රතු ඉර

ඇඳ ඉහ අද්දර මරනින්දේ හුන් ඔරලෝසුව සිහිනෙන් බිය වූවා සේ අවදිව කෑගසයි. එකවර අවදි වූ මා කෑ ගැසීම නැවත්වූයෙමි. වෙලාව පාන්දර හතර පසු වී විනාඩිCartoon 1 තිහයි. තුන් පැයේ වැඩ මුරය නිම වීමට මත්තෙන් කළයුතු දෑ බොහෝය. මා සභභාගි වූ එක්තරා වැඩමුළුවක දී මගේ කාර්යක්‍ෂමතාව, දරුවන් මැදි කොට ඇඳෙහි නිදාහුන් සැමියාට වඩා එකසිය විසිගුණයක් බව කීවා මගේ මතකයට නැගුණේ නිරායාසයෙනි. තුන් පැයේ නිවසේ සේවා මුරය අවසන්ව බස් නැවතුම වෙත පිය නැගූ මම, ප‍්‍රධාන පාරේ ඈත බලාසිටියෙමි.
පෙරළීමට ආසන්න වූවා මෙන් වේගයෙන් ඇදෙන පුද්ගලික බසය ඈතින් මතු විය. සිත සතුටින් ඉපිලිනි. නැවැත් වූ බසයෙන් දස දෙනෙකු බැස ගත් විට, බසයට ගොඩවීමට බිමට වී බලා සිටි විසි දෙනෙකු, කොන්දොස්තර තැනගේ හැකියාව නිසාවෙන් රථය තුළට ගොඩවූහ. ඒ අතර මා ද විය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. ඉහළට එසවී ආධාරකය අල්ලා සිටින අත පමණක් මගේ බව මට හැෙඟ්. ගැහැණු ද, පිරිමි ද කියා හරි හැටි හඳුනාගත නොහැකි පිරිසක් සිරුර වටකර ගෙන සිටිති. ඒ අතර වූ පිරිමින් දුටු කල, මා පෙම්බර සැමියාටවත් මතක ඇති කාලෙක එතරම් සමීප වූවා දෝ කියා සිතුණි. සෙලවීමටවත් නොහැකි වූ අප පසුකර බෙරිහන් දෙමින් කොන්දොස්තර තැන බසය නවත්වන වාරයක් පාසා ඉදිරියෙන් පසු පසට දුවයි. එය ද ආශ්චර්යයකි. ”කොහුවල” යැයි කොන්දොස්තර තැනගේ විධානයට අනුව මම බසයෙන් බැස ගැනීමේ පොරයට එක් වූයෙමි. එහෙත් මා තුළ විලිබිය ඇතිවිය. ඒ බසය තුළින් සෙනඟ පීරාගෙන බිමට බැසීමට යන මගේ ඇෙඟහි ඇඳුම් ඇතිදෝ යන්න ගැන මට සැක සහිත වූ නිසාවෙනි. අත බැඳි ඔරලෝසුව දුටු මට කාර්යාලයේ රතු ඉර වැදී නැති නිසා සිතට සතුටක් ඇති විය.

දිනපතා මේ ගමන වෙහෙසකාරී විය. සුපුරුදු බස් නැවතුම පසුකර මා ඉදිරියට ඇදුනේ ප‍්‍රධාන බස් නැවතුම්පොළ වෙතය. ආශ්චර්යය ගල් හා පිරියම් කළ ආලේපන නිසා බස් නැවතුම විරාජමානව සිටී. නැවතුමේ මට අදාළ කොටසෙහි මඟීන් බොහොම විනීතව එකා පසුපස එකා පෙළගැසී බලාහිඳී. ඊට මදක් එපිටින් රථගාලේ ගමනට සැරසී, බසය අප දෙස බලා සිටී. එහෙත් කෑ මොර තලන කොන්දොස්තර තැන හෝ ත‍්‍රාසජනක ඉංගී‍්‍රසි චිත‍්‍රපටයක රථ පදවන්නා බඳු රියදුරු ද නොමැත. බසය අප දෙස ද, අපි බසය දෙස ද අනිමිසලෝචනයේ යෙදුනෙමු. ඈතින් පෙනෙන විවේකාගාරය දෙසින් තම ජංගම දුරකථනය කනේ ගසා ගත් පුද්ගලයකු බොහෝ ශාන්ත ගමනින් මතු විය. ඔහු දිවා අවශ්‍යතාවයකට යාමට පැමිණෙන අයෙකු යැයි මට සිතිණ. එහෙත් ඔහු නවතා තිබූ බසයට ගොඩ වී ඉදිරියේ වූ රියදුරු අසුනේ වාඩි විය. විසන්ධි කළ නොහැකිි දුරකථන සංවාදය සමඟ රථය,
අප අසල නැවැත්විය.
පසුපසින් පැමිණි පුද්ගලයා ප‍්‍රවේශ පත‍්‍ර මැෂිම පණ ගැන්වීය. කිසිදු කලබලයක් නොමැත. අප පැමිණෙන තුරු ආසන එලෙස ම බලා හිඳී. සෙමෙන් රථයට ගොඩ වූ අපි විවිධ අසුන් පසු කරමින් මනාප අසුන සොයා හිඳගතිමු. සියල්ලන් ම අසුන් ගෙන සිතුවිලිවලට සමවැදී බලා හිඳී. කොන්දොස්තර මහතා ද බිමට වී අප මෙන් හිඳී. යාමට හෝ ගෙන යාමට අවශ්‍යතාවයක් කිසිවෙකුට නොවූ සේය. දුරකථන සංවාදයේ පසු වූ රියදුරු ද පෙනෙන මානයක නැත. සියල්ල සෙමෙන් සිදුවූවත්, හෝරා කටුව වේගයෙන් දුවයි. යමක් මතක් වූවා සේ පැමිණි රියදුරු මහතා බසය ප‍්‍රධාන පාරට හැරවීය.
සිසිල් සුළං අතරින් අවට පරිසරය පෙනේ. කලබලකාරී කිසිවක් නැත. සැදැහැ සිත් පෙරදැරිව යන වන්දනා ගමනක් මෙනි. පේ‍්‍රමණීය හැඟීම් සිත තුළ තෙරපේ. මගේ අනික් පසින් පෙම්බර හිමි සිටියේ නම් කියා සිතුව මා අතීතයේ එවන් සුන්දර දවස් අතර හුදකලා වූයෙමි. ධාතුමලූ විහාරයේ වැඩ සිටින පිළිමවහන්සේ මදෙස බලා හිඳී. එකෙනෙහි ම ඉදිරියෙන් කොහුවල දී නාද වූ බසයේ සීනු හඬට මා දැහැන් බිඳුණි. මම සෙමෙන් බසයෙන් බැස ගතිමි. පුරුද්දට මෙන් අත බැඳි ඔරලෝසුව බැලූ මට දෙලෝ රත් විය. අද නම් රතු ඉර.
ඞී.කේ.ඞී. තුෂාරි මංජුලා
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s