ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික විකාශනය සහ සන්ධිස්ථාන

1908
ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ත‍්‍රීන් 15,000 ක් පමණ සාධාරණ වැටුප් සාධාරණ වැඩමුර සහ ජන්ද අයිතිය ඉල්ලා පෙළ ගැසීම.
1909
සමාජවාදී ප‍්‍රකාශනය අනුව ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ත‍්‍රී දිනයක් ප‍්‍රකාශයට පත්වීම/1909 පෙබරවාරි 28 වැනි දින මුල් ම කාන්තා දිනය සැමරීම.
1910
ස්ත‍්‍රීන්ට තම ඉල්ලීම් කරලියට ගෙන ආ හැකි, ලොව පුරා එක ම දිනයක සමරන ස්ත‍්‍රී දිනයක් අවශ්‍ය යැයි ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කාන්තා අංශයේ නායිකා ක්ලාරා සෙට්කින් මුල් වරට 1910 දී කෝපන්හේගන් නුවර දී යෝජනා කරන ලදී. නොයෙක් ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් රටවල් 17කින් පැමිණි ස්ත‍්‍රීන් සියයකට අධික ප‍්‍රමාණයක් පැමිණි ඉහත සම්මේලනයේ දී මෙකී යෝජනාව ඒකමතිකව සම්මත කරන ලදී. ඉන් පසු ස්ත‍්‍රීන්ගේ වැඩ කිරීමේ අයිතිය, ජන්ද අයිතිය, වෘත්තීය පුහුණුව ලැබීමේ අයිතිය, මහජන නියෝජනයේ අයිතිය සහ ස්ත‍්‍රීන්ට එරෙහි අසාධාරණයන් නවතන ලෙස ඉල්ලා ස්ත‍්‍රී දින සමරන ලදී.
1911
පළමු ස්ත‍්‍රී දිනය ලොව මුල් වරට සමරන ලද්දේ 1911 මාර්තු මස 19 වැනිදා වන අතර, ඉන් සතියක් ගත වූ පසු 1911 මාර්තු මස 25 දින නිව්යෝර්ක් නුවර කම්කරු ස්ත‍්‍රීන් 146කට මරු කැඳවූ සහ 71 දෙනෙකු බරපතල අනතුරුවලට ලක්කල ඇඟළුම් කර්මාන්ත ශාලා ගින්න කම්කරු ස්ත‍්‍රීන්ගේ වැඩ කරන තත්ත්වයන් සහ නීති ගැන අවධානය යොමු කරවන්නක් විය. කම්කරු ස්ත‍්‍රීන් පැය 14 කට වඩා වැඩ කරමින් සුරා කෑමකට ලක් වූ අතර ඔවුන් නියමිත වේලාවට පෙර පිටවනු වැළැක්වීම පිණිස කර්මාන්ත ශාලා අයිතිකරුවන් පිට වන දොරටු අගුළු ලෑම නිසා බිමට පැනීමෙන් සහ සිරවීමෙන් මරණ සහ බරපතල අනතුරුවලට ලක්වීම සිදු විය. මෙකී සිද්ධිය නිසා හානිදායක තත්ත්වයන් යටතේ වැඩ කරන ස්ත‍්‍රීන්ගේ අයිතීන් ආරක්ෂා කරනු පිණිස නීති ද ස්ත‍්‍රී වෘත්තිය සමිති ද ඇති කරන ලදී.
1913
පළමු ලෝක යුද්ධ කාල සීමාව තුළ ස්ත‍්‍රීන් සාමය වෙනුවෙන් පෙළ ගැසුණු අතර, ස්ත‍්‍රී දිනය ලෝකය පුරා මාර්තු 8 වැනිදා සැමරිය යුතු යයි තිරණය විය.

1919
1919 අංක 3 දරණ මාතෘත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ සම්මුතිය දරු ප‍්‍රසුතියට පෙර සහ පසු නිවාඩු ලබා ගැනීම, වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීම හා මාතෘ නිවාඩු කාලයේ දී ආදායම එලෙස ම ලැබීම සහතික කරන ලද අතර මෙම සම්මුතිය බලාත්මක වූයේ 1921 ජුනි 13 වැනිදාය.
1931
ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන් සර්ව ජන ඡුන්ද බලය භුක්ති විදීම හා ඇඞ්ලින් මොලමුරේ ප‍්‍රථම කාන්තා මන්ත‍්‍රීවරිය බවට පත්වීම.
1935
1935 අංක 45 දරණ පොළොව යට පිහිටි පතල් කටයුතු හා ස්ත‍්‍රීන් සම්බන්ධ සම්මුතිය මගින් කිසි ම වයස් මට්ටමක ස්තී‍්‍රන් පතල්වල සේවය කිරීම නොකළ යුතුය යන්නත් පතල් තුළ දී ආරක්ෂාව සහ සෞඛ්‍යය යන කාරණාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය යන්නත් අවධාරණය කරන ලදී. මෙම සම්මුතිය බලාත්මක වූයේ 1937 මැයි 30 වැනිදාය.
1945
ස්ත‍්‍රීන් පිළිබද විශේෂ අවධානයක් ලබා දීම සම්බන්ධයෙන් ඉල්ලීම් කිරීමට සැන් ප‍්‍රැන්සිස්කෝහි දී පැවැති එක්සත් ජාතීන්ගේ පළමු සුමුළුවට ස්ත‍්‍රීන් නියෝජනය කරනු ලැබීය. මෙකී බලපෑම් අනුව ආර්ථික හා සමාජ කවුන්සිලය ස්ත‍්‍රී අයිතිය සම්බන්ධයෙන් උප කොමිෂන් සභාවක් මානව අයිතිවාසිකම් කොමිෂන් සභාවට එක් කොට පිහිටුවන ලදී.
1946
ස්ත‍්‍රීන්ගේ තත්ත්වය නගා සිටුවීම පිළිබද එක්සත් ජාතීන්ගේ කොමිසම පිහිටුවන ලදී.
1948
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත වන ලදී.
1948
1948 අංක 89 දරණ ස්ත‍්‍රීන් හා රාතී‍්‍ර වැඩ සම්බන්ධ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය රාතී‍්‍ර කාලයේ වැඩ කිරීමේ දී සෞඛ්‍ය ආරක්ෂාව, මාතෘත්ව ආරක්ෂාව, සමාජ සේවාවන් හා අමතර වන්දි ගෙවීම ඇතුළත් නිශ්චිත කි‍්‍රයාමාර්ගයන් ගත යුතුයි යන පදනමෙන් සම්මත කරන ලද අතර 1951 පෙබරවාරි මස 27 වනදා බලාත්මක විය.
1949
තැනැත්තන් වෙළදාම, තැනැත්තන් ගණිකා වෘත්තිය සදහා යෙදවීම මැඩලීම සඳහා වූ සම්මුතිය 1949 දෙසැම්බර් මස 02 වැනි දින එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද අතර 1951 ජූලි මස 25 වැනි දින බලාත්මක විය.
1950
1948 (අංක 87 දරණ* සමාගමයේ සහ සංවිධානය වීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීමේ සම්මුතිය 1950 දී බලාත්මක විය.
1951
– මිල හා වේතනයේ ස්වභාවය සේවකයාගේ ලිංග භේදය පදනම් කොට ගෙන සිදු නොවිය යුතු බව හා ඉටු කරන ලද වැඩ කොටස මත තීරණය කළ යුතු බව තහවුරු කරමින් 1951 අංක 100 දරණ සමාන වේතනය පිළිබද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය 1951 ජුනි 29  වැනි දින කරලියට පැමිණි අතර 1953 මැයි 23 බලාත්මක විය.
– ජන සමූල ඝාතන අපරාධ වැළැක්වීමේ හා දඬුවම් කිරීමේ සම්මුතිය 1951 ජනවාරි 12 වැනිදා බලාත්මක විය.
– අංක 98 දරණ සංවිධානය වීමේ සහ සාමූහික කේවල් කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 1951 ජුලි 18 වැනි දින බලාත්මක විය.
1954
– එක්සත් ජාතීන්ගේ ස්ත‍්‍රී දේශපාලන අයිතිය පිළිබද සම්මුතිය 1954 ජුලි 07 වැනි දින බලාත්මක විය.
– සරණාගතයන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් වන සම්මුතිය 1954 අපේ‍්‍රල් 23 දා බලාත්මක විය.
1957
එක්සත් ජාතීන් විසින් 1957 ජනවාරි මස 29 වන දින විවාහක ස්ත‍්‍රීන්ගේ ජාතිකත්වය සම්බන්ධ සම්මුතිය සම්මත කරන ලද අතර ‘විවාහය භාර්යාවගේ ජාතිකත්වයට ඉබේ ම නොබලපායි’ යන්න තහවුරු කරන ලදී. 1958 අගෝස්තු 11 වන දින මෙය බලාත්මක බවට පත් විය.
1959
1957 අංක 105 දරණ බලහත්කාරයෙන් ශ‍්‍රමය ලබා ගැනීම පිටුදැකීමේ සම්මුතිය 1959 ජනවාරි 17 වැනි දා බලාත්මක විය.
1960
– ඩොමිනිකන් රාජ්‍යයේ ආඥාදායක ට‍්‍රජිලෝ විසින් ඝාතනය කරන ලද මිරාබල් සොහොයුරියන් වෙනුවෙන් 1960 නොවැම්බර් මස 25 වැනි දිනය ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැැකීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් නම් කරන ලදී.
-1958 අංක 111 දරණ රැුකියා සහ වෘත්තීය වෙනස් කොට සැලකීම දුරු කිරීමේ සම්මුතිය 1960 ජුනි 15 දී බලාත්මක විය.
– ස්ත‍්‍රියක් දේශපාලන රාමුවේ ඉහළ ම බල ව්‍යුහය නියෝජනය කරමින් ලොව පළමු කාන්තා අගමැතිනිය ශ‍්‍රී ලංකාවෙන් බිහිවීම ද 1960 දී සිදුවිය.
1962
– විවාහයට කැමැත්ත දීමේ, විවාහ වීමේ සහ විවාහය ලියාපදිංචි කිරීමේ අවම වයස් සීමාව සම්මුතිය 1962 සම්මත වූ අතර 1964 සිට බලාත්මක විය.
– අධ්‍යාපනයේ දී වෙනස් කොට සැලකීමට එරෙහි සම්මුතිය 1962 මැයි 22 බලාත්මක විය.
1966
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හා ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්මත විය.
1969
සියලූ වර්ගවාදී වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක විය.
1975
ජාත්‍යන්තර ස්ත‍්‍රී දශකය ප‍්‍රකාශයට පත්වීම සහ ස්ත‍්‍රීන් පිළිබඳ පළමු ලෝක සම්මේලනය 1975 දී මෙක්සිකෝහි දී පැවැත්වීම.
1976
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ එහි වෛකල්පික ගිවිසුම 1976 මාර්තු 23 බලාත්මක වීම.
1975 -1985
සාමය, සමානාත්මතාවය සහ සංවර්ධනය වෙනුවෙන් වූ ජාත්‍යන්තර ස්ත‍්‍රී දශකය.
1978
ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීම හා සමානතා වගන්තියක් සහිතව, 12(2* වගන්තිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වීම.
1979
ස්ත‍්‍රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුුරන් කිරීමේ සම්මුතිය සම්මත කිරීම.
1980
සමානාත්මතාවය, සංවර්ධනය සහ සාමය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ස්ත‍්‍රී දශකය පිළිබඳ ලෝක සම්මේලනය කෝපන්හේගන්හි දී – 1980 (ජූලි 14-30* දී පැවැත්වීම. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හා ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය 1980 ජුනි 11 වැනි දින ශ‍්‍රී ලංකාව විසින් පිළිගැනීම.
1981
– ස්ත‍්‍රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුුරන් කිරීමේ සම්මුතිය බලාත්මක කිරීම.
– ස්ත‍්‍රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුුරන් කිරීමේ සම්මුතියට ශ‍්‍රී ලංකාව 1980 ජුලි මස 17 වනදා අත්සන් කිරීම හා 1981 ඔක්තෝබර් 05 වැනි දින බලාත්මක කිරීම.
1983
1981 අංක 156 දරණ පවුල් වගකීම් සහිත සේවකයන්ගේ සම්මුතිය  1983 අගෝස්තු 11 දින බලාත්මක වීම.
1985
ස්ත‍්‍රීන් පිළිබඳ තෙවන ලෝක  සම්මේලනය නයිරෝබිහි දී පවැත්වීම.
1985 ජූලි 15-26 දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර පවත්වන ලද ස්ත‍්‍රීන් පිළිබඳ තුන්වන ලෝක සමුළුවේ දී ස්ත‍්‍රීන්ගේ අභිවෘද්ධිය සඳහා වන නයිරෝබි ඉදිරි ක‍්‍රමෝපායයන් ස්ථීර කිරීම.
1987
වධහිංසා, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හා දඬුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය 1987 දී බලාත්මක වීම.
1989
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 1989 සම්මත වීම හා 1990 සැප්තැම්බර් 2 වැනි දින දී බලාත්මක වීම.
1990
සියලූ සංක‍්‍රමණික සේවකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබද ජාත්‍යන්තර සම්මුතිය ඇතිවීම.
1992
පරිසරය හා සංවර්ධනය පිළිබද ජාත්‍යන්තර සමුළුව පැවැත්වීම.
1993
– අංක 19 දරණ ස්ත‍්‍රී හිංසනය පිටුදැකීමේ සිඩෝ පොදු නිර්දේශ බලාත්මක වීම.
– වියනා ප‍්‍රකාශනය සහ ක‍්‍රියාත්මක වැඩ සටහන 1993 වියනාහි පැවති මානව අයිතිවාසිකම් පිළිබඳ ලෝක සම්මේලනයේ දී (ජූනි 14 – 25* ස්ථීර කිරීම.
– ශ‍්‍රී ලංකා රජය විසින් ස්ත‍්‍රී ප‍්‍රඥප්තිය සම්මත කිරීම.
1994
– ස්ත‍්‍රීන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු ප‍්‍රථම වතාවට පත් කිරීම.
– ජනගහනය හා සංවර්ධනය පිළිබද 1994 කයිරෝ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීම.
– චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කාන්තා විධායක ජනාධිපති ධූරයට පත්වීම.
1995
– ස්ත‍්‍රීන් පිළිබඳ හතරවැනි ලෝක සම්මේලනය
– බීජිං ප‍්‍රකාශය හා ක‍්‍රියාකාරකම් වේදිකාව සම්මත කර ගන්නා ලද්දේ 1995 වසරේ සැප්තැම්බර් 15 වැනි දින බීජිං නුවර දී පැවැති සමානාත්මතාවය සංවර්ධනය හා සාමය සඳහා සිව්වන ලෝක ස්ත‍්‍රී සම්මේලනයේ දීය.
– දණ්ඩ නීති සංග‍්‍රහයේ (සංශෝධිත* 1995 අංක 22 දරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම හා එමගින් ස්ත‍්‍රී දූෂණ වරදක දී කැමැත්ත දිය හැකි වයස් සීමාව අවුරුදු දොළහේ (12* සිට අවුරුදු දහසය (16* දක්වා ඉහළ නංවන ලදී.
1996
සියලූම සංක‍්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරුකීමේ ජාත්‍යන්තර සම්මුතිය 1996 පෙබරවාර 11 වැනි දින ශ‍්‍රී ලංකාව විසින් පිළි ගැනීම.
1999
ස්ත‍්‍රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුුරන් කිරීමේ සම්මුතියේ වෛකල්පික ගිවිසුම එක්සත් ජාතීන් විසින් දෙසැම්බර් මස කෙටුම්පත් කිරීම.
2000
– ස්ත‍්‍රීය, සාමය හා ආරක්ෂාව පිළිබද එක්සත් ජාතීන්ගේ 1325 ආරක්ෂක මණ්ඩල යෝජනාව 2000 වර්ෂයේ ඔක්තෝබර් 31 වන දින ස්ථිර කරන ලදී. එක්සත් ජාතීන්ගේ 1325 ආරක්ෂක මණ්ඩල යෝජනාව අනුව, යුද ගැටුම් තත්ත්වයන් තුළ ස්ත‍්‍රීන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව කරන ලිංගික හා අනෙකුත් ප‍්‍රචණ්ඩතා ද මනුෂ්‍යත්වයට එරෙහිව කරන අපරාධ ඝණයට නම් කෙරුණි.
– ස්ත‍්‍රී සංක‍්‍රමණික සේවකයන්ට එරෙහි හිංසනය පිළිබඳ සම්මුතිය මහා මණ්ඩලය විසින් සම්මත කිරීම.
– අංක 182 දරුණු ආකාරයේ ළමා ශ‍්‍රමය පිටු දැකීම පිළිබඳ සම්මුතිය බලාත්මක වීම.
2002
– ස්ත‍්‍රීන් හා ළමුන් ලිංගික සේවනයේ හා කුට්ටනයේ යෙදවීම තහනම් කරන දකුණු ආසියානු සහයෝගිතා කලාපීය සාක් සම්මුතිය සම්මත වීම.
– ළමුන් වෙළඳාම හා ළමයින් ලිංගික සේවනයේ හා අපචාරවල යෙදවීම තහනම් කරන ළමා අයිතිවාසිකම් සම්මුතියේ අතිරේක ගිවිසුම් බලාත්මක කිරීම.
– අංක 183 දරණ (සංශෝධිත* ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මාතෘත්වය
සුරැකීමේ සම්මුතිය 2002 දී බලාත්මක වීම.
– ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ රෝම ව්‍යවස්ථාව 2002 දී බලාත්මක වීම.
– ස්ත‍්‍රීන්ට එරෙහි සියලූම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතියේ වෛකල්පික ගිවිසුම ශ‍්‍රී ලංකාව විසින් ස්ථිර කිරීම.
2003
– සියලූ ම සංක‍්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම්
සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක වීම.
– පුද්ගලයන්, විශේෂයෙන් ම ස්ත‍්‍රීන් සහ ළමුන් කුට්ටනය කිරීම වැළැක්වීම සහ දඬුවම් කිරීම පිළිබඳ සම්මුතිය බලාත්මක වීම.
2005
2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම.
2006
– අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 2006 මැයි 3 වැනි දා බලාත්මක වීම.
– වධහිංසා, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හා දඬුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෛකල්පික සම්මුතිය බලාත්මක වීම.
2008
සිවිල් ජනයාට එරෙහි ලිංගික ප‍්‍රචණ්ඩතාවයන්ට අදාල සියලූ කි‍්‍රයාවන්හි නියැලීම සන්නද්ධ ගැටුම්වලට අදාළ සියලූ පාර්ශවකරුවන් විසින් වහාම, සම්පූර්ණයෙන් වැළකිය යුතු බව එයින් නියම කරමින්, අංක 1820 දරණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රෙගුලාසිය 2008 ජුනි 19 දින ස්ථිර කිරීම.
2009
යුද ගැටුම්වල දී ස්ත‍්‍රීන් සහ ගැහැණු දරුවන් ලිංගික හිංසනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන අංක 1888 දරන ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව ද, සාමය ගොඩ නැගීමේ ක‍්‍රියාවලිය හා සාම සාධක හමුදා තුළ ස්ත‍්‍රී නිලධාරීන් ප‍්‍රමාණය වැඩි කිරීම ඇතුලූ සාමය ස්ත‍්‍රිය හා ආරක්ෂාව සම්බන්ධයෙන් අධික්ෂණ ක‍්‍රමවේදයක් ඇති කිිරීමට 1889 දරණ ආරක්ෂක මණ්ඩලයේ යෝජනව ද ස්ථිර කිරීම.
2010
යුද ගැටුම්වල දී ස්ත‍්‍රීන් සහ ගැහැණු දරුවන් ලිංගික හිංසනයට ලක්වීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ න්‍යාය පත‍්‍රය තුළට අධික්ෂණය, විශ්ලේෂණය, වාර්තාකරණය කිිරීම සඳහා යාන්ත‍්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් අංක 1960 දරණ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතය 2010 දී ස්ථිර කර ගැනීම.
2011
ලංකාවේ ප‍්‍රථම කාන්තා අග‍්‍රවිනිශ්චකාරවරිය වශයෙන් ශිරාණි බණ්ඩාරනායක පත් කිරීම. ලංකාවේ ප‍්‍රථම කාන්තා නීතිපතිවරිය පත් කිරීම.
2013
යුද ගැටුම්වල දී ස්ත‍්‍රීන් සහ ගැහැණු දරුවන් ලිංගික හිංසනයට ලක් කරන, චුදිතයන්හට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් වගවීම සහ ස්ත‍්‍රීන්ගේ ආර්ථික දේශපාලන බලාභිවර්ධනය ගැන අවධාරණය කරන 2106 දරණ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතය 2013 දී ස්ථිර කිරීම.
නීතිඥ ශාමිලා දළුවත්ත
ඡුායාරූප: අන්තර්ජාලයෙනි
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s