ශී‍්‍ර ලංකාවේ කම්කරු අරගල හා වෘත්තීය සමිති ආරම්භය

1- Hstory SLශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආරම්භය වසර 1800 ගණන් දක්වා අතීතයට දිවයන අතර, වෘත්තීය සමිති සංස්කෘතිය බිහිවූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේදීය. බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාවේ පැවති සමස්ත ආර්ථික ක‍්‍රමයම වෙනස් කළ අතර, ඒ වෙනුවට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දෙන ලදී.

1840 දී පනවන ලද මුඩුබිම් ආඥා පනත යටතේ ලාංකිකයන්ගේ ඉඩම් බලෙන් අත්පත් කර ගැනීමට ඔවුහු කි‍්‍රයා කළහ. මේ අනුව හිමිකාරිත්වය, අයිතිය පිළිබඳ කිසියම් සාක්‍ෂියක් සැපයිය නොහැකි සියළුම ඉඩම්, මුඩු ඉඩම් හෝ රජයේ ඉඩම් වශයෙන් සලකන ලදී. මහනුවර ජනතාවට අයිතිව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් මේ පනත යටතේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අත්පත් කරගත් අතර, ඒවායෙහි තේ, කෝපි වැනි බෝග වගාවන් ආරම්භ කරන ලදී.

වැඩ කරන පංතියේ ආරම්භය

මෙම මුඩු ඉඩම් ආඥා පනත යටතේ සිය ඉඩම් අහිමි වූ ලාංකිකයන් බොහෝ දෙනෙක් සිය පැවැත්ම උදෙසා කම්කරු රැුකියා සොයා නාගරික ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූහ. ඔවුහු බි‍්‍රතාන්‍යයන්ගේ පාලනය යටතේ තේ, කෝපි වගාවන් ආශ‍්‍රිතව සේවය කිරීමට අකමැත්ත පළ කළහ. ලාංකිකයන් පළ කළ මෙම අකමැත්ත නිසා 1846 වසරේ දී වතු වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලදී. මේ අනුව වතු ආශ‍්‍රිත වැවිලි සේවකයන් හා නාගරික සේවකයන් යනුවෙන් කම්කරු කොටස් 2 ක් එකල දක්නට ලැබුණි. මෙම සේවක දෙපිරිස ම ඉතා දුෂ්කර ජීවිත ගත කළ අතර, දිළිඳුකම හේතුවෙන් බොහෝ ගැටළුවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය.

සමස්ත වැවිලි අංශයම පාලනය කරන ලද්දේ බි‍්‍රතාන්‍ය පාලකයන්ට අවශ්‍ය ආකාරයටය. ඔවුන් විසින් 1865 වසරේ දී කම්කරු ආඥා පනත හඳුන්වා දුන් නමුත්, ඒ තුළ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳ කිසිවක් ඇතුළත් නොවීය.

ප‍්‍රථම වැඩ වර්ජනය හා ප‍්‍රථම වෘත්තීය සමිතිය -1893

බි‍්‍රතාන්‍ය පාලකයෝ කිසිදු වෘත්තීය අරගලයක් කිරීමට වැවිලි වතු සේවකයන්ට කිසිදු විටෙක අවස්ථාවක් ලබා නොදුන්හ. වතු ආශි‍්‍රතව සේවය කළ ඉන්දීය කම්කරුවන් නූගත් පිරිසක් වූ අතර, පාලකයෝ ඔවුන්ට වහලූන්ට මෙන් සැළකූ අතර පිටතින් කිසිවෙකුටත් වතුවලට ඇතුළුවීමට හා ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලබා නොදුන්හ. මේ අනුව වෘත්තීය සමිතියක් පිහිටුවීමට හෝ කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් වෙනුවෙන් අරගල කිරීමට ඔවුන්ට එකල ඉඩක් නොවීය.

බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි ප‍්‍රථම වැඩ වර්ජනය නාගරික කම්කරුවන්ගේ දායකත්වයෙන් 1893 වසරේ දියත් කෙරිණි. කොළඹ විශාලතම මුද්‍රණ හා පොත් වෙළඳ සමාගමක් වූ බි‍්‍රතාන්‍යයන් සතු එච්.ඩබ්ලිව්. කේව් සහ සමාගමේ කම්කරුවෝ් සිය වැටුප් ගෙවීම් ප‍්‍රමාද වීම්, අයහපත් වැඩ කිරීමේ හා පීවන තත්ත්වයන් මත එම ප‍්‍රථම වැඩ වර්ජනය ආරම්භ කළහ. නිල වශයෙන් පිළිගත් ප‍්‍රථම වැඩ වර්ජනය වූ මෙය දින 6ක කාලයක් පැවතුණි. වැඩ වර්ජනයේ දෙවැනි දිනයේ දී පවත්වන ලද ප‍්‍රසිද්ධ රැුස්වීමක දී, ලංකාවේ ප‍්‍රථම වෘත්තීය සමිතිය වන මුද්‍රණ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය ආරම්භ කරන ලද අතර, එම රැුස්වීම අවසානයේ දී මුද්‍රණ කම්කරුවෝ් 200 ක් සමිතියේ සාමාජිකත්වය ලබා ගත්හ.

මෙම වර්ජනයට හා වෘත්තීය සමිතිය පිහිටුවීමට සහාය ලබා දුන්නේ, බර්ගර් ජාතික ඇල්ප‍්‍රඞ් එර්නස්ට් බුල්ජෙන්ස් හා ඉන්දීය ගෝව ජාතික ලිස්බෝ පින්තු ය. එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාගත් බුල්ජෙන්ස් අධ්‍යාපන කටයුතු හමාර කොට නැවත ලංකාවට පැමිණ සේවක අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම හා වෘත්තීය සමිති පිහිටුවීමේ වැදගත්කම ආදිය පිළිබඳ කතිකාවක් ආරම්භ කළේය. මේ සඳහා ඔහුට මරදාන ප‍්‍රදේශයේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ඉන්දීය ගෝව ජාතික ලිස්බෝ පින්තු සහාය දැක්වීය. මොවුන්ගේ මෙම මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම වෘත්තීය සමිතිය වන මුද්‍රණ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය 1893 වර්ෂයේ දී ආරම්භ විය.

බි‍්‍රතාන්‍යයන් විසින් 1865 වසරේ දී හඳුන්වා දුන් කම්කරු ආඥා පනතට අනුව වැඩ අතහැර යාම, අරගල කිරීම ආදිය තහනම් කි‍්‍රයාවන් ලෙස නම් කර තිබූ බැවින්, එය පදනම් කර ගෙන කම්කරුවන්ට දඩ නියම කිරීමට හෝ ඔවුන්ව සිරගත කිරීමට හැකියාව තිබුණි. මේ අනුව වර්ජනයට මූලිකත්වය ගත් කම්කරුවන් 5 දෙනෙකු සේවයෙන් පහ කරන ලද අතර, විලියම් නමැති කම්කරුවාට සතියක සිරදඬුවමක් ද නියම කරන ලදී. මෙයින් බියට පත් අනිකුත් සේවකයන් වර්ජනය අතහැර දමා නැවත සේවයට වාර්තා කරන ලද අතර, එම වැඩ වර්ජනය අසාර්ථක එකක් බවට පත්විය. වැඩ වර්ජනය අසාර්ථක වුවත්, බි‍්‍රතාන්‍ය රජය විසින් ගත් කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව නැඟී සිටීමට යම් බලයක්, හැකියාවක් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ග හා සමිති හරහා තමන්ට ලැබෙන බව සේවකයෝ අවබෝධ කර ගත්හ.

නිල වශයෙන් පිළිගත් ප‍්‍රථම වැඩ වර්ජනය මුද්‍රණ කම්කරු වර්ජනය වුවත්, ඊට පෙරත් වැඩ වර්ජන තුනක් ඇති වී තිබුණි.

ඒවා නම්,
– 1860 දී තර්ස්ටන් කාර්මික පාසලේ ගුරුවරුන් සහ වඩු කාර්මිකයන් පාලකයන්ට විරුද්ධව සිදු කළ වැඩ වර්ජනය.

– 1870 දී නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වාරිමාර්ග වැඩ පොළක කම්කරුවන් සිදු කිරීමට ද වැඩ වර්ජනය .

– කොළඹ නගර සභාව මඟින් මස් කඩ සඳහා බදු මුදල් වැඩි කිරීමක් මත 1879 දී මස් කඩ හිමිකරුවන් සිදු කළ දින 3 ක වැඩ වර්ජනය.

මෙම වර්ජන තුනම නිල වශයෙන් පිළිගත් වැඩ වර්ජන නොවූ අතර, ඒ හරහා විශාල බලපෑමක් සිදු කිරීමට ද නොහැකි විය.

දෙවන වැඩ වර්ජනය -1896

1896 වසරේ දී කොළඹ රෙදි අපුල්ලන කම්කරුවන් විසින් දෙවන වැඩ වර්ජනය දියත් කරන ලදී. නගරයේ සියළුම රෙදි අපුල්ලන ස්ථාන පාලනයට පහසු වන සේ නගර සභාවෙහි ලියාපදිංචි කළ යුතුයැයි බල කළ කොළඹ නගර සභාවේ ආඥා පනතකට විරුද්ධව මොවුන් විසින් මෙම වර්ජනය සිදු කරන ලදී. මීට ඉහත කිසි දිනෙක, රජයේ කිසිදු පාලනයකට යටත් නොවූ රෙදි අපුල්ලන්නෝ, මෙම ලියාපදිංචි කිරීම හරහා බලපත‍්‍ර ගැනීම් හා බදු ගෙවීම් ක‍්‍රමයක් ආරම්භ විය හැකි බව අවබෝධ කර ගත්හ. සති 3 ක් පුරා පැවැති මෙම වර්ජනය එම දශකයේ ඇති වූ ඉතාම දීර්ඝ හා සටන්කාමී වැඩ වර්ජනය බවට පත්විය.

කෙසේ වෙතත් මුද්‍රණ කම්කරුවන්ගේ වර්ජනයේ දී මෙන් අධිකාරීහු කම්කරු අඥා පනත ගෙන හැර දක්වමින්, කම්කරුවන් කිහිප දෙනෙකුට විරුද්ධව නඩු පවරා ඔවුන් වැරදිකරුවන් බවට පත් කරමින්, මෙම වර්ජනය ද අසාර්ථක කරන ලදී.

තුන්වන වැඩ වර්ජනය -1906

මෙම කාල වකවානුව වන විට එක්තරා ප‍්‍රමාණයකට රට තුළ දේශපාලන හා ආගමික නොසන්සුන්තා ඇති වෙමින් පැවතුන අතර, රැුඩිකල්වාදී පිරිස් නිරතුරුව ම ආගමික, දේශපාලන හා කම්කරු ව්‍යාපාරය තුළ වැදගත් කාර්ය භාරයක් ඉටු කළහ. බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව නිරන්තරයෙන් දැඩි විවේචන එල්ල විය. මෙවැනි ආගමික උද්ඝෝෂණ, දේශපාලන කි‍්‍රයාකාරකම් ආදිය නිසා ඵකල නාගරික කම්කරු පන්තියට තම වෘත්තීය කි‍්‍රයාකාරකම්වලට හොඳ වාතාවරණයක් උදා විය. මෙසේ ඇති වූ දේශපාලන, ආගමික පුනරුදය හා කම්කරු අරගල අතර අන්තර් සම්බන්ධතාවයක් දක්නට ලැබුණි.

1906 දී කරත්ත කම්කරුවන් දියත් කළ වර්ජනය ප‍්‍රබල වැඩ වර්ජනයක් වූ අතර, එය ප‍්‍රථම සාර්ථක වැඩ වර්ජනය ද විය.

පිටකොටුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරායට බඩු ප‍්‍රවාහනය කළ කරත්තකරුවන්ට, කරත්තයේ බෝන් ලීයේ වාඩි වී ගමන් කිරීම තහනම් කිරීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කරන ලදී. මෙහි නායකත්වය ගෙන කි‍්‍රයා කළේ රේන්ද හිමිකරුවෙකු, කරත්ත හිමිකරුවෙකු මෙන්ම මිනිරන් ව්‍යාපාර හිමිකරුවෙකු වූ ජෝන් කොතලාවල ය. ඉතා නිර්භීත, ජව සම්පන්න, සටන්කාමී, උද්යෝගිමත් නායකයකු වූ මොහු සර් ජෝන් කොතලාවලගේ පියා ය.

මෙම වර්ජනය සඳහා කම්කරුවන් 5000 ක් සහභාගී වූ අතර, නගරයේ වෙළද කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටින ලදී. දුම්රිය ස්ථාන තුළ තේ පෙට්ටි ආදී බඩු ගොඩ ගැසුණි. ඒවා වරාය වෙත ප‍්‍රවාහනය කිරීමක් සිදු නොවුණි. මේ අනුව ලංකාවේ කම්කරුවන් විසින් සිදු කළ ප‍්‍රථම සාර්ථක වැඩ වර්ජනය ලෙස ඉතිහාසගත වන්නේ කරත්තකරුවන්ගේ වැඩ වර්ජනයයි.

මෙයින් කලබලයට පත් බි‍්‍රතාන්‍ය පාලකයෝ, බෝන් ලීයේ ගමන් කිරීමේ තහනම ඉවත් කළහ. වැඩ වර්ජනය සාර්ථක වීමෙන් අනතුරුව කරත්තකරුවන්ගේ සංගමයක් පිහිටුවීමට ජෝන් කොතලාවල ප‍්‍රධානත්වය ගත් අතර, මෙය ලංකාවේ බිහි වූ දෙවැනි වෘත්තීය සමිතිය බවට පත්විය.

එසේ ආරම්භ වූ වෘත්තීය සටන් හා වෘත්තීය සංගම් පසු කාලීනව රට පුරා කම්කරු ප‍්‍රජාවන් අතර ව්‍යාප්ත වූ අතර, තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශවය ඒවා තුළ කි‍්‍රයාත්මක වීම ව්‍යාප්ත විය.

රසිකා දීපානි

(හිටපු කම්කරු කොමසාරිස් -කාර්මික සබඳතා, ඞී.එම්.එස්. දිසානායක මහතා කළ දේශනයක් හා මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචිත ශී‍්‍ර ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම කෘතිය,1978 ආශ‍්‍රයෙනි.*

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s