ගෘහ සේවිකාවන්ටත් වෘත්තීය අයිතිවාසිකම් අවශ්‍යයයි

Housemaids in SLඅදින් දශක කිහිපයකට පෙර නිවසේ එදිනෙදා කටයුතුවලට ගෘහ සේවිකාවන්ගේ සේවය ලබා ගත්තේ ධනවත් සහ බලවත් පවුල්වලින් පමණි. නමුත් වර්තමානය වන විට සාමාන්‍ය මාසික වැටුපක් ලබන මධ්‍යම පංතියේ පවුල් ද ගෘහ සේවිකාවන්ගේ සේවය ලබා ගැනීමට යොමු වී සිටිති. වර්තමාන ශී‍්‍ර ලාංකික කාන්තාවන් බිරිඳ, ගෘහණිය හා මව යන භූමිකාවන්ට පමණක් සීමා නොවී අධ්‍යාපනය ලැබීම හා රැකියාවල නිරත වීම සහ ස්වාමියා හා බිරිඳ දෙදෙනා ම රැකියාවල නියැලීම නිසා පවුල තුළ ඇති වෙන කාර්ය බහුලත්වය ගෘහ සේවිකාවන් සඳහා ඇති ඉල්ලූම ඉහළ යාමට බලාපන ප‍්‍රධාන හේතුවක් වශයෙන් පෙන්වා දිය හැක. ශී‍්‍ර ලංකාවේ ගෘහ සේවිකාවන් ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ, දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සේවා සපයන ගෘහ සේවිකාවන් ලෙසයි.

ගෘහ සේවිකාවන් සඳහා දේශීය වෙළඳ පොළ තුළ ඉහළ ඉල්ලූමක් ඇති වන්නට බොහෝ කලකට පෙර සිට ම විදේශීය වෙළඳ පොළෙහි ඔවුන් සඳහා ඉහළ ඉල්ලූමක් ඇති විය. ශී‍්‍ර ලංකාවේ දුප්පත් කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් ගෘහ සේවිකාවන් වශයෙන් මැද පෙරදිගට අලෙවි වන්නේ එතැන් සිට ය. ජීවන සටන ජය ගන්නට, නොදන්නා රටවල ගෘහ සේවයට ගිය කාන්තාවන් බොහොමයකගේ ජීවිත කබලෙන් ලිපට වැටී තිබෙන අයුරු ජන මාධ්‍ය මගින් නිතර වාර්තා කරනු ලබයි. ගෘහ සේවය සඳහා විදෙස් ගත වීමේද රැවටීම් හා වංචාවන්ට ලක් වීම නිසා ශී‍්‍ර ලාංකික කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් එම රටවල අතරමං වී සිටින බව කලකට පෙර පාර්ලිමේන්තුව තුළ ද සාකච්ඡුා විය. මැද පෙරදිග රටවල සංස්කෘතිය හා නීතිය පිළිබඳ අවබෝධයක් නොමැති වීම නිසා හිරිහැරවලට ලක් වෙන කාන්තාවන් අපමණය.

ගෘහ සේවය සඳහා විදෙස් ගත වන කාන්තාවන් බොහෝ දෙනාගේ දරුවන් දූෂණ හා අපචාරවලට ගොදුරු වීම, එම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, දරුවන් බලා කියා ගැනීමට කෙනෙකු නොමැති වීම, ස්වාමි පුරුෂයන් බීමත්කමට හෝ වෙනත් අපචාරවලට නැඹුරු වීම හා ඒ ඔස්සේ පවුල් සංස්ථාව බිඳ වැටීම නිසා ඔවුන් උපයන මුදල් ඵල රහිත වීම වත්මන් සමාජය තුළ අප විසින් සුලභව අත්දකින තත්ත්වයකි.

ශී‍්‍ර ලංකාවට වැඩි ම විදේශ විනිමය උපයන්නේ විදේශීය වෙළඳ පොළට අලෙවි වන ගෘහ සේවිකාවන් වූවත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පිළිබඳ දත්ත හා තොරතුරු රැස්කිරීම සහ සුබ සාධන සේවා කි‍්‍රයාත්මක කිරීම ආදිය ප‍්‍රාදේශීය ලේකම් හෝ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටම්න් පවා සිදු නොවීම කණගාටුවට කරුණකි. ගෘහ සේවය සඳහා විදෙස් ගත වන කාන්තාවන්ගේ පවුල් සඳහා විශේෂිත සුබ සාධන, පසු විපරම් හා දැනුවත් කිරීමේ සේවා රාජ්‍ය මැදිහත් වීම ඔස්සේ කි‍්‍රයාත්මක වීම තුළින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ පාන එම අවාසනාවන්ත තත්ත්වයන් බොහෝ දුරට අවමකර ගැනීමට ඉඩකඩ පවතී. එමෙන්ම විදෙස් ගත ගෘහ සේවය රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත් වීම ඔස්සේ ගෘහ සේවිකාවන්ගේ සේවයට සමාජමය වටිනාකමක් හා පිළිගැනීමක් ලැබෙන අන්දමින් කි‍්‍රයාත්මක කළ යුතු ව්‍යාපෘතියකි.

සමස්ත ශී‍්‍ර ලාංකික ශ‍්‍රම හමුදාවෙන් වැඩි ම දායකත්වය කාන්තාවන්ගෙන් බව මහ බැංකු වාර්තා සනාථ කරනු ලබයි. ඒ අතරින් සමස්ත ශී‍්‍ර ලාංකික වැඩ කරන කාන්තාවන්ගෙන් ගෘහ සේවිකාවන් සැලකිය යුතු ප‍්‍රතිශතයකි. විදෙස් ගත ගෘහ සේවිකාවන් හැරුණු විට දේශීය වශයෙන් සේවයේ නියුක්තව සිටින ගෘහ සේවිකාවන් විශාල පිරිසකි. නමුත් සමාජයේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන ගෘහ සේවිකාවන්ගේ ශ‍්‍රමය සම්බන්ධයෙන් කිසිදු නීතිමය අයිතිවාසිකමක් මේ දක්වා කි‍්‍රයාත්මක වී නොමැත. ඔවුන්ගේ වැටුප හා පහසුකම්, සේවා කාලය, වයස, වෘත්තීය පුහුණුව, හා සෞඛ්‍ය පහසුකම් ආදිය පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ආරම්භ විය යුතුය. සාමාන්‍ය කම්කරුවෙකු සඳහා පවතින අයිතිවාසිකම් ඔවුන්ට ද හිමි විය යුතුය.

දේශීය වශයෙන් සේවයේ නියුතු ගෘහ සේවිකාවන් ද නිවෙස් හිමිකරුවන්ගේ හිරිහැරවලට හා අඩම්තේට්ටම්වලට ගොදුරු වේ. නමුත් එම පුවත් ජනමාධ්‍ය දක්වා පැතිරෙන්නේ සුලූ වශයෙනි. සුදුසු ගෘහ සේවිකාවන් සොයා ගැනීම ද අද අතැමුන්ට ඉතාමත් දුෂ්කර කාර්යයක් බවට පත් වී ඇත. ගෘහ සේවිකාවන්ගේ සේවය සඳහා කිසිදු නීතිමය ආවරණයක් නොමැති වීම මෙයට එක් හේතුවක් බව ඔබ පිළිගන්නවා ද?

නිවසේ මෙහෙකාරිය හෝ වැඩකාරිය යන ආමන්ත‍්‍රණයෙන් ඔවුන් මුදවා ගෙන ගෘහ පාලිකාව ලෙස ගෞරවනීය අන්දමින් තම රැුකියාවේ යෙදීමට අවශ්‍ය නීතිමය හා සමාජමය පරිසරය සැකසීම සඳහා මැදිහත් වීම සමස්ත ශී‍්‍ර ලංකා කාන්තා ව්‍යාපාරයේ වගකීමකි.

සමන්ති ඇලපාත

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s