සටහන: අබිමන් ගමනක් නොමියෙන මතකය…සුනිලා

අර්ධ වාර්ෂිකව නිකුත් වන ‘ඇය’ සඟරාවේ 2013 අවසන් කලාපය නිකුත් වන අවස්ථාව වන විට ශී‍්‍ර ලාංකික සමාජය තුළ ස්තී‍්‍රන් විෂයයෙහි සාකච්ඡුාවට ගත යුතු මාතෘකා රැසක් ඉතිරිව තිබිණ. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උතුරේ ජනතාවට: විශේෂයෙන් කාන්තාවන්ට වසර 25කට පසු ප‍්‍රථම වරට ස්වාධීනව තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දුන් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විණ. සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වූ එම මැතිවරණය වෙනුවෙන් උතුරේ ස්තී‍්‍රන් දැනුවත් කිරීම, ස්තී‍්‍ර මැතිවරණ නිරීක්‍ෂිකාවන් පුහුණු කිරීම මෙන්ම ඔවුන් සමඟ එක්ව මැතිවරණ නිරීක්‍ෂණ කටයුතුවලට දායක වීමට ද ‘‘කාන්තාව හා මාධ්‍ය සාමූහිකය’’ ද සාමාජිකත්වය දරණ ‘‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’’ ස්තී‍්‍ර එකතුවේ දායකත්වය ලැබිණ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මෙවැනි පිබිදීමක් ස්තී‍්‍රන් අතර ඇතිවෙමින් තිබිය දී කම්කරු/වැඩ කරන ක්‍ෂේත‍්‍රයේ ස්තී‍්‍රන් සම්බන්ධයෙන් නොවිසඳුන ගැටළු රැුසක් ඔඩු දුවමින් පවතින බව දකින්නට ලැබිණ. විධිමත් මෙන්ම අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ කම්කරු ස්තී‍්‍රන්ගේ දිගු කාලීන ගැටළු සහ නව සංවර්ධන කි‍්‍රයාදාමය තුළ මතු වන අලූත් ගැටළු ද දකින්නට ලැබිණ. රටේ විදේශ විනිමය උත්පාදනයේ ප‍්‍රථම ස්ථානය හිමි කර දෙන විදේශ ශ‍්‍රමික ප‍්‍රජාවේ බහුතරය වන්නේ ස්තී‍්‍රන් ය. රුපියල් බිලියන 6ක ආදායමක් ඔවුන් විසින් උපයා දෙන බව පසුගිය අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ද ප‍්‍රකාශ කළේය. එම ආදායම බිලියන 10ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ වුවත්, පසුගිය දා විශේෂ චක‍්‍ර ලේඛයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා නියෝග කර තිබුණේ, ගෘහ සේවය සඳහා රට හැර යන ස්තී‍්‍රන් පවුලේ අයගේ කැමැත්ත ලබා ගත යුතු බවයි. ශ‍්‍රමිකයන් වශයෙන් එම ස්තී‍්‍රන් මුහුණ දෙන අභියෝගවලට රටක් වශයෙන් ගත යුතු කි‍්‍රයා මාර්ග තිබිය දී ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතියට අභියෝග කරන තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් ස්තී‍්‍ර කි‍්‍රයාකාරිනියන්ගේ විරෝධය ද ප‍්‍රකාශ විය. එමෙන්ම විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියේ ආරම්භයත් සමඟ ඇති වූ නිදහස් වෙළෙඳ කලාප තුළ කම්කරු ප‍්‍රජාවේ බහුතරය ද ස්තී‍්‍රන් වන අතර පොදුවේ කම්කරුවන් වශයෙනුත්, ස්තී‍්‍ර කම්කරුවන් වශයෙනුත් ඔවුන්ගේ නොවිසඳුණු ගැටළු දැවෙන ප‍්‍රශ්න ලෙස ම ඉතිරිව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ 2013 ඇය සඟරාවේ අවසන් කලාපය කම්කරු ස්තී‍්‍රන් වෙනුවෙන් වෙන් කරන්නට තීරණය කර තිබුණි.

අබිමන් ගමනක නොමියෙන මතකයක් අප අතර ඉතිරි කරමින් ”සුනිලා අබේසේකර”නම් අභිමානනීය සහෝදරිය අප අතරින් වෙන්ව ගියේ මේ අතරේ දීය. ‘ඇය’ සඟරාව ප‍්‍රකාශයට පත් කරන කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ ආරම්භක නියමුවරියක් වූ ඇය, ‘ඇය’ සඟරාව ආරම්භයේ සිට එහි සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළාය. සඟරාවේ චිත‍්‍රපට විචාරය සහ අභියෝගය ලිවීම ඇයගේ නිත්‍ය වගකීමක් බවට පත්වී තිබිණ. ඇයගේ ජීවිතයේ පසුගිය කාලය ස්තී‍්‍රන් මෙන්ම සමස්ත මානව අයිතිවාසිකම් ක්‍ෂේත‍්‍රය කෙරෙහි යොමු වී තිබූ එකක් විය. ස්තී‍්‍ර අයිතිවාසිකම් මෙන්ම මානව හිමිකම් ක්‍ෂේත‍්‍රයේ ඇය කළ කාර්යභාරය ලෝක අවධානයට ලක්වී තිබිණ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මානයෙන් මෙන්ම තවත් මානව හිමිකම් සම්මානවලින් ඇය පිදුම් ලැබුවේ එහෙයිනි. මානව දයාවෙන් පිරිපුන් ස්ති‍්‍රයක් වශයෙන් විරුදාවලී ලැබූ ඇයගේ ජීවිතය අරම්භ වන්නේ ක්‍ෂේත‍්‍ර ගණනාවක විහිද ගිය ප‍්‍රතිභාවන් ඇති කලාකාරිනියක ලෙසිනි. ඇයගේ හඬ ඒ අතින් වඩාත් සම්භාවනාවට පාත‍්‍ර වූවකි. ඇයගේ අමිල ගායනාවන් කිසිදා අමතක නොවන ඒවා බවට පත්ව ඇත. නායිකාවන් අතර නායිකාවක් බවට පත්වූ ඇයගේ රෝගාතුරභාවය නිසා සිදු වූ අකල් මරණය පිළිබඳ ඇය සඟරාවේ සාතිශය සංවේගය පළ කරමින් මෙවර සඟරාව ඇය වෙනුවෙන් ද වෙන් කිරීමට කටයුතු යෙදිණ. ඇය නොමැතිව පළ වන ‘ඇය’ සඟරාවට ඇයගේ සේවාවන් අගය කරමින් මෙන්ම ඇය සමඟ දිගු ගමනක් ආ යහළු යෙහෙලියන්ගේ අත්දැකීම්වලින් ලියවුණු ලිපි කිහිපයක් ම ඇතුළත් වෙයි.

ඇය සංස්කාරිකා

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s