සුනිලා අබේසේකර තෙමස් සමරු උළෙල

අබිමන් ගමනක නොමියෙන මතකය

Sunila Semaruma 2මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ප‍්‍රබල මැදිහත්වීමක යෙදී සිටි, ස්තී‍්‍රවාදිනියක ලෙස අනන්‍යතාවක් තහවුරු කර ගත්, ජනතාවාදී කලාකාරිනියක ලෙස කලාවේ විවිධ ඉසව් ග‍්‍රහණය කර ගත් මානව හිතවාදිනියක වූ සුනිලා අබේසේකර මිය ගොස් තෙමසක් පිරුණු 2013 දෙසැම්බර් මස 10 වැනිදා, කොළඹ පදනම් ආයතනයේ දී සමරු උළෙලක් පැවැත්විණ. ඉන්ෆෝර්ම් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ එක්ව මෙම උළෙල සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි. ඇය මැදිහත්ව සිටි ක්‍ෂේත‍්‍රයන්හී ඇය ඉටු කළ සමාජ මෙහෙවර ඇගැයීම හා සිහි කිරීම මෙම උළෙලේ අරමුණ විය.

සිනමාව හා නාට්‍ය කලාව තුළ සුනිලා අබේසේකර නම් කලාකාරිනියගේ අනන්‍යතාව විදහා දැක්වෙන වීඩියෝ පටයකින් සමරු උත්සවය ආරම්භ වූ අතර, ඇය විසින් ගායනා කරන ලද ගීත ඇතුළත් වීඩියෝ පට කිහිපයක් පැය 4ක සමරු වැඩ සටහන අතරතුර ඉදිරිපත් කෙරිණ. සුනිලා අබේසේකර නම් ස්තී‍්‍රවාදී විචාරිකාව විසින් ලියන ලද, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ප‍්‍රකාශයට පත් කළ, චිත‍්‍රපට විචාර ඇතුළත් ග‍්‍රන්ථය ඇයගේ සොහොයුරා ප‍්‍රසන්න අබේසේකර සහ පුත් සංජය සේනානායක වෙත පිළිගැන්වීම මෙම උළෙලේ විශේෂ අවස්ථාවක් විය. සිනමාව හා සංගීතය තුළ සුනිලා කළ කාර්යභාරය නමින් ආරම්භක දේශනය කරන ලද්දේ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසිනි. මානව හිමිකම් ක්‍ෂේත‍්‍රයේ ඇය කළ ඉමහත් මෙහෙය පිළිබඳ මතක ආවර්ජනය කිරීමට ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ය. ඇය සමඟ එක්ව කටයුතු කළ ඉන්ෆෝර්ම් ආයතනයේ උදය කළුපතිරණ මහතා ද ඇය සමඟ කටයුතු කිරීමේ අත්දැකීම් බෙදා ගැනීමට එක් විය. Sunila Semaruma 3කාන්තා අයිතිවාසිකම් හා ස්තී‍්‍රවාදය වෙනුවෙන් සුනිලාගේ කැපවීම පිළිබඳ මතකයන් එක් කරමින් අදහස් දැක්වීමට කුමුදිනී සැමුවෙල්, ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ, ආචාර්ය ශර්මාල් විජේවර්ධන යන අය එක්වූහ. ඇගේ මව්වත් ගුණය, මානවවාදය සහ පොදු ජන අරගල සමඟ එක්වීම පිළිබඳ මතකයන් අවදි කිරීමට එක් වී සිටියේ සුමිකා පෙරේරා මහත්මිය යි. ජනවාර්ගික ප‍්‍රශ්නය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සුනිලාගේ කැපවීම ද ඇගැයීමට ලක් වූ අතර එම දේශනය කරන ලද්දේ ආචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු මහත්මිය විසිනි. ආචාර්ය රධිකා කුමාරස්වාමි මහත්මිය විසින් සුනිලා ජාත්‍යන්තර වීරවරියක් බවට පත් වී සිටි ආකාරය හා ජාත්‍යන්තරව ඇය ඇගයීමට පත් වූ ආකාරය පැහැදිලි කළාය. දියාන් උයන්ගොඩ සුනිලා විසින් තරුණ පරම්පරාව වෙත ලබාදුන් ආත්මශක්තිය හා ධෛර්ය සිහිපත් කරන ලදී.

භාෂණයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි කෙනෙකු වූ සුනිලාගේ මෙහෙවර ඇගැයීම ද උළෙලේ දී සිදු Sunila Semaruma 1විය. ‘‘මාධ්‍ය නිදහස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සුනිලාගේ කි‍්‍රයාකාරිත්වය’’ යන තේමාව යටතේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර විසින් දේශනයක් පවත්වන ලද අතර, භාෂණයේ නිදහස ප‍්‍රවර්ධනය කිරීමේලා ඇයගේ කැපවීම සම්බන්ධයෙන් ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ අදහස් දක්වන ලද්දේ සුනන්ද දේශප‍්‍රිය විසින්ය.

අභිමානනීය ගමනක සිය ජීවිත කාලය තුළ යෙදුණු සුනිලා අබේසේකර නම් මානව දයාවෙන් පිරිපුන් හිතවතියගේ මෙහෙවර ඇගැයූ උළෙල අවසානයේ, ඇයගේ හඬ පෞරුෂයෙන් වර්ණවත් කළ ප‍්‍රතිභා පූර්ණ හා ජනපි‍්‍රය ගීත මෙන්ම, සමාජ දැක්මකින් යුත් නොඇසෙන ගීත ඇතුළත් සංගීත අඩ හෝරාවක් ද සංවිධානය කොට තිබිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ඉන්දිකා උපමාලී, නදීක ගුරුගේ, ජයතිලක බණ්ඩාර යන ගායක ගායිකාවන් විසින් එම සංගීත අඩ හෝරාව වර්ණවත් කළ අතර, එය, ඇය පිළිබඳ නොමියෙන මතකයන් සියලූ දෙනාගේ හදවත් තුළ යළි ජීවමාන කිරීමක් විය. උත්සවයට පැමිණි සියලූ දෙනා පිළිගන්නා ලද්දේ වයලා පෙරේරා සහ චිත‍්‍රා මෞනගුරු යන මහත්මීන් වන අතර ස්තුති කතාව පවත්වන ලද්දේ ශාමිලා දළුවත්ත මහත්මිය විසිනි.

සිතාරි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s