ආර්ථිකය ගොඩනැඟීමට දායක වන ස්තී‍්‍ර ශ‍්‍රමය

Edna 1පසුගිය දශක තුන පුරාවට ශී‍්‍ර ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක් බවට පත් වූයේ ස්තී‍්‍ර ශ‍්‍රම බලකායේ ඉස්මතු වීමය. තේ, ඇඟලූම්, සංක‍්‍රමණික සේවය, සංචාරක කර්මාන්තය හා වෙනත් විධිමත් හා අවධිමත් රැකියා ක්‍ෂේත‍්‍රවල ස්තී‍්‍ර ශ‍්‍රම බලකායේ දායකත්වය කැපීපෙනෙන අයුරින් ඉහළ ප‍්‍රතිශතයකට ගමන් කර තිබේ. 2002 සිට 2010 දක්වා ස්තී‍්‍ර ශ‍්‍රම බලකායේ වැඩි වීමේ ප‍්‍රතිශතය, පිරිමි ශ‍්‍රම බලකායේ වැඩි වීමේ ප‍්‍රතිශතයට වඩා දෙගුණයක් පමණ වේ. (ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, (2009) ශී‍්‍ර ලංකා ශ‍්‍රම බලකා සංඛ්‍යා ලේඛන පිළිබඳ වාර්තාව, උතුරු/නැගෙනහිර පළාත් සභා හැර) 1980 දශකයේ මැද භාගයේ සිට ලංකාවේ කෘෂි කර්මාන්තය සඳහා දක්වන ලද ස්තී‍්‍ර දායකත්වය 9.8% කින් පහත බසිනු ලැබූ අතර සම්ප‍්‍රදායික රැුකියාවන්වලින් වෙන් වූ ස්තී‍්‍රන්, ආර්ථික ප‍්‍රශ්නවලින් මිඳීම සඳහා රැුකියා වෙළඳපොළ කරා අවර්තීරණ විය. එහි ප‍්‍රතිඵලයක් වූයේ කාර්මික නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළ ස්තී‍්‍ර ශ‍්‍රම සහභාගිත්වය 7% ක් පමණ වර්ධනය වීම ය. 1977 න් පසු ඇති වූ ආර්ථිකය ලිහිල් කිරීමේ කි‍්‍රයාවලියෙන් පසු, අපනයන දිශානුගත කර්මීකරණයක් ලංකාව තුළ ස්ථාපිත විය. එහි දී නිෂ්පාදන පිරිවැය හැකිතරම් පහත් මට්ටමක තබා ගැනීමට ආයෝජකයන් දැරූ ප‍්‍රයත්නය මත ස්තී‍්‍ර ශ‍්‍රමයට පෙර නොවූ විරූ ඉල්ලූමක් ඇති විය. ප‍්‍රතිඵලය වූයේ ලංකාවේ, ස්තී‍්‍ර ශ‍්‍රම බලකායේ කැපී පෙනෙන වැඩි වීමක් සිදුවීමය.

ශී‍්‍ර ලාංකීය ස්තී‍්‍රන් විදේශ රැකියා වෙළඳපොළ කරා යොමුවීම ද, ශී‍්‍ර ලංකා ආර්ථිකයට සුවිශේෂී වූ සම්මාදමක් වේ. විශේෂයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වී පුහුණු සේවිකාවන් වශයෙන් ගල්ෆ් රටවල සේවය සඳහා යන ස්තී‍්‍රන්ගෙන්, රජය ලබන ආදායම, තේ සහ ඇඟලූම්වලින් ලැබෙන ආදායමට තෙවන වේ. විදේශ රටවල් කරා සංක‍්‍රමණය වන ස්තී‍්‍රන්ගේ අභිලාෂය තම පවුල නඟාසිටුවීම වුව ද ඔවුන්ගේ ඉපැයීම්වලින් විශාල කොටසක් මව්බිමට එවීමේ දී රජයේ ආදායම් තත්ත්වය ද ඉහළ යාම මත ආර්ථික අභිවෘද්ධිය ඇතිවීම නිතැනින් ම සිදුවන්නකි. විදේශ රැකියා නියුක්තිය ගත්විට ස්තී‍්‍ර ශ‍්‍රම දායකත්වය ඉහළ ප‍්‍රතිශතයක පවතී.

ශී‍්‍ර ලංකා විදේශ සේවා කාර්යාංශයේ, විදේශ සේවා නියුක්තිකයින්ගේ දත්ත හා සසඳා බැලීමේ දී ස්තී‍්‍ර ශ‍්‍රමිකයින්ගේ ශ‍්‍රම දායකත්වය පිරිමි ශ‍්‍රමිකයන්ගේ ප‍්‍රතිශතයට වඩා මදක් ඉහළ ප‍්‍රතිශතයක පිහිටා ඇත.

2009 වසරේ දත්ත අනුව ස්තී‍්‍ර සංක‍්‍රමණිික සේවකයන්ගේ ප‍්‍රතිශතය 51.7% විය. අවු. 25-29 අතර වයස් කාණ්ඩ දක්වා පුරුෂ ශ‍්‍රමිකයන්ගේ ප‍්‍රතිශතය ඉහළ අංගයක් ගත් අතර, අවු. 35-39 අතර වයස් කාණ්ඩයේ සිට ස්තී‍්‍ර ශ‍්‍රමිකයන්ගේ ප‍්‍රතිශතය ඉහළ අගයක් ගෙන ඇත. මේ අනුව සංක‍්‍රමණික සේවක දායකත්වය තුළින් රටට 52% පමණ ආදායමක් ලබාදෙන්නේ ස්තී‍්‍ර ශ‍්‍රමිකයන් බව නිශ්චිතව ම පැවසිය හැකිය.

1977 න් පසු බිහි වූ නිදහස් වෙළද කලාප ආශි‍්‍රතව ඇති වූ ඇඟලූම් කර්මාන්තවල ප‍්‍රධාන ඉලක්කය වූයේ කාන්තා ශ‍්‍රමිකයින් ය. ලාභ ශ‍්‍රමය හා අඩු පහසුකම් මත වුව ද, තම පවුලේ ආර්ථිකයට දායකත්වයක් ලබාදීමේ අරමුණින් ස්තී‍්‍රන් එම රැකියා සඳහා අවතීර්ණ වුව ද වැඩි ආදායම් ඉපැයූයේ ආයෝජකයන් සහ රජය විසිනි. පුහුණු සහ නුපුහුණු ශ‍්‍රමිකයන් වශයෙන් කර්මාන්ත ශාලාවල සහ සේවයේ යෙදෙන ස්තී‍්‍ර ශ‍්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ ප‍්‍රතිශතයක් ගනු ලැබූව ද, ඒ පිළිබඳව නිවැරැදි නිල රාජ්‍ය වාර්තා ප‍්‍රකාශවන්නේ නැත. 2007 දී ආසන්න වශයෙන් මෙම කර්මාන්ත ශාලාවල 114,000 ශ‍්‍රමිකයන් සේවය කළ අතර. එය 75,000 වූ ස්තී‍්‍ර ශ‍්‍රමිකයින් හා 39,000 ක් වූ පිරිමි ශ‍්‍රමිකයන්ගෙන් සමන්විත වී ඇති බව වාර්තා වේ. (සිවනන්දිරන්, එන්.ඞී) ශ‍්‍රමිකයන් පිළිබඳව දත්ත ගණනයේ දී වඩාත් ම වැදගත් ප‍්‍රවේශය වනුයේ, ස්තී‍්‍ර/පිරිමි වශයෙන් ශ‍්‍රමිකයන් වෙන් කරමින් දත්ත සකස් කිරීම පිළිබඳව නිසි ක‍්‍රමවේදයක් අනුගමනය නොකිරීමය. මෙහි දී ස්තී‍්‍ර ශ‍්‍රමිකයින්ගේ ගෘහණිය/ආදායම් උපයන්නිය යන ද්විත්ව භූමිකාව පොදුවේ ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

ඇඟලූම් කර්මාන්තශාලා ආශි‍්‍රතව රැකියාවල යෙදෙන කාන්තාවන්ගේ සේවා තත්ත්වය හා පහසුකම් අවම මට්ටමක පවතින්නේ වී නමුදු රජය ඒ ගැන ඝෘජු මැදිහත් වීමක් සිදු කරන්නේ නැත. ඔවුන්ට ගෙවන වැටුප් පිළිබඳව නිසි ක‍්‍රමවේදයක් නොමැති අතර, සේවිකාවන්ගේ නවාතැන් පහසුව පිළිබඳව ගැටළුවට ද සුදුසු පියවර ගෙන නොමැත. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නොතැකීම පොදුවේ රජයේ සුභ සාධන කාර්යයන් ඉටු නොවීමක් බවට ද පත්ව තිබේ. ප‍්‍රධාන අපනයන ආදාම්වලින් එකක් වන ඇඟලූම් නිෂ්පාදනය රජයේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වුව ද, ශ‍්‍රමිකයන්ගේ වැටුප් හා සුභ සාධනය පිළිිබඳ ගැටළුවට මෙතෙක් පිළිතුරු ලැබී නොමැත.

ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍ර ශ‍්‍රමිකයන්ගේ වර්ධනය වීමට බල පෑ පවුල සාධක කරගත් ප‍්‍රධාන කරුණු කිහිපයක් ම වේ.
1. පවුලේ සංයුතිය වෙනස් වීම.
2. පවුලේ සාමාජිකයින්ගේ කාර්යභාරය වෙනස් වීම.
3. පවුලේ ආර්ථික ක‍්‍රමය වෙනස් වීම.

යන පොදු කරුණු, ස්තී‍්‍ර ශ‍්‍රමිකයන් රැකියා වෙළඳපොල කරා අවතීර්ණ වීමට බලපෑ සාධක වේ. රැුකියා වෙළඳපොලේ ඉලක්කගත රැකියා සඳහා ම සැකසුණු නව අධ්‍යාපන විධි/ක‍්‍රම ඇතිවීම හේතුවෙන් ස්තී‍්‍රන් වඩාත් විධිමත් හා විධිමත් නොවන රැුකියා සඳහා අවතීර්ණ වීය.

Edna 2පවුලේ සංයුතිය වෙනස් වීම යනු, එදා විස්තෘත පවුලක් වූ පවුල් පරිසරයන්, ආවෘත පවුල් වී ඔවුන්ගේ අවශ්‍යතා එම පවුල් සීමාවට පමණත් සීමා වීමය. සම්ප‍්‍රදායික ගෘහණිය භූමිකාවෙන් මිදුණු ස්ති‍්‍රය, මෙම පවුල් ඒකකය තුළ නැවතත් ගෘහණිය සහ ආදායම් උපයන්නියක ලෙස ආර්ථිකයට දෙයාකාරයෙන් ම ශ‍්‍රම දායකත්වය ලබා දෙන්නියක වී ඇත. පවුලේ සාමාජිකයන්ගේ කාර්යභාරය වෙනස් වීම යන කාරණාව ද වඩාත් ම බලපාන්නේ රැුකියාවන්හි නියුතු ස්තී‍්‍රන්ට ය. ඇයගේ ද්විත්ව භූමිකාව නැවතත් එලෙස ම පැවතිය දී වඩාත් ඇගයෙන්නේ පිරිමින් රැුකියාවන් තුළින් තම පවුලට දේශීය ආර්ථිකය නඟා සිටුවීමට ලබා දෙන දායකත්වයය.

ආර්ථිකය ලිබරල්කරණය කිරීමේ ප‍්‍රතිඵලය මත ඇති වූ භාණ්ඩ හා සේවාවල විශාල වැඩිවීම ලාංකීය පවුල කෙරෙහි ද බලපෑ සාධකයකි. නව භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ඇති කැමැත්ත මත හා ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර වීම මත පවුලේ ආර්ථික ක‍්‍රමය ද වෙනස් විය. බොහෝ ස්තී‍්‍රන් විධිමත් රැකියා මාර්ගවලට අවතීර්ණ වූ අතර, ගෘහස්ථ කර්මාන්තාශි‍්‍රතව දෛනිකව මුදල් ඉපයීමට ද ස්තී‍්‍රන් උත්සුක වීය. එහිදී ඇය පවුලේ ආර්ථිකය ලිිහිල් කිරීමේ ප‍්‍රයත්නයට දායක වනවා සේම දේශීය ආර්ථිකය ගොඩනැඟීමේ දී වක‍්‍ර ආදායම් උපයන්නියක බවට ද පත් වේ.

එමෙන්ම ලංකාවේ ස්තී‍්‍ර ශ‍්‍රමිකයින්ගේ වර්ධනයට බල පෑ ප‍්‍රධාන හේතු කිහිපයක් ද හඳුනාගත හැකිය. එනම්,
1. ආර්ථික සාධක
2. සමාජමය සාධක
3. අධ්‍යාපන අවස්ථා පුළුල්වීම.
4. දේශපාලන සාධක වශයෙනි.

සමස්තයක් වශයෙන් මධ්‍යම පංතිකයන්, ආර්ථික සාධක හමුවේ වඩාත් පීඩනයට පත්වන පුද්ගල කණ්ඩායම වේ. එනිසා ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල හා විධිමත් හා අවිධිමත් ක්‍ෂේත‍්‍රවල රැකියා මාර්ග බොහොමයක් ස්තී‍්‍රන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය විය. ඝෘජු හා වක‍්‍ර ලෙස රජයේ ආදායම් වැඩි කිරීමට ඇයගේ රැකියාව හා එමඟින් ලබන ආදායම රාජ්‍ය ආර්ථිකයට දායකත්වය ලබා දේ.

ස්තී‍්‍රන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් වීම නිසා ඇය සමාජ තත්ත්වයන් ගොඩනඟා ගැනීම සඳහා ද විධිමත් රැකියා සඳහා යොමු වීම සිදු වේ. සංවර්ධනය සඳහා ආර්ථික දායකත්වයක් සැපයීමට හැකි මෙම ස්තී‍්‍රන් ”කාන්තාව හා සංවර්ධනය” යන ප‍්‍රවේශයේ දී වැදගත් ම භූමිකාව වේ. නව අධ්‍යාපන ක‍්‍රම සඳහා වඩාත් යොමුවීම මත මනා පුහුණුව ලැබූ සේවකයින් සහ කළමනාකරුවන් නිසා පාරම්පරික කෘෂි ආර්ථික සමාජය, කාර්මීකරණය සහ නවීකරණය වෙත පරිණාමණය වූ බව සැලකීම ‘සංවර්ධනය තුළ කාන්තාව’ WID (Women in Development)යන ප‍්‍රවේශයේ දී බලපවත්වන ප‍්‍රධාන සාධකයකි. එනිසා ම ස්තී‍්‍ර ශ‍්‍රමිකයින්ගේ වර්ධනය ඉහත කී සමාජමය සාධක හා අධ්‍යාපන අවස්ථා පුළුල්වීම මත සිදු වූවා සේ ම, ඇයගේ ශ‍්‍රම දායකත්වය රටේ දළ ජාතික අදායමේ ස්ථරයක් බවට ද පත්වීම නිතැතින් ම සිදු වේ.

ස්තී‍්‍රන්ගේ ආර්ථික සමාජ තත්ත්වය නඟා සිටුවීම සඳහා වැඩසටහන් හා ව්‍යාපෘති සංවර්ධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාතික රාජ්‍යයන් හා ස්වේච්ජා සංවිධාන දිරිමත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ ද සංවර්ධනයට ස්තී‍්‍රන් දායක කරගැනීමේ අරමුණින් ව්‍යාපෘති හා නව රැකියා අවස්ථා උදා කළ ද, ප‍්‍රතිපත්තිමය දුර්වලතා හේතුවෙන් ස්තී‍්‍රන් ඉලක්ක කරගත් බොහෝ රැකියාවන්හි ප‍්‍රගමණයක් දක්නට නොලැබේ. රටේ සංවර්ධනය පිළිබඳ නොයෙකුත් මවා පෑම් සිදු කළ ද, පොදුවේ ස්තී‍්‍ර ශ‍්‍රමිකයින්ගේ සුභ සාධන කටයුතු ද අවම මට්ටමක පවතී. එහෙත් ඇයගේ ශ‍්‍රම දායකත්වය රටේ ආර්ථිකය ගොඩනැඟීමට සුවිශේෂී වූ සම්මාදමක් ලබා දෙන බව ද සටහන් කළ යුතුය.

එඞ්නා මල්කාන්ති
ඡුායාරූප: රශ්මිනී ද සිල්වා

 

EYA 2nd Issue - 2013 Final Pg arrangements.indd

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s