දහ හත් වසර: සිංහල සිනමාව පිළිබඳ සුනිලාගේ ස්ත‍්‍රීවාදී විචාරයන්

‘‘සිනමාව ගැන ලියන්න උත්තේජනයක් මට ලබාදුන් ප‍්‍රධාන හේතුව හරිම සරලයි – මම එ්වා බලලා ලොකු ආශ්වාදයක් වින්දා. මම අන්තිම අවර ගණයේ වාණිජ චිත‍්‍රපටත් මග නොහැර බලන බවට මගේ යහළුවෝ සාක්කි කියයි! මට ඕන වුනා ප‍්‍රධාන ධාරාව තුළ මොනවද පේ‍්‍රක්‍ෂකයාට පිරිනැමෙන්නෙ කියලා දැනගන්න. ඔය කාරණය නිසා සිනමාකරුවො මා වෙත කිසියම් ගෞරවයක් පෑවා කියලා මට දැනුනා – එ් ගැන මම සතුටුයි. නිතර පාහේ ඔවුන් මට පූර්ව දර්ශනවලට ආරාධනා කළා. විචාරයක් ලියන්න කියල නිතර ඉල්ලූවා.’’ – විශ්වප‍්‍රියා

දහ හත් වසර: සිංහල සිනමාව පිළිබඳ සුනිලාගේ ස්ත‍්‍රීවාදී විචාරයන්

වසර 17ක් පුරාවට සුනිලා අබේසේකර, ඇය හා බද්ධ වූ ඇය යෙදුනු මානව හිමිකම් කටයුතු වැනි පුළුල් ලෙස පොදු පරිකල්පනයට හසු නොවූ නමුත් ඇයට මහත් වූ සතුටක් ගෙන දුන් කාර්යයක නිරත වුවාය. පළමුවෙන් වසරකට සිව් වරක්, දෙවනුව වසරකට තෙවරක් හා අවසානයේ වසරකට දෙවරක් ‘විශ්වප‍්‍රියා’ නම් චිත‍්‍රපට විචාරක චරිතය ආරූඪ කොට ගත් ඇය එ් වන විට ප‍්‍රදර්ශනය වූ සිංහල චිත‍්‍රපටයක් තෝරා ගෙන එය නරඹා ඒ පිළිබඳව ස්ත‍්‍රීවාදී ඇගයීමක් ‘ඇය’ ස`ගරාව සඳහා ලිව්වාය. ‘ඇය’ ස`ගරාව බිහි වූ 1995දීම ඇරඹුණු විශ්වප‍්‍රියාගේ චිත‍්‍රපට විචාරක කොලම 2011 වසර දක්වා ම දිගට ම පැවතිනි. එය ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට විචාරක ඉතිහාසයේ දිගු කාලීනව කෙරුණු ස්ත‍්‍රීවාදී චිත‍්‍රපට කොලම වේ.

ඇයගේ වියෝවෙන් තෙමසක් පිරුණු 2013 දෙසැම්බරයේ දී කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඇයගේ විචාරයන් සියල්ල එක්කොට මුද්‍රණය කළ ප‍්‍රකාශනය තුළින් ‘ඇය’ පාඨක සමූහයාට වැඩි පුළුල් සභාවකට සුනිලාගේ දැක්ම විවර වනු ඇත. මෙම ප‍්‍රකාශනයෙන් කුලූගන්වනු ලැබ, මෙම කටයුතුවල පුළුල් සංස්කෘතික වැදගත්කම අනාගතයේ දී ශාස්ත‍්‍රීය/විද්වත් කතිකාවකට මුලපුරනු ඇත. විශ්වප‍්‍රියාගේ හඬ පිළිබඳ දේශපාලනය හා විග‍්‍රහශීලීත්වය ගැන මෙපමණක් ඉදිරියේ දී ලියවේය යන්න බලාපොරොත්තු වෙද්දී සැම ප‍්‍රකාශිත විචාරයක් වටා ම ‘ඇය’ සංස්කාරකවරිය හා සුනිලා ඇතුලත් වූ ඉතිහාසයක් ඇති බව අපි අමතක නොකළ යුතුය. මෙම ලිපියෙන් දැක්වෙන්නේ ‘ඇය’ සංස්කාරකවරියන් වන සුමිකා පෙරේරා හා අනෝමා රාජකරුණාගේ ‘ඇය’ට දහ හත් වසරක් චිත‍්‍රපටි විචාර ලිවීම පිළිබඳ ලෙන්ගතු මතක සටහන් වලින් උපුටා ගත් අඩුවෙන් දන්නා, සිත් ගත් තොරතුරුය.

Sunila-Shermalඅප සුනිලා චිත‍්‍රපට විචාරිකාවක් ලෙස ඇමතීම සංකීර්ණ ප‍්‍රශ්නයක් වන්නේ ‘ඇය’ සඳහා චිත‍්‍රපට විචාර ලියන විට දී තමන් සුනිලා අබේසේකර ලෙස හුවා දැක්වීමට ඇය නොපැතූ නිසාය. අහඹුවෙන් ඇගේ නියම නමින් එක චිත‍්‍රපට විචාරයක් ප‍්‍රකාශයට පත් වූ බව දැන ගත් විට ඇය මහත් සේ කෝපයට පත් විය. එනමුත් විශ්වප‍්‍රියාගේ අනන්‍යතාවය කවුරුත් දන්නා විවෘත රහසකි-බොහොමයක් ඒ සුනිලා බව දැන සිටි අතර ඒ පිළිබඳව දැනුවත්ව සිටිය ද සුනිලා ආරූඪය ඉවත ලෑමට උත්සුක නොවූවාය. ඇය වෙනත් නමකින් ලිවීම දිගට ම කරගෙන යාම හා බැඳුණු එක අදහසක් වන්නේ ඇයගේ ඉතා ප‍්‍රසිද්ධ ‘දැඩි ස්ත‍්‍රී වාදිනිය’ ගේ අනන්‍යතාව යටතේ පළවූ ස්ත‍්‍රීවාදී විචාරයක් පාඨකයා පක්ෂග‍්‍රාහි ලෙස කියවාවි’යයි ඇයට දැනුණු නිසාය. කෙටියෙන් කියතොත්, පාඨකයා කුමන අයුරින් එය පිළිගත්ත ද, පාඨකයාට ‘සුනිලාගේ චිත‍්‍රපට විචාරය කියවීම’ හුරු කරවීම ඇයට අවශ්‍ය වූයේ නැත. ප‍්‍රියත්වය හා විශ්වය සංයුක්ත වූ විශ්වප‍්‍රියා නාමය චිත‍්‍රපට විචාරය පිළිබඳ ඇය ගත් දිශානතිය පිළිබිඹු කළේය; එනම් රටට සීමා වූ සිනමාව හා අනිකුත් කරුණු වලින් ඔබ්බට- සැබවින් ම ලෝකයට ම අදාළ වූ කරුණු කැටි කොට සිංහල සිනමා විචාරය කරන්නෙකු හැටියටය.

ඉහල විචාර සැපයුමක් කළ ද සුනිලා සිංහල සිනමාව පුළුල් ලෙස විචාරය නොකළාය. තමා විචාරය කරන චිත‍්‍රපටිය තෝර ගැනීමේ අයිතිය ඇය සතු වූ අතර ප‍්‍රදර්ශනය වූ සියලූ චිත‍්‍රපට විචාරය නොකළාය. බොහෝ විට ඇය තමා සිත්ගත් හා එක්තරා දේශපාලන මොහොතක් පිළිබිඹු කල චිත‍්‍රපටයක් විචාරය කළ අතර ම ‘ඇය’ සංස්කාරක අවශ්‍යතාව වූයේ තෝරා ගත් චිත‍්‍රපටය පළවන ‘ඇය’ ස`ගරාවේ තේමාවට ගැලපෙන්නක් වීමය. තෝරාගත් චිත‍්‍රපටය හා විචාරයේ තේමාව පිළිබඳ සුනිලා හා සංස්කාරක මණ්ඩලය අතර සංවාදයක් පැවතුන ද, ඇතැම් අවස්ථාවල දී තේමාවක් යටතේ විචාරය ‘ඇය’ හි පළ කිරීමට සංස්කාරක තීරණයක් ගෙන තිබූ අවස්ථා වල දී චිත‍්‍රපටය නැරඹීමෙන් පසු විචාරයක් ලිවීමට සුනිලා නොපෙළඹුණු අවස්ථා ද විය.

ඇත්තෙන් ම මෙය තෝරාගත් යොමුවක් වුව ද එය සුනිලා චිත‍්‍රපට විචාරිකාවක් ලෙසත්, ඇය නිම කළ විචාරත් කවරාකාරදැයි පිළිබිඹු කළේය. ‘ඇය’ට විශ්වප‍්‍රියා වූ සුනිලා, සිනමා ස`ගරා (උදා. සිනේසිත්, 14 – ප‍්‍රකශනයට අවශ්‍යතාවයක්, චිත‍්‍රපට* බොහොමයකට දායක විය. එසේම ඇයගේ විචාරයට ප‍්‍රවේශ විය යුත්තේ, ඇය සෑම චිත‍්‍රපටයක් ම විචාරය කිරීම තම වගකීම කරගත් පුර්ණ කාලීන චිත‍්‍රපට විචාරකයෙකු නොවේය යන අවබෝධයෙන් යුක්තවය. ඇතැම් විට දවසේ උදය වරුව පමණක් චිත‍්‍රපට විචාරවලට යොමු කරවමින් වැදගත් චිත‍්‍රපට තිරගත වූ අවස්ථාවන්හි දී ඇයව විදේශ ගත කරවමින් මානව හිමිකම් පිළිබඳ කාර්යයන්ට ඇගේ කාලයෙන් විශාල ප‍්‍රමාණයක් මිඩංගු විය. ඇයව සිනමා ශාලවෙනුත් රට තුළ සිදු වූ කතිකාවෙනුත් දුරස්ථව කළ ගමන් බිමන් සුනිලාගේ චිත‍්‍රපට විචාරයට දිගට ම බාධා එල්ල කළ සාධකයකි. එම ගමන් බිමන් නිසා රට තුළ සිදු වන සිදුවීම් හා විවාද පිළිබඳ ඇයගේ විඥානයේ හිදැස් ඇති කළා ද යන්න ඇසිය යුතුය. එක්තරා කාල පරිච්ෙඡ්දයක දී එක් අරමුණක නොපිහිටමින් සිනමාවේ පිළිබිඹු වන කාන්තා ප‍්‍රතිරූපයන් පිළිබඳව ඇය විමර්ශනාත්මකව දැනුවත්ව සිටියේ කෙසේද යන්න ද ඇසිය යුතුය. ඇයගේ විචාරයන්හි කාලය හා සන්දර්භය ගැන වටහා ගන්නේ කෙසේද යන්න සිත්ගන්නා සුළු ප‍්‍රශ්නයකි. සුනිලා චිත‍්‍රපට නිෂ්පාදනයේ හා තිරගත වීමේ විවිධාකාර වූ කාල පරාසයන් ඇතුළත දී චිත‍්‍රපට නැරඹුවාය. ඇතැම් විට මහජන තිරගත වීමට පළමුවත් (අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ ඇය නැරඹුවේ සංස්කරණ අවස්ථාවේ දීය. එය නැරඹූ පළමුවැන්නා ඇය විය හැකිය*. මහජන ප‍්‍රදර්ශනයන් ගෙන් පසුව හෝ අධ්‍යක්ෂකවරුන් හෝ මිතුරන්ගෙන් ලබාගත් ඞීවීඞීපට වශයෙන් නැරඹුවාය. අහස් යානා හා දුම්රිය තුළ හා රැස්වීම් අතරතුර ලියවී ඇති සුනිලාගේ බොහෝ චිත‍්‍රපට විචාර බොහෝ සංචරණය කොට ඇත. ඇය ලොව කොහේ සිටිය ද, ඇතැම් විට යම් ප‍්‍රමාදයන් සහිතව, විශ්වප‍්‍රියා අත්සන් කළ විචාරයන් ‘ඇය’ සංස්කාරකවරියන් වෙත ෆැක්ස් මගින් ළගා වේ.

මුල දී සුනිලා තම අත් අකුරින් අභ්‍යාස පොත්වල විචාර ලිව්වාය. ඇයගේ අත් අකුරු විශාල, සාමාන්‍යයෙන් කියවිය හැකි ලෙසින් පොදුවේ ප‍්‍රවේශම්කාරී ලෙස ලියැවිණි. පසු කාලයක දී සුළු පිරිසක් අනුගමනය කළ ක‍්‍රමයක් වූ යුනිකෝඞ් අකුරු භාවිතයෙන් තම විචාරයන් පරිඝණකයේ ම ලිව්වාය. භාෂාව බොහෝ විට වැරදිවලින් තොර වූ අතර සංස්කරණයේ අවශ්‍යතාවය අඩු වූ නමුත් සිංහලෙන් අදාළ විෂය ගැන ලිවීමට පළපුරුද්දක් ලැබෙන තෙක් ඇයට දෙවන පිටපතක් කියවීම අවශ්‍ය විය. ලැබෙන ප‍්‍රතිචාරයෙන් තම ලිවීම වැඩි දියුණු කිරීමට උත්සුක වූ සුනිලා සන්දර්භය හා විග‍්‍රහය වෙනස් කිරීමට ලැබෙන යෝජනා වලට විවෘත විය. ඇය තව දුරටත් කළ කතිකාවන් හා සලකා බැලීමෙන් පසුව තම විචාරයන් සංශෝධනය කළ අතර එම අරමුණ සඳහා චිත‍්‍රපට දෙවන වරට පවා නැරඹුවාය. විශේෂයෙන් වැඩිමහලූ පරපුරේ අවබෝධ ශක්තියෙන් ඔබ්බෙහි පිහිටියේ යයි ගතානුගතික ලෙස සලකුණු නැගී එන තාක්ෂණයන් වැනි අලූත් දෑ ඉගෙනීමට දැඩි උවමනාවකින් හා ශූරත්වයකින් හෙබි සුනිලා ඒ නිසා ම කැපී පෙනිණි. නිදසුනක් ලෙස තමන්ට ඒ ගැන ලිවීමට අවශ්‍ය වූ විට ඇය ඩිජිටල් සිනමාව ගැන උගත්තාය. සිනමාව පිළිබඳ මෙම තොරතුරු ගවේෂණය චිත‍්‍රපට විචාරිකාවක් ලෙස දියුණු වීමට ඇය කළ දෑ සඳහා සාක්ෂි දරයි.

බොහෝ විට සිනමාව සුනිලාට සමාජ සංසිද්ධියක් විය. ඇය විචාරය කිරීමට යන චිත‍්‍රපට නැරඹීමට තම සහෘදයන්ට ඇරයුම් කළාය. ඇතැම් විට සිනමාවට යාමෙන් බලාපොරොත්තු වූ තෘප්තිය නොලැබුණත් සුනිලාගේ සමාගමය හා ඉන් පසු පැවති චිත‍්‍රපට පිළිබද කතිකාව සැම විටම අගනා අත් දැකීමක් විය.

ශර්මාල් විජේවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s