විශිෂ්ඨත්වයට පත් මාධ්‍යවේදිනියෝ

විශිෂ්ඨතා සම්මාන උළෙල 2013

Journalists

1999 වසරේදී ආරම්භ කරන ලද කර්තෘ සංසද ”ජනමධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙල” 14 වැනි වරටත් අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබූයේ 2013 ජූලි 30 වැනිදා රාති‍්‍රයේය. ශී‍්‍ර ලංකා කර්තෘවරුන්ගේ සංසදය, ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනයේ සහයෝගය ඇතිව ගල්කිස්ස මහහෝටලයේ දී පැවැත්වූ මෙවර සම්මාන උළෙලේ දී එම උළෙල වර්ණවත් කරමින් ස්තී‍්‍ර මාධ්‍යවේදිනියන් කිහිප දෙනෙක් ම විශ්ෂ්ඨතා සම්මානවලින් පිදුම් ලැබූහ. එම විශිෂ්ඨයන් අතරට කැපී පෙනෙන්නට විශිෂ්ඨ හැකියාවන්ගෙන් හා වෘත්තීයවේදයෙන් පිරුණා වූ පුවත්පත් කලාවේදිනියන් අපගේ ඇස්මානයේ ම ප‍්‍රත්‍යක්‍ෂ කළේ හැදිමිටෙන්, තොටිල්ලෙන් පමණකුදු නොව පෑනෙන් ද, බුද්ධිබල මහිමයෙන් ද ස්ති‍්‍රත්වයට යා හැකි දුර පිළිබඳ සත්‍යයයි.

ගවේෂණාත්මක වාර්තාකරණය, පාරිසරික වාර්තාකරණය, විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණය, තීරු රචනය, විශේෂාංග රචනය යන තේමාවන් යටතේ සම්මානයට පාත‍්‍රවන්නට මෙවර ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී පුවත්පත් කලාවේදිනියන්හට අවස්ථාව ලැබුණි. ඒ හැර මර්වින් ද සිල්වා වසරේ ජනමාධ්‍යවේදියා, ඩෙන්සිල් පීරිස් වසරේ තරුණ මාධ්‍යවේදියා යන සම්මාන ද හිමි වූයේ මාධ්‍යවේදිනියන්ටය. කර්තෘවරුන්ගේ සංසදය විසින් තීරණය කර පිරිනමනු ලබන මාධ්‍ය නිදහස උදෙසා කළ කැපවීම වෙනුවෙන් වූ සේපාල ගුණසේන මාධ්‍ය නිදහස සඳහා සම්මානය හිමි වූයේ ද ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිනියකටය. මාධ්‍ය ජීවිතයේ එක්වරක් පමණක් හිමිවෙන දීර්ඝ කාලීන සේවය අගයා පිරිනමන රන් සම්මානය ලබාගත් ප‍්‍රවීණයන් පස් දෙනා අතරට ද එක් මාධ්‍යවේදිනියක් එක් වී සිටියාය.

කැරොCarol Aloysisල් රෝහිණී ඇලෝසියස්
මාධ්‍ය ජීවිතය තුළ ලබන රන් සම්මානය

වසර 1969 කැරොල් රෝහිණී ඇලෝසියස් සිය වෘත්තීය දිවිය ඇරඹූයේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිකාරිනියක ලෙස සුදුසුකම් ලබමිණි. ලේක්හවුස් ආයතනය මඟින් පළ කළ ”ඊවිනිං ඔබ්සර්වර්” හා ”සන්ඬේ ඔබ්සර්වර්” පුවත්පත්වල කාන්තා පිටුවේ සහාය සංස්කාරිකා, ළමා හා සෞඛ්‍ය පිටුවල සංස්කාරිකා ලෙස කටයුතු කළ ඇය, පසුව එම පුවත්පත් දෙකෙහි ම විශේෂාංග කර්තෘ හා නියෝජ්‍ය කර්තෘ ධූරයන් ද හෙබවූවාය. පසුකාලීනව ”ද නේෂන්” පුවත්පත හා සම්බන්ධ වූ ඇය, නැවතත් ”සන්ඬේ ඔබ්සර්වර්” හා එක්වූවාය. මිචිගන් විශ්ව විද්‍යාලය ඇතුළුව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල සහභාගිත්ව පුහුණු අත්දැකීම් ලබාගන්නට ද කැරොල් සමත් වූවාය. සෞඛ්‍ය තොරතුරු වාර්තාකරණයෙහි ලා දේශීය සම්මානයන් ද ඇය හිමිකරගෙන ඇත.

ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ මෙවර රන් සම්මානයට පාත‍්‍ර වූ විශිෂ්ඨයන් පස්දෙනෙකු අතර එක ම මාධ්‍යවේදිනිය ඇය වූ අතර, එම සම්මානය හිමි වන්නේ දීර්ඝ කාලීනව මාධ්‍ය ක්‍ෂේත‍්‍රය සඳහා කළ මෙහෙවරට ගෞරව පිදීම සඳහාය.

සීතා රංජනී
මාධ්‍ය නිදහස සඳහා කළ කැප කිරීම වෙනුවෙන් පිදෙන සේපාල ගුණසේන සම්මානය

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයට 1979 දී එක්වෙමින්, වෘත්තීය දිවිය ඇරඹූ සීතා රංජනී, 1986 දී පමණ මුද්‍රිත මාධ්‍යයට එක්වෙමින් ජනවාර්ගික Seethaඅයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, ස්තී‍්‍ර අයිතිවාසිකම් හා කලා සංස්කෘතික ක්‍ෂේත‍්‍රයේ අයිතීන් ද විශේෂ කොට වාර්තාකරණයේ යෙදුනාය. කිවිඳියක, ලේඛිකාවක හා පර්යේෂිකාවක ලෙස එකකට සීමා නොවූ මාධ්‍ය භාවිතයක නිරත වූ ඇය, සාහිත්‍ය, සාමය, කාන්තා හා සමාජ සිදුවීම් පාදක කොටගත් ප‍්‍රකාශනයන් 15 ක් පමණ මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට ද දායක වී ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කි‍්‍රයාකාරිනියක වශයෙන් කටයුතු කරන සීතා රංජනී, කිහිප අවස්ථාවක ම එහි කැඳවුම්කාරිය හා ලේකම් ලෙස කටයුතු කළ අතර, වර්තමානයේ එහි විධායක කමිටු සාමාජිකාවක ලෙස මෙහෙවරෙහි නියැලෙන්නීය. වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ හා දකුණු ආසියා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක සභා නියෝජනය කරන ඇය, දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ සංවිධානයේ ජාතික සංවිධායකවරියයි. ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය, ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම යන ආයතනයන්හි අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජනය කර ඇති ඇය, මේ වන විට ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකාවකි. මාධ්‍ය නිදහස පමණක් නොව මානව අයිතිවාසිකම්, ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය හා ස්තී‍්‍ර අයිතිවාසිකම් අරඹයා වූ අරගලවල දී පෙරමුණ ගෙන කි‍්‍රයා කළ සීතා රංජනී, ඒ වෙනුවෙන් සිය කාලය, ශ‍්‍රමය, පෞද්ගලික දිවිය කැප කර ඇත.

නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කොටගත් මාධ්‍ය භාවිතයක හා කි‍්‍රයාකාරිත්වයක යෙදෙන ඇය, මාධ්‍ය නිදහස සඳහා කළ කැප කිරීම අගයමින්, කර්තෘ සංසදයේ තීරණයක් අනුව, මෙවර ඇය මාධ්‍ය නිදහස සඳහා වූ සේපාල ගුණසේන සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2005 වසරේ පැවති ජනමාධ්‍ය සම්මාන උළෙලේ දී, සමාජ සංවර්ධනය සඳහා වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිවූයේ ද ඇයට ය. මාධ්‍ය හා සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය තුළ සාමය වෙනුවෙන් කළ කාර්යභාරය ඇගැයූ සම්මාන කිහිපයක් ද ඇය දිනාගෙන ඇත.

Lakna Parnamanneලක්නා තරිඳු පරණමාන්න
ඩෙන්සිල් පීරිස් වසරේ තරුණ මාධ්‍යවේදී සම්මානය

2007 වර්ෂයේ දී ”ද නේෂන්” පුවත්පත හා සම්බන්ධ වී සරල විශේෂාංග රචනයෙහි නිරතවීම ලක්නා පරණමාන්නගේ පළමු මාධ්‍ය අත්දැකීම විය. පසු කාලීනව එනම්, 2010 වර්ෂයේ දී ”ඬේලි මිරර්” පුවත්පත හා සම්බන්ධ වී, ලක්නා මේ වන විට එහි විශේෂාංග ලේඛිකාවක ලෙස කටයුතු කරන්නීය. වර්තමානයේ දී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින ඇය, එය තම වෘත්තීය මාධ්‍ය දිවිය සාර්ථක කරගැනීම සඳහා දායක කර ගනිමින් සිටින්නීය. ඊට අමතරව ඇය, නිර්මාණාත්මක මංගල ජායාරූපකරණයේ ද යෙදෙයි. මීට පෙර පැවති ජනමාධ්‍ය උළෙලවල දී ද ඩෙන්සිල් පීරිස් වසරේ තරුණ මාධ්‍යවේදියා සම්මානය සහ සුබ‍්‍රමනියම් චෙට්ටියාර් වසරේ සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා සම්මානය ද හිමිකර ගැන්මට සමත් වූ ඇය, මෙවර ද වසරේ තරුණ මාධ්‍යවේදියා සඳහා පිරිනමන ඩෙන්සිල් පීරිස් සම්මානය දිනා ගත්තාය.

දිල්රුක්ෂි හඳුන්නෙත්ති
⋆ මර්වින් ද සිල්වා වසරේ ජනමාධ්‍යවේදිනිය සම්මානය
⋆ විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණය සඳහා පිදෙන –
මහාචාර්ය කේ. කයිලාසපති සම්මානයේ කුසලතා සහතිකය

සන්ඬේ ලීඩර් පුවත්පතෙහි හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට පෙර, එනම් 2005 සිට 2009 වසර දක්වා ගවේෂණාත්මක කර්තෘ ලෙස ලීDilrukshi Handuneththiඩර් ප‍්‍රකාශන හා එක්ව සිටි දිල්රුක්ෂි හඳුන්නෙත්ති මේ වනවිට ”සිලෝන් ටුඬේ” පුවත්පතේ සම කර්තෘ ලෙස සේවය කරයි. දේශපාලන තීරු ලිපි රචිකාවක් ද වන ඇය, 2010 වර්ෂයේ දී ට‍්‍රාන්ස් පේරන්සි ජාත්‍යන්තර ආයතනයෙහි, ශී‍්‍ර ලංකා නීති අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළ නීතිඥවරියකි. මානව අයිතිවාසිකම් හා නිදහස පිළිබඳව ජාත්‍යන්තර සංවාදයෙහි නිරත ඇය, ජාත්‍යන්තර නීතිය, ගැටුුුම්, පරිසරය, සංස්කෘතිය, ඉතිහාසය, ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාකරණයෙහි ද යෙදෙන්නීය.

වසර 10 ක් පමණ වූ කාලයක සිට මාධ්‍ය හා සම්බන්ධ වී සිටින දිල්රුක්‍ෂි, නව මාධ්‍ය, පර්යේෂණ, නිර්මාණාත්මක රචනය, මහජන සබඳතා, අන්තර්ජාල මාධ්‍ය භාවිතය, වැඩසටහන් නිෂ්පාදනය යන අංශවල සමත්කම් දක්වන්නීය. ඇය වසරේ විශිෂ්ඨතම ජනමාධ්‍යවේදියාට පිරිනමන මර්වින් ද සිල්වා සම්මානයෙන් මෙවර පි¥ම් ලැබූ අතර විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණය සඳහා සම කුසලතා සහතිකයක් ද හිමි කර ගත්තාය.

හර්ෂා මංගලා සුගතදාස
වසරේ ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා සම්මානය

Harsha Mangalaකොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී කලා උපාධිය හදාරන්නට සුදුසුකම් ලැබූ හර්ෂා සුගතදාස, සිය මාධ්‍ය වෘත්තියේ මුලකුරු කළේ උපාධි අපේක්‍ෂිකාවකව සිටියදී, නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවයට එක්වෙමිනි. 1992-1993 කාලවකවානුවේ දී ”රැුජිණ” පුවත්පත හා සම්බන්ධ වීම ඇයගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භයයි. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ඩිප්ලෝමාව ද හදාරා ඇති ඇය, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් පළ කෙරෙන ”දෙසතිය” සඟරාව සඳහා ලිපි සම්පාදනය කර ඇත. පසුකාලීනව සුමති පුවත් පත් ආයතනයෙන් පළ කෙරෙන ”දිනපතා ලක්බිම” පුවත්පතෙහි ”මාධ්‍ය කවුළුව” හා එක්වෙමින් මාධ්‍යවේදිනියක ලෙස අත්දැකීම් පුළුල් කරගත් හර්ෂා, විවිධ තේමාවන්ගෙන් යුත් විශේෂාංග රචනයෙහි නිරත වූවාය. දීපා මෙහෙතා නම් ඉන්දීය සිනමා අධ්‍යක්‍ෂවරියගේ නිර්මාණයක් වූ ”වෝටර්” චිත‍්‍රපටයේ රඟ පෑ සරලා කාරියවසම් නමැති ශී‍්‍ර ලාංකික ළමා නිළිය පිළිබඳ ප‍්‍රථම වරට මාධ්‍යයට හඳුන්වා දෙමින් සම්පාදනය කළ ලිපිය, ඇගේ මාධ්‍ය දිවියේ හැරවුුම් ලක්‍ෂයක් වී ඇත්තේ, එනිසා ඇය ලක්බිම පුවත්පතේ පූර්ණ කාලීන සේවයට බඳවා ගැනීම නිසාය.

සමාජයේ අහුමුළුවල සැඟවෙන විෂයයන් සමාජයේ අවධානය දිනාගන්නා පරිදි සිය විශේෂාංග රචනයෙහි දී සාකච්ජාවට බඳුන් කළ ඇය, ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පිළිබඳ කළ ගවේෂණාත්මක ඉදිරිපත් කිරීම නිසා මෙවර ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා සම්මානය දිනා ගත්තාය. විරුජන පදනම මඟින් වාර්ෂිකව මිනිස් ජීවිත බේරාගන්නා උත්තම මිනිසුන් වෙනුවෙන් පිරිනමන සම්මාන උළෙලේ 2009 වර්ෂයේ සම්මානයට පාත‍්‍රවීමට ද ඇය සමත් වූවාය.

නිර්මලා කන්නන්ගර
⋆ වසරේ පාරිසරික වාර්තාකරණය සඳහා කුසලතා සහතිකය
⋆ මහාචාර්ය කේ. කයිලාසපති විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණය සඳහා
කුසලතා සහතිකය

නිර්මලා කන්නන්ගර, ජනමාධ්‍යයට එක්වන්නේ ”සන්ඬේ ලීඩර්” පුවත්පත හරහාය. 2005 වසරේ දී සන්ඬේ ලීඩර් පුවත්පතට එක්වූ ඇය, මාධ්‍ය පුහුණුව Nirmala Kannangaraලබන්නේ, පසුව ඝාතනයට ලක්වූ එහි කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග සහ එහි හිටපු කර්තෘවරියක වූ සොනාලි සමරතුංග යටතේය. පසු කාලීනව ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා යොමු වූ ඇය ජනමාධ්‍ය තුළ භාෂා භාවිතය පිළිබඳ හැදෑරීම් කළ කෙනෙකි. 2012 වසරේ මැණික් ෆාම් සිදුවීමට අදාළ සරණාගතයින් නැවත පදිංචි කිරීම පිළිබඳ වාර්තා කරනු පිණිස මුලතිව් ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ දී මුහුණ දෙන්නට සිදු වූ ත‍්‍රාසජනක අත්දැකීම් ද, නිකවැරටිය ප‍්‍රදේශයේ වැවක ජලය සිඳුවා හෝටලයක් ඉඳිකරන්නට යාම පිළිබඳ වාර්තා කිරීමට එහි ගිය අවස්ථාවේ දී මුහුණ දුන් ගැටුම්කාරී තත්ත්වය ද ගවේෂණාත්මක වාර්තාකරණය තුළ ඈ මතකයේ සනිටුහන් වූ සිදුවීම්ය.

වර්තමානයේ ”සන්ඬේ ලීඩර්” පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කරන ඇය විශේෂයෙන් ම පාරිසරික සිදුවීම් අළලා විශේෂාංග රචනයෙහි ද නිරතව සිටින්නීය. ලිඛිත මූලාශ‍්‍ර හා තොරතුරු මත හිඳ සමාජ වගකීම් සහිත මාධ්‍යකරණයක නිරතවීම ඇගේ අභිප‍්‍රායයි. මෙවර ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ එක් කුසලතා සහතිකයක් ඇයට හිමි වූයේ විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණය වෙනුවෙනි. පාරිසරික වාර්තාකරණය සඳහා ද ඇයට කුසලතා සහතිකයක් හිිමි විය.

ස්මි‍්‍රතී ඩැනියෙල්
උපාලි විජේවර්ධන වසරේ විශේෂාංග රචනය (ඉංගී‍්‍රසි* සම්මානය

ඉන්දීය ජාතික ස්මි‍්‍රතී ඩැනියෙල් මෙරට රැඳෙමින් පුවත්පත් මාධ්‍යකරණයෙහි නියැලෙන්නියකි. ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිය, ඉංගී‍්‍රසි සාහිත්‍ය හා දර්ශන උපාධිSmriti-danielය, ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය, සාමය හා සංවර්ධනාත්මක වාර්තාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක ද වන ස්මි‍්‍රතී, 2009 වර්ෂයේ ජූනි මස සිට සන්ඬේ ටයිම්ස් පුවත්පත හා එක් වී සිටින්නීය. එහි ජ්‍යෙෂ්ඨ විශේෂාංග ලේඛිකාවක ලෙස කටයුතු කරයි. ”යූටි” විනෝදාත්මක ළමා සඟරාවේ කළමනාකරණ සම්බන්ධීකාරකවරිය වන ඇය, ඉන්දියාවේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පුවත්පතක් වන ”මිස්ට්”, ”ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පත්වලට අමතරව, ”ලෙෂර් ටයිම් මැගසින්”, ”ගෝමෙට් සර්කල්”, ”ට‍්‍රැවල් ශී‍්‍ර ලංකා” සඟරා සඳහා ලිපි සම්පාදනයෙහි ද නිරත වන්නීය.

මෙවර ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී ඇය, වසරේ විශේෂාංග රචනය (ඉංගී‍්‍රසි* සඳහා පිරිනැමෙන උපාලි විජේවර්ධන සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම
බී.ඒ. සිරිවර්ධන වසරේ තීරු ලිපි රචනය (ඉංගී‍්‍රසි* සම්මානය

ඉතා මෑතක දී පිහිටු වූ ශී‍්‍ර ලංකා ජනමාධ්‍යවේදී වෘත්තීය සංගමය ආරම්භ කිරීම සඳහා දැඩි සේ කැප වූ මන්දනා අබේවික‍්‍රම එහි සභාපතිනිය ද වේ. සන්ඬේ ලීඩර් Mandana Ismailපුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘවරියක වන ඇය, දේශපාලන තීරු ලිපිය රචනා කරන අතර ”යුද විරෝධී වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදිනියක” ලෙස කතාබහට ලක් වේ. මෑතක දී සන්නද්ධ පිරිසක් කඩා වැදී ඇගේ ලිපි ගොනු පරීක්‍ෂා කරමින් සිටිය දී පැමිණි පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් පුද්ගලයකු ඇගේ නිවස තුළ ම මරු මුවට පත්විය. ඇයට මෙන්ම මාධ්‍යවේදියකු වන ඇගේ සැමියාට ද ජීවිත අවදානමක් එල්ල වූ බැවින් ඇයට සිය පවුල සමඟ රටහැර යන්නට සිදු වූ අතර නැවත පැමිණ මාධ්‍ය වෘත්තියේ යෙදේ.

2009 වසරේ ජනමාධ්‍ය උළෙලේ දී, වසරේ ව්‍යාපාරික මාධ්‍යවේදිනිය සඳහා කුසලතා සම්මානය (ඉංගී‍්‍රසි*, එම වසරේ ම ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා වූ සම්මානය ද ඇය විසින් හිමිකර ගන්නා ලදී. මෙවර ඇය තීරු ලිපි රචනය (ඉංගී‍්‍රසි* සඳහා පිරිනමන බී.ඒ. සිරිවර්ධන සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.

දරීෂා බැස්ටියන්
බී.ඒ. සිරිවර්ධන වසරේ තීරු ලිපි රචනය – කුසලතා සහතිකය. (ඉංගී‍්‍රසි*

දරීෂා බැස්ටියන්, 2004 වර්ෂයේ දී ”සන්ඬේ ලීඩර්” පුවත්පත හා එක්වන්නේ පුහුණු මාධ්‍යවේදිනියක ලෙසයි. ඊට පෙර කැපිටල් රේඩියෝ ආයතනයෙන් විද්්‍යුත් මාධ්‍ය අත්දැකීමක් ලබාගැනීමට ද ඇයට හැකි වී ඇත. ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සටන් විරාමය පැවැති වකවානුවේ දී සිය මුදාිත මාධ්‍ය දිවිය ඇරඹූDareesha Bestian ඇයට, සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගගේ උපදේශකත්වය පරිදි, උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල සංචාරය කරමින් ගැටුම් වාර්තාකරණය පිළිබඳ අත්දැකීම් ලබන්නට හැකියාව ලැබිණි. 2005 වසරේ දී ”ඬේලි මිරර්” පුවත්පතට එක් වූ ඇය, 2006 වසරේ දී ”ද නේෂන්” පුවත්පත හා එක් වී ඇත. කෙටි කාලයක් රටින් බැහැරව සිටි ඇය, නැවත 2011 වසරේ ”සිලෝන් ටුඬේ” පුවත්පතට බැඳී ඇත. 2012 සැප්තැම්බර් මාසයේ සිට ”ඬේලි ෆයිනෑන්ස් ටයිම්ස්” හා එක්වෙමින් දේශපාලන තීරු ලිපි රචනයෙහි නිරත වන ඇය, මේ වන විට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටී. එමෙන්ම ලන්ඩනය පසුබිම් කරගත් විද්‍යා හා සංවර්ධන ජාලය සඳහා සම්පාදිකාවක වන ඇය, බි‍්‍රතාන්‍ය කවුන්සිලය, කොළඹ කවය, ගාල්ල සාහිත්‍ය උළෙල සඳහා ද සිය දායකත්වය ලබාදෙන්නීය. අන්තර්ජාල මාධ්‍ය භාවිතය, බ්ලොග් හා වෙබ් අඩවි නිර්මාණය. විශේෂාංග රචනය, පුවත් සංස්කරණය, ප‍්‍රකාශනය ඇතුළු විෂයයන්හි ද ඇය සමත්කම් දක්වන්නීය.

2005 ජනමාධ්‍ය සම්මාන විශිෂ්ඨතා උළෙලේ දී ඩෙන්සිල් පීරිස් වසරේ තරුණ මාධ්‍යවේදී සම්මානය ද, 2006 දී උපාලි විජේවර්ධන විශේෂාංග රචනය (ඉංගී‍්‍රසි* සම්මානය ද, 2007 දී මර්වින් ද සිල්වා වසරේ ජනමාධ්‍යවේදී සම්මානය ද හිමි කරගත්තාය. මෙවර ඇයට තීරු ලිපි රචනය (ඉංගී‍්‍රසි* සඳහා කුසලතා සහතිකයක් හිමි විය.

දුෂ්‍යන්තිනී කනගසභාපති පිල්ලෙයි
විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණය සඳහා වන
මහාචාර්ය කේ. කයිලාසපති සම කුසලතා සහතිකය

Dushiyanthini1990 දශකයේ මුල් වකවානුවේ සිංගප්පූරුවේ දී ජනසන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ දුෂ්‍යන්තිනී, 1993 දී ”වීරකේසරී” පුවත්පත හා එක්වන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකාරිනියක ලෙසයි. වසර 1993 දී ”යා ටීවී” ආයතනය මඟින් නිෂ්පාදනය කළ සාමය පිළිබඳ තේමාවකින් යුත් වැඩසටහනක නිෂ්පාදිකාව බවට පත් වූ ඇය, 1999 වර්ෂයේ දී බී.බී.සී. ජාත්‍යන්තර මාධ්‍ය ජාලය හා එක්වන්නේ ද නිෂ්පාදිකාවක ලෙසිනි. බී.බී.සී. ආයතනය සමඟ කටයුතු කළ වසර 8-9 ක කාලය තුළ ”බ්ලොග් අඩවි” නිර්මාණයෙහි හැකියාවන් ඔප් නංවාගත් ඇය විසින් නිර්මාණය කළ බ්ලොග් අඩවිය, 2010 දී නිව්යෝර්ක් නුවර දී 6 වැනි වරට පැවැත් වූ බ්ලොග් හිලර් සම්මේලනයේ දී ලොව පුරා බ්ලොග් අඩවි පවත්වාගෙන යන තරුණ බ්ලොග් කි‍්‍රයාත්මක කරන්නියන් දහසක් අතරින් ප‍්‍රථම ස්ථානය ගෙන ඇගයීමට පාත‍්‍රවිය. ඇගේ බ්ලොග් අඩවිය, අධ්‍යාපනිකමය හා සදාචාරාත්මක ජනසන්නිවේදනයක් සඳහා කැප වූ විධිමත් ආකාරයේ එකක් බව එහි දී නිර්දේශ කෙරිණි.

මේ වන විට ඉන්දුනීසියාවේ මාධ්‍ය ආයතනයක විදේශ මාධ්‍ය වාර්තාකාරිනියක ලෙස සේවය කරන ඇය, ජායාරූප මාධ්‍යවේදිනියක ලෙස ක්‍ෂේත‍්‍රය තුළ කටයුතු කරයි. වසර 20 කට අධික මාධ්‍ය අත්දැකීම් ඇති දුෂ්‍යන්තිනී, පුහුණු වැඩමුළු සඳහා ද සම්පත්දායිකාවක ලෙස කටයුතු කරන අතර, යාපනය, මඩකපුව යන විශ්ව විද්‍යාලවල බාහිර කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන ඇය ද මෙවර සම්මාන උළෙලේ දී මහාචාර්ය කයිලාසපති සම්මානයේ සම කුසලතා සහතියක් මිහි කරගත්තාය

සාකච්ඡුා සටහන
වත්සලා ගමගේ

 

Journalists 2

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s