‘ඇය’ ඔබ හමුවේ තබන අභියෝගය

2013 වසර ගෙවී ගියේ, අපගේ යුගයේ සිටි ශ්‍රේෂ්ඨතම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන නෙල්සන් මැන්ඩෙලාට ලෝකය ම, අවසන් ගරු බුහුමන් පුද කිරීමෙනි. ඔහුගේ ජීවන ගමන් මග නිදහස් සටන්කාමියෙකුගේ සිට දේශපාලන සිරකරුවෙකු දක්වාත් ඉන්පසු වර්ගවාදී උවදුරෙන් මුදවා ගත් ජාතියේ ජනාධිපති තනතුර දක්වාත් විය. වර්ගවාදය යනු කළු බහුතරයට එරෙහිව කුරිරු ලෙස වෙනස්කොට සැලකීමේ සහ සුදු සුළුතරයට වරප‍්‍රසාද හිමිවූත්, වෙන්කොට තැබීමේත් දේශපාලන පද්ධතියකි. මැන්ඩෙලා ධෛර්ය, ප‍්‍රතිසන්ධානය හා යුක්තිය ජීව ගුණය කර ගත්් ප‍්‍රතිමුර්තියකි. ප‍්‍රංශ ජනාධිපතිවරයා පැවසූ ආකාරයට ඔහු තවදුරටත් නිදහස පතා සටන් කරන අයට ආශ්වාදයක් වන අතර සාධාරණත්වය සහ විශ්ව අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කරන ජාතීන්ට බලාපොරොත්තුවක් සහ විශ්වාසය ගෙන දෙනු ඇත.

සැප්තැම්බර් මාසයේ දී අපගේ සගයෙක් හා මිතුරියක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් සඳහා කැපවීමෙන් සටන් කළ සුනිලා අබේසේකර ද අප අතරින් වෙන් විය. අභියෝගය පිටුව නොවරදවා ම ලිවීමෙන් සහ නිතිපතා චිත‍්‍රපටි විවේචනයක් සැපයීමෙන් සුනිලා ‘ඇය’ සඟරාවට කළ දායකත්වය වෙනුවෙන් මෙම කලාපය ඇයගේ වැඩ, ඇයගේ මානුෂිකත්වය සහ මානව වාදය වෙනුවෙන් ඇයට පිරි නැමේ. සුනිලා අත්‍යන්තයෙන් ම ස්ත‍්‍රීවාදිනියක් වූවාය. ඇය තම ස්ත‍්‍රීවාදය මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ප‍්‍රවර්ධනය කිරීමට හා රැුක ගැනීමට යෙදවූවාය. ඇය ස්ත‍්‍රීන් වෙනුවෙන් සහ වාර්ගිකත්වය, පංතිය, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ ලිංගික නැඹුරුව පදනම් කර ගෙන වෙනස්කොට සැලකීමට එරෙහිව මෙන්ම, පීඩාවට සහ කොන් කිරීමට ලක් වූ සියලූ දෙනා වෙනුවෙන් මානව අයිතිවාසිකම් සහ යුක්තිය ඉටු කිරීමට නොසැලී සටන් කරන සමාජ ව්‍යාපාර ගණනාවක ම පෙරමුණේ සිටින ජීවිතයක් ගත කළාය. ඇය යුද්ධය අවසන් කිරීමේ ස්වභාවය ගැන මෙන්ම එහි හේතු සාධක හා ආනිසංශ ගැන උනන්දු වූවාය. වැලිකඩ සහ වවුනියාවේ සිර ගෙවල්වල සිදු කළ මිනී මැරුම් ගැන මෙන්ම රට පුරාම ජනමාධ්‍යවේදීන් ඉලක්ක බවට පත්කර ගැනීම හා මාධ්‍ය නිදහස සීමා කිරීම ගැනත් ඇය එවැනි ම උනන්දුවක් දැක් වූවාය. වැඩි වෙමින් පවතින අන්‍ය ආගම් නොඉවසීම හා ඇය බෙහෙවින් ගරු කරන බුද්ධාගමේ මූලික ඉගැන්වීම් වලට පටහැනිව බොදු බල සේනා මගින් උසි ගන්වන මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ආයතනවලට පහරදීම් ගැන ද ඇය කම්පා වූවාය. අප නව වසරට රැුගෙන යන්නේ මෙම ගැටළුය.

අපි මෙම ලිපියේ ආරම්භයේ දීම නෙල්සන් මැන්ඩෙලාගේ ප‍්‍රතිසංධානයේ සහ යුක්තියේ දායාදය ගැන කතා කෙළෙමු. දේශපාලන ප‍්‍රචණ්ඩත්වයෙන් සහ මර්දනයෙන් පසුව ජාතිය ගොඩ නැංවීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය ද ශ්‍රේෂ්ඨය. ස්ත‍්‍රීන් ඇතුළු සියලූ දෙනාට ම සමානාත්මතාවයත් විවිධත්වයට ගරු කිරීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට ඇතුළත් කිරීම ද ඔහුගේ දායකත්වයකි. ඔහු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජාතිය, ස්ත‍්‍රී පුරුෂභාවය, ලිංගිකත්වය, ගර්භණීභාවය, විවාහක අවිවාහක බව, වාර්ගික හෝ සමාජයීය උපත, වර්ණය, ලිංගික නැඹුරුව, වයස, ආබාධිත බව, හෘද සාක්ෂිය, ඇදහීම, සංස්කෘතිය, භාෂාව සහ උපත ඇතුළත්ව එකක් හෝ ඊට වැඩි හේතූන් නිසා කිසිවෙකුට එරෙහිව සෘජුව හෝ වක‍්‍රව අසාධාරණ ලෙස වෙනස්කොට සැලකීම නතර කිරීම සහතික කිරීමට පියවර ගත්තේය. නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය ගැන ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ”ඔහුගේ ජීවිතය හා දර්ශනය මට ගැඹුරු ආශ්වාදයක් වූ අතර ජනාධිපති මැන්ඩෙලාගේ අභාවය පුද්ගලිකව ම මට වූ පාඩුවකැ”යි සඳහන් කෙළේය. මැන්ඩෙලාගේ ජීවිතය හා දර්ශනය යුක්තිය හා නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම අන්තර්ගත කොට ගත්තේය. ඔහු දඬුවම් නොලැබ සිටීමේ සංස්කෘතිය තුරන් කිරීමේ පද්ධති ගොඩ නගා රජයේත් අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේත් අතීත අපරාධ පිළිබඳ වගවීම තහවුරු කිරීමෙන් සාමය සහ යුක්තිය සමග ප‍්‍රතිසන්ධානය පහසු කර වූයේය. වසර 35 ක යුද්ධයෙන් හා ඊටත් වඩා දීර්ඝ වෙනස් කොට සැලකීමෙන් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමෙන්, සැබැවින් ම ගොඩ ඒමේ දී සහ ඊට පිළියම් යෙදීමේ දී ශ‍්‍රී ලංකාව මුහුණ දිය යුතු, ජනාධිපති රාජපක්ෂ තහවුරු කළ යුතු උරුමය එයයි.

අප නව වසරට පිවිසෙන්නේ ස්ත‍්‍රීන් ගැන බලවත් කනස්සල්ලෙනි. ශ‍්‍රී ලංකාවේ අයහපත් මානව අයිතිවාසිකම් පිළිබඳ වාර්තාව සහ ප‍්‍රජාතන්ත‍්‍රීය යහ පාලනයක් සඳහා වූ දේශපාලන කැපවීම පවත්වා ගැනීමට අපොහොසත්ව සිටියදී වුව ද පොදු රාජ්‍ය මණ්ඩල රැුස්වීමේ මුලසුනට පත්වීම පිළිබඳ දුර්මත මධ්‍යයේදීත් චෝගම් රැස්වීම ආරම්භ වූ දිනයේ දීම ළමා සංවර්ධන හා වනිතා කටයුතු පිළිබඳ ඇමති තිස්ස කරලියැද්ද මහතා එම්.ටී.වී. රූපවාහිනියේ උදෑසන වැඩ සටහනකට එකතු වෙමින් ‘පතිවෘත්තාව රැුක ගැනීමට නොහැකි කාන්තාවන් ජෙන්ඩර් ගැන කතා කරනවා’යැයි කීවේය. ඔහු මෙවැනි ප‍්‍රකාශයක් සිදු කෙළේ එම්.ටී.වී. රූපවාහිනී වැඩ සටහනේ දීත්, ඊට දින කීපයකට පසුව පාර්ලිමේන්තුවේ දීත් ස්ත‍්‍රීන්ට හා ළමයින්ට එරෙහි අපරාධ ඉහළ යමින් පවතින බරපතල ප‍්‍රශ්නයක් බව පිළිගත් තත්ත්වයක් යටතේය. තිස්ස කරලියැද්ද මහතා මීට පෙර ද අවස්ථා කීපයක දීම පොදුවේ සියලූ ස්ත‍්‍රීන් අපහාසයට ලක් කෙරෙන බෙහෙවින් ලිංගික වූ ප‍්‍රකාශයන් කෙළේ තමා උසුලන ළමා සංවර්ධන හා වනිතා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යාංශයේ වගකීම් පිළිබඳ කිසිදු අදහසක් නොමැතිවය. අතීතයේ දී මෙම කැබිනට් අමාත්‍යාංශයේ භූමිකාව සහ වගකීම් බරපතල ලෙස සැලකිල්ලට ගත් රේණුකා හේරත්, අභාව ප‍්‍රාප්ත ශ‍්‍රීමනී ඇතුළත්මුදලි, අමරා පියසීලි රත්නායක සහ සුමේධා ජයසේන වැනි කැබිනට් අමාත්‍යවරියන් පිළිබඳ අතීතයක් තිබිණ. ඔවුහු ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප‍්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීමට සහ ස්ත‍්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට බොහෝදුරට වෙහෙසක් ගත්හ. වනිතා කටයුතු පිළිබඳ පළමු පිරිමි ඇමතිවරයා ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රීන් පහත් කොට සැලකෙන හා හඳුනා ගත් ස්ත‍්‍රී කණ්ඩායම් අපහාසයටත් අපහසුවටත් ලක් කෙරෙන මෙවැනි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිරීම රාජ්‍ය තනතුරු දරන්නන්ගේ සාර ධර්ම පිරිහීම පිළිබඳ ඛේදනීය දර්ශකයකි. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයෙන් ඔහු තම වගකීම් ගැන නොදැනුවත් බවත් ඔහුගේ පුද්ගලික ජීවිතයේ දී සහ රාජකාරී කටයුතුවල දී ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සාර ධර්ම ප‍්‍රතික්ෂේප කරන බවත් මනාව පැහැදිලිය. මෙවැනි වාතාවරණයක් පවතින්නේ වනිතා කටයුතු පිළිබඳ අයවැය ප‍්‍රතිපාදනය සියයට 0.008 ක්ව පවතින තත්ත්වයක් යටතේය. ස්ත‍්‍රී සමාජ, ආර්ථික අයිතීන් සාක්ෂාත් කර ගැනීමේ දී අයවැය ප‍්‍රතිපාදනවල වැදගත්කම අපට තවදුරටත් අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. අයවැයේ එක් එක් කොටස්වලින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප‍්‍රගමනය සඳහා වෙන් කර ඇත්තේ කොපමණ ද යන්නත්, සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳව බලපාන ආකාරය ගැන අවධානය යොමු කිරීමටත්, ස්ත‍්‍රී පුරුෂ දැක්මකින් අයවැය විශ්ලේෂණය කිරීම ඇරඹිය යුතුය. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ස්ත‍්‍රීන්ට එරෙහිව වෙනස් කොට සැලකීම පිළිබඳ කරුණු වඩාත් බරපතල ආකාරයෙන් සැලකිල්ලට ගැනීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටත් සමානාත්මතාවයට ඇති ස්ත‍්‍රීන්ගේ අයිතිය තහවුරු කිරීමටත්, එම අයිතීන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙසත් ඉහළම තැන්වලින් දේශපාලන කැපවීමක් ඉල්ලා සිටීමටත් පටන් ගත යුතුය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත්, සමානාත්මතාවය සඳහාත්, විවිධත්වයට ගරු කිරීම සඳහාත් වූ අරගලයකි. එය ස්ත‍්‍රීන්ගේ වගකීමක් පමණක් වන අරගලයක් නොව මානව අයිතිවාසිකම් සහ මානව ගරුත්වය සඳහා සටන් කරන සියලූම දෙනා, ස්ත‍්‍රීන් සහ පුරුෂයන් එකට එක්ව කළ යුතු අරගලයකි. ”සමාජය පරිණාමය කිරීමටත් අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, ගරුත්වය ප‍්‍රතිස්ථාපනය කිරීමටත්” අපට ඇති එකම මාර්ගය එයයි. ස්ත‍්‍රීන්ට නිදහස්ව හා ගරුත්වයෙන් යුතුව නොසලකන තාක් කිසිම සමාජයක් නිදහස් නොවේ.

Cartoon 11

කුමුදිනී සැමුවෙල්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s