගේ යහපත සඳහා වැඩ කිරීමට අවශ්‍ය විය.

ඇය ඉමහත් ධෛර්යකින් හා උද්වේගයෙන් පිරි ස්ත‍්‍රී දේශපාලන ක‍්‍රියාකාරිනියකි. එකල ‘විමුක්ති ගී’ කණ්ඩායමේ හොඳම ගායිකාව වූ ඇය නගරවලත්, ගම්වලත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අනෙකුත් ගායකයන් සමග විවිධ සංගීතඥයන්ගේ නාද රටාවලට අරගලයේත්, විරෝධතාවයේත්, විමුක්තියේත් ගී ගැයුවාය. ඇය ‘රතු බලය’ සඟරාවේ ලේඛිකාවක් සහ පරිවර්තිකාවක් වූවාය. කොළඹ පහළ මධ්‍යම පංතියේ සහ ඉහළ පැලැන්තියේ ඡුන්ද දායකයන් අතර දේශපාලන කටයුතු කිරීමේ දී මට ඇය සමග ගෙයින් ගෙට ගොස් ඡුන්ද කටයුතුවල යෙදීමට, පුවත් පත් විකිණීමට, පුද්ගල හා කණ්ඩායම් සාකච්ඡුා පැවැත්වීමට, පෝස්ටර් ඇලවීමට, විරෝධතා ව්‍යාපාරවලට සහභාගි වීමට හා ප‍්‍රසිද්ධ දේශපාලන රැුස්වීම් සංවිධානය කිරීමට අවස්ථාව ලැබිණ.Sunila-Lional 2

පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඇය ස්ත‍්‍රී අයිතිවාසිකම් ද මානව අයිතිවාසිකම් බව ක‍්‍රියාවෙන් ප‍්‍රදර්ශනය කරමින් වක‍්‍රව දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදුණාය. ඇගේ ස්ත‍්‍රීවාදී දේශපාලන චින්තනයට පදනම වූයේ ‘අනන්‍යතාවය පදනම් වූ දේශපාලන එකතූන් වැඩියෙන් ම පීතෘ මූලිකත්වය තුළ ගැබ්වන නිසා ස්ත‍්‍රීන් ප‍්‍රජනන භූමිකාවකට (සමාජයීය හා ජීව විද්‍යාත්මකව* සීමා කිරීමෙන් ස්ත‍්‍රී සංචලතාවයට හා ප‍්‍රකාශ කිරීමේ නිදහස, මතයක් දැරීමට හා විශේෂයෙන් ම විවාහය හා දරුවන් සම්බන්ධයෙක් තෝරා ගැනීමේ අයිතිය සීමා කෙරේ යන්නයි. රැුඩිකල් සටන්කාමී සංවිධානවල පවා ස්ත‍්‍රීන්ගේ භූමිකාව බොහෝවිට ‘සාමාන්‍ය’ ප‍්‍රජාවේ ස්ත‍්‍රී භුමිකාවේ පීතෘ මූලික මානයන්ගෙන් සීමා කෙරේ.

යටත් විජිතවාදීන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පටවනු ලැබූ රටවල ජන සමාජයට පුරවැසියන් වශයෙන් සමාජ ගිවිසුමක් ගැන අත්දැකීමක් තිබුණේ නැත. සුනිලා මෙය සමාජ ගිවිසුමේ කොටසක් වශයෙන්
ලිංගික ගිවිසුමක් සකස් කිරීමේ ස්ත‍්‍රීවාදී අදහස දක්වා දීර්ඝ කළාය. ‘සමාජ ගිවිසුම යනු ලිංගික ගිවිසුමක් ද’ වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සම්පූර්ණ අදහස ස්ථාන ගතවී ඇත්තේ අයිතිවාසිකම් පිළිබඳ ලෝකය පීතෘ මූලික අවබෝධයකින් සහ පුරවැසියන් වශයෙන් ස්ත‍්‍රීන්ට හා පුරුෂයන්ට වෙනස් භූමිකාවන් නියම වෙන තත්ත්වයන් තුළය. ඇගේ ප‍්‍රශ්නය අදාල වන්නේ ස්ත‍්‍රීන්ට දෙවැනි පංතියේ පුරවැසිකමක් ප‍්‍රදානය කෙරෙන දේශපාලන වාතාවරණයක ස්ත‍්‍රී පුරවැසියන්ගේ භූමිකාව ගැනය.

ඇය මුහුණ දුන් බොහෝ අභියෝග, බුද්ධි අංශවලින් ප‍්‍රශ්න කිරීමේ සිට රාජ්‍යය හා විරුද්ධ දේශපාලන කණ්ඩායම් ඇයට එරෙහිව ගෙන ගිය මඩ ගැසීමේ ව්‍යාපාරය සහ මරණ තර්ජන දක්වා වේ. ඇයට 1987 දී මරණ තර්ජන නිසා රටින් පිටව යෑමට සිදු විය. ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසූ ඇය රජයේ සතුරෙකු ලෙස සලකන ලදී. ඈ ඉන් කිසි විටෙකත් සැලූනේ නැත. වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු සමග ඇය අතුරුදහන් කළ පුද්ගලයන්ගේ මවුවරුන් නියෝජනය කළ මවුවරුන්ගේ පෙරමුණේ ප‍්‍රසිද්ධ රැුස්වීම් ඇමතුවාය. මහා පරිමාණයේ අතුරුදහන් කිරීම් සිදු කළ හා බොහෝ දෙනෙකු බය කිරීමෙන් නිහඬ කළ දකුණේ ත‍්‍රස්තවාදයක් පැවැති සමයක ප‍්‍රසිද්ධ වේදිකාවට නැගීමට තිබූ ඇයගේ ධෛර්ය දේශපාලන වශයෙන් කැපී පෙනේ.

ඇය තවත් ක‍්‍රියාකාරීන් සමග ස්ත‍්‍රීවාදී දැක්මකින් හමුදාකරණය, ගැටුම, ගැටුම් පරිණාමය හා සාමය ගොඩ නැගීම වැනි කරුණු දෙස බැලූවාය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම පිළිබඳව 2012 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවට සහාය දැක්වීම නිසා රාජ්‍ය පාලනය යටතේ ඇති ජනමාධ්‍ය ඇය ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසීමෙන් ඇයට නැවතත් විදේශගත වීමට සිදු විය.

සුනිලා ඇයට ම සුවිශේෂ වූ ආකාරයකින් ලෝකය විග‍්‍රහ කොට ඒ අනුව එය වෙනස් කිරීමට ප‍්‍රයත්න දැරුවාය. ඇය වැඩ කළ ආකාරය ගැන වෙනස් මත තිබිය හැකිය. එහෙත් නිසැකයෙන් ම ඇය විශ්වාස කළ මතවාදයට දැඩිව කැප වී එම අදහස් වෙනුවෙන් පුද්ගල හා ප‍්‍රජා මට්ටමෙන් පෙනී සිටීමටත් භාවිතා කිරීමටත් පසුබට නොවූවාය. ඇය අපගේ කාලයේ වඩාත් ම අව්‍යාජ හා වඩාත් ම අවංක දේශපාලන ක‍්‍රියාකාරිනිය වන්නේ ඒ නිසායැයි මම සිතමි.

විවිධත්වය අවබෝධ කර ගැනීමත්,
හැකිතාක් දුරට සියල්ලන් ඇතුළත් කර ගැනීමත් අතිශයෙන් ම වැදගත්යැයි ඇය අවධාරණය කළාය.
ඇගේ නිගමනය සාරාංශ කෙළේ මෙසේය:

”අපගේ අනන්‍යතාවය ඉල්ලා සිටින අවස්ථාවේ ම එය කළ යුතු වන්නේ අනෙක් අයගේ අනන්‍යතාවයත් ඔවුන්ගේ අන්‍යෝන්‍ය බලපෑමත් අප පිළිගන්නා ආකාරය බැහැර නොකරන සේය.” මෙවැනි පසුබිමක් තුළ ඇයට අවශ්‍ය වූයේ ”සියලූ වෙනස්කම් පැවතිය දී අප එකට වැඩ කරන්නේ කෙසේද, සියලූ වෙනස්කම් ගරු කරන අවකාශයක සියල්ලන් ඇතුළත් කර ගැනීම භුක්ති විඳින්නේ කෙසේද, වෙනස්කම් හරහා සන්ධාන ගොඩ නැගීමට අපට ඉඩ සැලසෙන කිසියම් ආකාරයක සහයෝගිතාවයක් අපට නිර්මාණය කළ හැකි වන්නේ කෙසේද,” යන්න අප ගවේෂණය කරනු දැකීමටය. අන්තර් ජාතික සහයෝගිතාවය, එකිනෙකාට සහාය දැක්වීම හා එකිනෙකා සමග හවුල්කාරිත්වයක් පවත්වා ගැනීමත් මෙය යැයි ඇය සිතුවාය. ඇය මෙසේ කීවාය. ”පරික‍්‍රමණ දේශපාලනය යන්නෙන් අපගේ ම ආස්ථානයේ අප කවුද යන්න පවත්වා ගැනීමට ඉඩ සැලසෙන එහෙත් අප වෙනත් තැන්වල වෙසෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් වන වෙනසක් සඳහා වූ වඩාත් විශාල ප‍්‍රවේගයක කොටසක් බව තේරුම් ගැනීමටත්, වෙනත් ජීවිත හා වෙනත් වාතාවරණ පවත්වා ගැනීමටත් එහෙත් මූලික කරුණු පිළිබඳව එකට සිටීමටත් ඉඩ සලසන්නකි.”

නිදහස හා යුක්තිය ගැන තවමත් විශ්වාස කරන්නේ නම් හා සැබැවින් ම ඇයගේ දේශපාලන ජීවිතය සමරන්නේ නම් අප විසින් කළ යුතු වන්නේ නරුම දේශපාලනය බැහැර කොට මානව ගරුත්වයේ සහ සමානව සැලකීමේ අගනා වටිනාකම් ආරක්ෂා කිරීමට වැඩ කිරීම සහ අනාගත පරම්පරාව සඳහා සමාජ සාධාරණත්වය වෙනුවෙන් නොසෙල්වී කැපවීමත්ය.

ලයනල් බෝපගේ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s